ගම්පහට පිරිසිදු ජලය තිබෙන්නේ 3% ක් පමණයි! අනතුර අතලගට // විශේෂ හෙලිදරව්ව

ගම්පහ ජලය භාවිතයේදී ජනතාව සැළකිලිමත් වන්න ජල සම්පාදන මණ්ඩලය කියයි

මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින දැඩි උෂ්ණත්වය නිසා මතුපිට ජන මුලාශ්‍ර සීග්‍රයෙන් සිදෙමින් ඇත මාස අටකට ආසන්න කාලයක් ගම්පහ ප්‍රදේශයට දැඩි වර්ෂා පතනයක් ඇති වන ලදී එහෙත් පසුගියදා ජලසම්පාදන මණ්ඩලය සදහන් කලේ දැඩි වියළි කාලගුණය නිසා ගම්පහ දිස්ත්‍රිකයේ ජනතාව ජලය පිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස දැනුම් දෙන ලදී ගම්පහ දිස්ත්‍රික්කය මෙරට වැඩිම ජනගහනයක් ජීවත්වන දිස්ත්‍රික්කයයි එම දිස්ත්‍රික්කයේ ස්වභාවික ජල මුලාශ්‍ර බහුතරයක් ජනගහනය සීග්‍රයෙන් ප්‍රසාරණය වීම නිසා සහ විවිධ කරමාන්ත ශාලා සහ කර්මාන්ත පුර හතරක් ක්‍රියාත්මක එකම දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රිකය වෙති

මෙම දිස්ත්‍රික්කය මාධ්‍යයෙන් ගලා බසින අත්තනගලු ඔය හැරුනුකොට වෙනත් කිසිදු ස්වභාවික ජල පහරක් දිස්ත්‍රික්කයේ මධ්‍යයේ නොමැත මා ඔය සහ කැළණි ගග දිස්ත්‍රික්කයෙන් ගලා ගියද එම ජල ධහරාව ගලායන්නේ දිස්ත්‍රික්කයේ ට මායිම්වය අත්තනගලු ඔය ඔයවල් පහකින් පෝෂණය වුවද ගම්පහ නගරය පසුවනාවත් සමග අත්තනගලු ඔය දඩුගම් ඔයට වැටෙන තැන සිට ජලය සම්පුර්නයෙන්ම දුෂණය කර ඇත.

ඒ සදහා ඒකල කර්මාන්ත පුරය, මිනුවන්ගොඩ සීමාවේ කොටුගොඩ ඇති කර්මාන්ත ශාලා, රද්දොළුගම නිවාස සංකීර්ණය කටුනායක වෙළද කලාපය කටුනායක ගුවන්තොටුපල ආඩිඅම්බලම සීදුව ජා ඇල ප්‍රදේශවලදී කර්මාන්ත ශාලා සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලය සම්පුරණයෙන් දුෂණය කර ඇත වසර 30 අතීතයක දිවෙන ආයෝජන කලාප තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ලැබූ ප්‍රතිලාබය මෙයයි සුළුතරයක් පිරිසගේ මඩිය තරවෙද්දී බහුතරයක් මිනිසුන් අසරණ කරන්නට ආයෝජන කලාප සමත්ව ඇත එම ආයෝජන කලාප සහ එම කලාප ආශ්‍රිතව නිරමනයවී ඇති උප සංකෘතිය මේ සදහා විශාල වශයෙන් දායකවී ඇත.

දිනෙන් දින ගම්පහ දිස්ත්‍රික්කයේ ස්භාවික ජලය හිගවීම තුල දැනට මිනිස් පරිබෝජනයට හිතැති ජල ප්‍රමණය 3% බව සොයාගෙන ඇත ජනගහනය සීග්‍රයෙන් වැඩිවීමේ පසුබිමක අනාගත ජල පරිබෝජනය වැඩිවනු ඇත එහි අනතුර මීට වසර ගණනක සිට පරිසර වේදීන් පෙන්වා දෙන ලදී එවැන්නක් කනකට නොගත් බලධාරීන් නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අවසානයේ ගම්පහ ජනතාවට සති තුනක නියගයක් අවසානයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස දැනුම් දීමට සිදුව ඇත මහපොලව නුහුලන පරිසර පද්ධති විනාශයේ ප්‍රතිවිපාක මෙය නොවේද ගම්පහ මිනිසුන් තේරුම්ගත යුතු අවම සත්‍ය තේරුම් නොගෙන පුද්ගලික වාසි මත ජීවත්වීම තුල එහි අවසන් ප්‍රතිපලය ගම්පහ ජනතාවටම අත්විදීමට සිදුවීම කණගාටු දායකය

මස අටක වැසි සාමය අවසන් ව මාසයකට අසන්න කාලයක් පැවති වියලි ගම්පහ දිස්ත්‍රික්කයේ මතුපිට ජල මුලාශ්‍ර 90% සිදීගොස් ඇත තවත් මාසයක් පවතින වියලි කාලගුණය පැවතුනහොත් මතුපිට සියලු ජලය සිදී යනු ඇත එවිට ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට ජල හිගයකට මුහුණ දීමට සිදුවනු ඇත මීට වසර දෙකකට පෙරද තත්වයක් ඇතිවන ඇලදී මෙයට විසදුමක් වශයෙන් අතිවිශාල මුදලක් කොමිස් ගසා 2014 වසරේදී කරස්නාගල ජල ව්‍යාප්තිය ආරම්භ කරන ලදී එම ව්‍යාප්තිය ආරම්භ කිරීමටත් පෙර එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රධානියා විසින් තමන්ගේ කොමිස් කුට්ටිය සාක්කුවේ දමාගන්නා ලදී

අනතුරුව බලයට පැමිණි රජය විසින් නැවත එම ව්‍යාප්තිය ක්‍රියාවට නැංවීම සදහා තවත් විශාල මුදලක් වැයකරන ලදී එමගින් ජලය සැපයීමට නොහැකි වුවද අදාල කරස්නාගල ජල ව්‍යාප්තියේ 60% වැඩ නිමකිරීමට සමත්වන ලදී තවත් වසරක් පමණ යනවිට ගම්පහට ජල පිලියමක් ලැබෙතැයි බලධාරීන් විශ්වාස කලද ජනගහන ප්‍රවර්ධනය සහ දැනට භාවිත කරන ජාල මුලාශ්‍ර සීග්‍රයෙන් අහිමි වීම තුල ගම්පහ ජනතාවගේ ජල අවශ්‍යතාවය එමගින් සම්පුර්ණ කිරීමට හැකිද යන්න ගැටලුවකි. පවතින පරිසර විනාශය තුල ගම්පහට කරස්නාගල ජල ව්‍යාප්තිය පමණක් නොව මහා මුහුද හැරවීමද කල යුතු බව තතු දන්නනා ය කියති ජලය මිනිසාගේ අත්‍යවශ්‍ය ද්‍රවයකි එය රක ගැනීමට මිනිසාම පෙරට පැමිණිය යුතුමය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *