ඉඩෝරයට සරිලන වී ප්‍රබේද දෙකක් මෙරට පර්යේෂකයන් සොයාගනී

බෝඹුවලින් සහ බතලගොඩින් සාර්ථක පර්යේෂණයක්

ප‍්‍රභේදනිර්දේශ කිරීමේ කමිටු රැස්වීමට පසුගියදා ඉදිරිපත් කළ බෝග ප‍්‍රභේද අතරබෝඹුවල ප‍්‍රාදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ බතලගොඩ වීපර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් ඉදිරිපත් කළ නව වී ප‍්‍රභේද දෙකක් විය.බෝඹුවලින් ඉදිරිපත් කෙරුවේ මාස තුන වයස් කාණ්ඩයට අයත් වී ප‍්‍රභේදයකි. එයනම්කර තිබුනේ BW 312 වශයෙන්ය.

ඉඩෝරකාල පහසුවෙන් මගහැරීම සඳහාත්, හදිසියේ උදාවෙන අහිතකර කාලගුණික තත්වයන්ගේබලපෑම අවම කර ගැනීම උදෙසාත්, කෙටි කාලීන වී ප‍්‍රභේදයන්ට ගොවීන්ගෙන් ඇත්තේඉහළ ඉල්ලූමකි. හරියටම දින 90 කින් අස්වැන්න ලබාගැනීමේ හැකියාව නිසා Bw 312 ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වියහැකිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරන ලද වී ප‍්‍රභේද අතරින් මාසතුන වයස් කාණ්ඩයට අයත් රතු සහල් ඇති වී වර්ග ඇත්තේ තුනක් පමණය. ඒවාBw 272/6b, At 303, At 311 ලෙස නම්කර ඇති අතර අලූතින් නිර්දේශ කරන ලද මෙම රතුඇට සහිත දිග සහල් වර්ගය, At 303 නමැති වී ප‍්‍රභේදයට හැඩරුව අතින් බොහෝදුරටසමානකමක් පෙන්වයි. කෙසේවෙතත් මීට වසර 30 කට ඉහතදී නිර්දේශ කරන ලද එම වීප‍්‍රභේදයට ගොවීන් අතර එතරම් පිළිගැනීමක් නොලැබුණේ ගොයම් ඇදවැටීමට හා රෝගහා පළිබෝධකයින්ට වැඩි වැඩියෙන් ගොදුරුවීම හේතුවෙනි.

ඉඩෝර කාල පහසුවෙන් මගහැරීම සඳහාත්, හදිසියේ උදාවෙන අහිතකර කාලගුණිකතත්වයන්ගේ බලපෑම අවම කර ගැනීම උදෙසාත්, කෙටි කාලීන වී ප‍්‍රභේදයන්ටගොවීන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලූමකි. හරියටම දින 90 කින් අස්වැන්න ලබාගැනීමේහැකියාව නිසා Bw 312 ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැයිබලාපොරොත්තු විය හැකිය. නිර්දේශ කිරීමේ කමිටුව වෙත නව ප‍්‍රභේදයහඳුන්වාදුන් බෝඹුවල වී පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපිකා වීරසිංහමහත්මිය එම ප‍්‍රභේදය පෙන්වන තවත් කැපී පෙනෙන ලක්ෂණ කීපයක් ද හඳුන්වාදුන්නාය.

”නව වී වර්ගයේ කරල්හොඳට පිරිලා තිබෙනවා. බෝල් ඇට නැති තරම්. 97්‍%ක් ම තියෙන්නේ පිරුණු ඇට.පරීක්ෂාකළ සියලූම ස්ථානවල ගොයමේ ඇදවැටීමක් වාර්තා උනේ නෑ. එය යාන්ත‍්‍රිකවඅස්වැන්න නෙළීමට පහසුවක්. ශාකයේ උස අඩුයි. වේගයෙන් පත‍්‍ර නිපදවලා පොළොවවසාගන්නා නිසා මේ මාදිලිය වල් වර්ග වලට හොඳ තරඟයක් දෙන බව පෙනෙනවා. ගොවික්ෂේත‍්‍ර වල කෙරුණු ආදර්ශන වලදී ගොවීන් විසිනුත් එය නිරීක්ෂණය කරලාතිබුනා. තෙත් කලාපය තුළදී නිපදවුවත් තෙත්, වියළි කලාප දෙකේම මෙය හොඳටවැවෙනවා. මීට අමතරව මෙම නව ප‍්‍රභේදය යකඩ විෂවීමේ තත්වයට ද හොදින් ඔරොත්තුදෙනවා”

නව ප‍්‍රභේදය අස්වැන්න අතිනුත් දිගු වයස්කාණ්ඩ ප‍්‍රභේදයන්ට නොදෙවෙනිකුසලතාවයන් ප‍්‍රදර්ශනය කර තිබේ. 2015/16 මහ කන්නයේදී පැවැත්වූ ජාතිකසම්බන්ධීකරණ වී ආදර්ශනයන් අතරදී මුරුන්කන් පර්යේෂණ ස්ථානයේ ආදර්ශනයෙන්හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 9.0 ක උපරිම අස්වැන්නක් ලබාදී තිබෙන අතර ගොවික්ෂේත‍්‍ර තුළදී සාමාන්‍ය අස්වැන්න ලෙස තෙත් කලාපය සඳහා 4.89 ක්ද වියළිකලාපයට 4.92 ක්ද වාර්තා කර ඇත.

වී බුසලක සාමාන්‍ය බරද අනෙක් වී වර්ග වලට වඩා වැඩිබව පෙනේ. සහලේගුණාත්මක ගතිගුණ ගැන සඳහන් කරන දීපිකා වීරසිංහ මහත්මිය පවසන්නේ පිසින ලදරතු හාලේ බත මනා රසයකින් යුක්තවෙනවා මෙන්ම වැඩි වේලාවක් නැවුම්ව තබාගැනීමේහැකියාවක් ද සහිත බවයි. මීට අමතරව මෙම සහලෙන් කරන ලද සහල් ආශ‍්‍රිතනිෂ්පාදන කෙරෙහි ද ජනතාවගේ වැඩි පිළිගැනීමක් ඇතිබව ද ඇය සදහන් කළාය.

”දැනට මේ ප‍්‍රභේදයනිර්දේශ කරලා අවසන් වුවත් බිත්තර වී වශයෙන් දෙපාර්තෙමේන්තුව හරහා ගොවීනටලබාදෙන්න තව වගා කන්නයක් පසුකරන්න වෙනවා. ඊට පෙර අපිට පුළුවන් අත්හදාබලන්නත්, සුළු ප‍්‍රමාණයකින් ගුණනය කරගන්නත් ගොවීන්ට සාම්පලයක් ලබා දෙන්න.කිලෝවක වගේ වී ප‍්‍රමාණයක් අපේ පර්යේෂණායතනයෙන් ලබන යල කන්නය ආරම්භවෙන කොටනිකුත් කරන්නයි බලාපොරොත්තුව” ඇය අවසාන වශයෙන් පවසා සිටියාය.

අනෙක් වී ප‍්‍රභේදය මාස හතරේ වයස් කාණ්ඩයට අයත් වූවෙකි. එය හඳුන්වාදුන්බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)නිල්මිණි සේනානායක මහත්මිය තම නව ප‍්‍රභේදය සඳහා යෝජනා කෙරුවේ Bg 409 යනසංකේත නාමයයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට නිර්දේශ කර ඇති මාසහතරේ වයස් කාණ්ඩයේ ප‍්‍රභේද ලාංකික කුඹුරු 4% – 6්% ක් පමණ ප‍්‍රමාණයක්පුරවා සිටී. මීට කලින් මාස හතරේ වයස් කාණ්ඩයේ වී ප‍්‍රභේද කීපයක්ම නිර්දේශකර තිබුනද, දැනට ගොවීන් අතර භාවිතාවේ ඇත්තේ ප‍්‍රධාන වශයෙන් Bg 403 යන වීප‍්‍රභේදයයි. එයද නිර්දේශ කර දැනට දශක තුනක් පමණ ගතවී ඇත.

වෙනත් අභිජනන වැඩසටහන් වල සේම වැඩි අස්වැන්න, සහලේ ගුණාත්මකභාවය, රෝග හාපළිබෝධක හානි දරා සිටීමේ හැකියාව හා අනේකවිධි පරිසර තත්වයන් තරණය කිරීමටඇති සමත්කම වැනි ඉලක්කයන් අරමුණු කරගෙන මීට පාදකවූ අභිජනන වැඩසටහන ආරම්භ කරඇත්තේ කලකට ඉහතදී බතලගොඩ සේවය කළ එල්.එස්. සිල්වා සහ තුෂාර අබේවික‍්‍රම යනපර්යේෂකයින් විසින්ය. පසුගිය අට වසර පුරා එම වැඩසටහන මෙහෙයවනු ලැබූ සහකාරකෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) නිල්මිණි සේනානායක මහත්මිය පවසන්නේ වී වල බරවැඩි නිසා දැනටමත් ගොවීන් අතර මෙම නව ප‍්‍රභේදය උදෙසා දැඩි කැමැත්තක්ගොඩනැගී ඇති බවයි.

බෝඹුවල පර්යේෂණායතයෙන් දිග ඇට සහිත රතු සහලේ වී මාදිලියක් නිදහස් වනවිට මෙතැන ඉදිරිපත් වී ඇත්තේ සුදු දිග වී ප‍්‍රභේදයකි.

අනෙක් වී ප‍්‍රභේදය මාස හතරේ වයස් කාණ්ඩයට අයත් වූවෙකි. එය හඳුන්වාදුන්බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)නිල්මිණි සේනානායක මහත්මිය තම නව ප‍්‍රභේදය සඳහා යෝජනා කෙරුවේ Bg 409 යනසංකේත නාමයයි.

”අපගේ ප‍්‍රධානඅරමුණ වූයේ වැඩි අස්වැන්න දෙන ප‍්‍රභේදයක් බිහිකිරීමයි. ගොවි ක්ෂේත‍්‍ර වලකෙරුණු මූලික අත්හදා බැලීම් තුළදීත් හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් 5.5 කටඑහා ගිය ප‍්‍රතිඵල අපි නිතරම ලැබුවා’ කෘෂි විද්‍යාඥ නිල්මිණි මහත්මිය පවසාසිටී.

දුඹුරු පැළ කීඩෑවා මේ වනවිට නොයන පළාතක් නැති තරම්ය. මෙම නව ප‍්‍රභේදයවගාකළ ගොවි මහතුන් ප‍්‍රකාශ කරන්නේ දුඹුරු පැළ කීඩෑ හානිය තදින් පැතිරෙනකුඹුරු වල වුවත්, මේ ප‍්‍රභේදයේ දක්නට ලැබෙන කීඩෑ පිළිස්සුම එතරම් දරුණුනොවන බවයි. යම් ඔරොත්තුදීමක් ඒ හරහා පෙන්නුම් කරනවා යයි සිතිය හැකිය. නවප‍්‍රභේදය ඉතා හොඳින් ඇදවැටීමට ඔරොත්තු දෙන නිසා යාන්ත‍්‍රික අස්වැන්නනෙළීම පහසු කරනවා සේම, හැල් කුඹුරුවල ගොයම් ස්ථාපනයේදී ද, එය පරිසර තත්වයන්ජයගන්නා ලක්ෂණයක් වේ.

”අප බතලගොඩදීකැකුළු සහ තැම්බූ සහල් වශයෙන් අරගෙන ඒවා පිස, සමීක්ෂණයක් සිදුකෙරුවාපුද්ගලයින් 30 ක නියැදියකින්. සහල් වර්ගයේ භේදයකින් තොරව ඒ හැම දෙනාම මේ නවප‍්‍රභේදය කෙරෙහි මනාපය පළකර තිබීමෙන් පැහැදිලි වෙනවා හොඳ පාර්භෝජකප‍්‍රතිචාරයක් තිබෙන බව”

පිසූ සහලේ ගතිගුණ හා රුචිකත්වය එසේ විස්තර කරන නිල්මිණි මහත්මිය පවසාසිටින්නේ ඉදිරි වගා කන්නය තුළ ගොවීනට සාම්පල වශයෙන් ලබාදීම සඳහා යම් බීජප‍්‍රමාණයක් බතලගොඩ ආයතනය හරහා නිකුත් කිරීමට ද හැකියාව ඇති බවයි.

පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

තාක්‍ෂණික කරුණු:දීපිකා වීරසිංහ – නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පර්යේෂණ, ප‍්‍රදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බෝඹුවල නිල්මිණී සේනානායක – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ, වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *