සාලිස් වසරක මාධ්‍ය මෙහෙවරින් දිවිමගට සමුදුන් අරණායක තිලකරත්න

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

මව්බිම පුවත් පතේ ප්‍රවීන මාධ්‍යවේදි අරණායක රහල තිලකරත්න මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ ( 19 ) මාවනැල්ල මහ රෝහලේදි අභාප්‍රප්ත විය.

සිව් දරු පියෙකු වන ඒ මහතා මිය යන විට වයස අවුරුදු 70 කි. මිය යන තෙක් ඒ මහතා පදිංචි වි සිටියේ අරණායක රහල නැගෙනහිර ගම්මානයේය. 1949 ජනවාරි 31 වැනිදා මෙලොව ජන්ම ලාභය ලබා ඇති මිය ගිය අප මාධ්‍යවේදි තිලකරත්න මහතා මුලික අධ්‍යාපනය අරණායක උස්සාපිටිය රිවිසඳ මධ්‍ය විද්‍යාලයෙන් ලබා ඇති අතර සහෝදරයන් තුන්දෙනෙක් සහිත පවුලක දෙවැනි දරුවා වන බව අප මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගිය අවස්ථාවේ එතුමාගේ එකම පුතණුවන් වන ජි.ජි. අමිල නයනජිත් තිලකරත්න මහතා අප සමග පැවසිය.

තම පියාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වු මාවනැල්ල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරෙකු ලෙස කටයුතු කරන අමිල නයනජිත් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසිය.

මාගේ තාත්තා මුලින්ම රැකියාව විදිහට කලේ ව්‍යාපාර කටයුතු මේ නිවස ඉදිරිපිට සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන ගිය අතර ඒ මුදල් වලින් මමයි මාගේ අනික් ගැහැණු සහෝදරයන් තිදෙනා පාසල් යවලා ලොකු මහත් කලා. ඊට පස්සේ මාධ්‍යවේදියෙකු ලෙස මුලින්ම දවස පත්තරයෙන් වැඩ ආරම්භ කරන ලද තාත්තා ලංකාදීප, දිවයින, මව්බිම පුවත් පතේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු ලෙස වසර 40 කට ආසන්න කාලයක් කටයුතු කලා.

මිය යන තෙක්ම තාත්තා හොඳින් තමන්ගේ මාධ්‍ය කටයුතු වල මෙන්ම ගෙදොර කටයුතු වල පවා නිරත වුනා. දැනට සතියකට කලින් තාත්තා හදිසියේ රෝගාතුරු විමෙන් පසුව අපි අරණායක දිසා රෝහල වෙත ඛෙහෙත් ගන්න එක්ක ගියාට පස්සේ වෛද්‍ය උපදෙස් අනුව නේවාසික ප්‍රතිකාර ලබා දිමට රෝහලේ නැවැත්විමට සිදු වුනා. නමුත් තාත්තාගේ රෝගි තත්වය එන්න එන්නම වැඩි වු නිසා මාවනැල්ල මහ රෝහලේ වැඩි දුර නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කලා. එහි ප්‍රතිකාර ගනිමින් සිටියදි තමයි මේ අවාසනාවන්ත සිදු විම වුනේ.

වෛද්‍යවරුන් නම් කියන්නේ තාත්තාගේ ශරිරයට විෂබිජයක් ඇතුලූ විමෙන් මෙම මරණය සිදු වු බවයි. මෙ ලෙඩ හැදෙන්න කලින් දියවැඩියාවට තාත්තා ඛෙහෙත් ගත්තා කාලයක් තිස්සේ ඒ ඛෙහෙත් බිවත් අවසන් මොහොත වෙනකම් තම කටයුතු තරුණයෙකු මෙන් කඩිසරව කරමින් කාලයක ගත කලා යැයි වේදනාවෙන් යුතුව තිලකරත්න මහතාගේ එකම පුතණුවන් අපි සමග පවසන්නට විය.

මිය ගිය ජි.ජි. තිලකරත්න මහතාගේ බිරිඳ වන දැනට 65 හැවිරිදි ඒ.ඒ. ආරියවති මහත්මියද මෙම හදිසි වියෝවෙන් වේදනාවට පත්ව සිටින අතර තිලකරන්න මහතාගේ එක් දියණියක් වන ජි.ජි. කල්පනා මධුකා කුමාරි මහත්මිය දැනට හෙම්මාතගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරියක් ලෙස කටයුතු කරයි.

තිලකරත්න මහතාගේ දෛනික රාජකාරියේ එක් කටයුත්තක් වි තිබුණෙA තම පොලිස් රාජකාරියේ නිරත දියණිය සෑම දිනකම යතුරු පැදියේ වැඩට ගෙනවිත් දැමිම හා නැවත වැඩ අවසන් වු පසුව රැගෙන යෑමට දිනපතා පැමිණිමයි. ඒ අතරවාරයේ හෙම්මාතගම පොලිසියට හා අරණායක පොලිසියට ගොස් මාධ්‍යවේදියෙකු ලෙස පුවත් වාර්තා පිළිබඳ සොයා බලා ඒවා මාධ්‍යආයතන වෙත යොමු කරමින් කාලය ගත කර අතර අරණායක සාමසර කන්ද නාය ගිය අවස්ථාවේ මාධ්‍යවේදියෙකු ලෙස එතුමා අතීන් සිදු වු සේවය මිල කර නොහැකි බව එවක සිටි අරණායක පොලිසියේ ස්ථානාධිපති සුජිව ගුණතිලක මහතා අප සමග අදහස් දක්වමින් පැවසිය.

තිලකරත්න මහතා විසින් වසර 40 කට ආසන්න කාලයක් සිය මාධ්‍යජිවිතයේ කල මෙහෙය වෙනුවෙන් අවස්ථා කිහිපයකදි සම්මානයට සහ ඇගයිමට ලක් වි ඇති අතර මා ඔය කුඩා ඔය සුරකිමේ සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාවල මහතා පැවසුයේ එතුමන් අතින් පරිසරයේ ආරක්ෂාවට මෙන්ම පරිසරය රැක ගැනිම වෙනුවෙන් තම සංවිධානයට මෙන්ම රටට කරන ලද සේවය මිල කර නොහැකි සේවාවක් වන බවයි.

මධ්‍යස්ත මාධ්‍ය මෙහෙවරක නිරත වු කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවීන මාධ්‍යවේදින් අතලොස්ස අතරින් එක් අයෙකු වන ඒ මහතා මිය යන තෙක්ම දැනට ක්‍රියාකාරි මාධ්‍යකරණයේ නිරත වු කෑගල්ල දිස්ත්‍රික්කයේ එකම මාධ්‍යවේදියාද වෙයි.

මව්බිම පුවත් පතේ සතියකට පොලිසියෙන් වාර්තා වන පුවත් වැඩි වශයෙන් එතුමා අතින් ලිය වු අතර සමාජ යහපත වෙනුවෙන් හා දේශපාලන තත්වයන් වෙනුවෙන්ද දෛනිකව ලියන ලද ලිපි රැසකි.

තරුණ මාධ්‍යවේදින් හමු වු අවස්තාවන් වලදි ඔහු සීනා මුසු මුහුණින් පවසන්නේ දැන් අපේ කාලය ඉවරයි දැන් ඔයාලා හොඳට වැඩ කරන්න අපි දැන් පුරුද්ද අතහරින්න බැරි නිසා වැඩ කරනවා. මේ කරන හැම දෙයකින්ම සමාජයටවත් සේවයක් වෙනවානේ කියමින් ඔහු සිනා මුසු මුහුණුනින් තරුණ මාධ්‍යවේදින්ට පවසන අතර ඔහුට පුවත් වාර්තා කිරිමේ කටයුතු වලදි සිදු වන අපහසුතාවයන් සම්බන්දයෙන් හා ඔහු තුල තිබු දැනුම නිරහන්කාරව අලූත් කණ්ඩායම වෙත ලබා දුන් නිහතමානී සොදුරු මිනිසෙකි.

එතුමාගේ හදිසි අභාවය සැල විමෙන් පසුව කෑගල්ල ක්‍රියාකාරි මාධ්‍ය එකමුතුව මේ සම්බන්ධයෙන් සියලූ මාධ්‍යවේදින් දැනුවත් කර අතර අන්තර්ජාල සමාජ ජාලා වෙබ් පිටු මගින් මෙන්ම මාධ්‍යආයතන හරහා මේ සම්බන්ධයෙන් රටම දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.

සහෝදර මාධ්‍යවේදියාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් කෑගල්ල ක්‍රියාකාරි මාධ්‍ය එකමුතුවේ සභාපති සමන් විජය බණ්ඩාර මහතා පැවසුයේ මෙවැන්නකි.

මේ අද සමුගෙන ඇත්තේ කියන්න බැරි ලියන්න බැරි සේවක් කරන ලද ජේෂ්්‍ය මාධ්‍යවේදියෙක්. එතුමාගේ අඩුව අරණායකට ආය කවදා පුරවන්න පුළුවන් වෙයිද ? කියලා කියන්න අමාරුයි. වසර 40 කට ආසන්න කාලයක් සමාජ යහපත වෙනුවෙන් කරන ලද සේවය මිල කරන්නට බැහැ. එතුමා හදුනන්නේ නැති කෙනෙක් අරණායක කෑගල්ලේ නැති තරම්. ඒ නිසා එතුමාගේ හදිසි අභාවය ගැන අපි හැම කෙනෙක්ම ඉන්නේ හරි දුකකින් යැයිද පැවසිය.

කෙසේ වෙතත් තිලකරත්න මහතා ජිවත්ව සිටියදි තම ජිවිත කාලය සම්බන්ධයෙන් ලියන ලද හා වෙනත් ප්‍රභූන් විසින් එතුමා අගය කර එවන ලද ලිපි ඇතුලත් කුඩා පොතක් මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා අයෙක් එතුමාගේ නිවසට පැමිණ අද උදෑසන රැගෙන ගොස් ඇති අතර ඔහුගෙන් එම පොතෙහි පිටපත් කොපියක් ලබා ගැනිමට අපි කිහිප වතාවක් අදාල මාධ්‍යවේදියා යැයි කියා ගන්නා පුද්ගයාට ඇමැතුම් ලබා දුන් අතර ඔහු එම පොත ලබා දිමට නොහැකි බව පවසන්නට විය. ඒ අනුව සියලූ මාධ්‍යවේදින් මෙම පුද්ලගලයා සිදු කරන පිළිකුල් ක්‍රියාව හෙළ දකින ලදි.

තිලකරන්න මහතාගේ දේහය 20 වැනි දින දහවල් 2 වන තෙක්ම නිවසට ගෙනවිත් නොතිබුණු අතර සවස් කාලයේ එම දේහය අරණායක රහල නැගෙනහිර කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසට ගෙන එන බව පවුලේ ඥාතීන් අප සමග පැවසිය. එම දේහයේ අවසන් කටයුතු එළඹෙන බදාදා දින පවුලේ ඥාතීන්ට අයත් උඩවත්ත නිවසේදි සිදු කිරිමට නියමිතව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *