චන්ද්‍රිකාගේ අත්තනගල්ලේ ශ්‍රීලනිප උරුමය ගලවා ලසන්තට දෙයි

මෙරට දේශපාලනයේ අනියතය තුළ බණ්ඩාරනායක උරුමයට පහරදීම

එදා 1994 දී 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ලබාගැනීම සදහා වැටී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය එවකට එජාප බලකොටුව වූ බස්නාහිර පළාත් සභාව ජයග්‍රහණය කරමින් ලංකාව පුරා වාමාංශික ප්‍රගතිශීලී කදවුරට නව පණක් ගෙනෙන ලදී එදා 1994 දී නුතන විහාරමහා දේවිය ලෙසින් හැදින්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ නායිකාව වශයෙන් වසර 10 කට අධික කාලයක් නායකත්වය ලබාදෙන ලදී

අනතුරුව පක්ෂයේ අනුශාසක වරිය වශයෙන් වසර 10 කට වැඩි කාලයක් කටයුතු කරන ලදී 2015 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග එකතුව කටයුතු කරන ලදී අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්රණයන් වෙනුවෙන් සහය දක්වන ලදී අනතුරුව පසුගිය ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පලකිරීම සිදුකලද හිටපු ජනාධිපතිතුමිය නව ප්‍රජතනත්රවදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලදී

මේ හේතුවෙන් ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකාවද වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එම පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ අතර රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ වැඩබලන සංවිධායක ලෙස පත් කර තිබේ.ලසන්ත අලගියවන්න මහතා හිටපු ජනාධිපති තුමියගේ ලේකම් වරයෙකු වශයෙන් 1994 දී කටයුතු කල අතර දේශපාලනයේ අත්පොත් බණ්ඩාරනායක වලව්වේ සිට තබන ලසන්ත අලගිය වන්න මහතා හිටපු ජනාධිපතිතුමියගේ ආශීර්වාදයෙන් පළාත්සභාව සහ පර්ලිම්මේන්තුව දක්වා පැමිණ නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය දුරයන් සහ කැබිනට් අමාත්‍ය දුරයන් දක්වා පැමිණෙන ලදී

අද දින හිටපු ජනාධිපතිතුමිය අත්තනගල්ල අසන සංවිධායක දුරයෙන් ඉවත්කර ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල බන්ධරනයක උරුමයේ සංවිධායක වරයා වශයෙන් පත්කිරීම සුවිශේෂී කාරණයකි. එම නිවේදනය වසර තුනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය හිමි රෝහණ ලක්ෂමන් පියදාස මහතාට අදාල නිවේදනය නිකුත් කිරීමට ලැබීමද දේශපාලනයේ සරදමක් වැනිය මව් පිය උරුමයෙන් චන්ද්‍රිකා මැතිනියට දයාදවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අද තිබෙන තත්වය මෙරට දේශපාලනයේ අනියත බව පසක් කරන්නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *