“පක්ෂයෙන් නාමයෝජනා නැතිනම් ස්වාධීනව ඉල්ලනවා ජනතාවට එපානම් රටකට යනවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කරයි

එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ට නාමයෝජනා නොදෙන්නේනම් ස්වාධීනව තරග කරන බවත් ජනතාව තමන් ප්‍රතික්ෂේප කරන්නේනම් දේශපාලනයෙන් ඉවත්ව රංගනය පමණක් සිදු කරන බවත් එම කටයුතු වලටද බාධා පැමිණියහොත් නිසැකවම විදෙස් ගතව ජීවත්වන බව හිටපු රජය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සදහන් කර ඇත

මම දැන් නිදහස් මිනිසෙක් මට පක්ෂයේ සාමාජිකත්වය නැහැ නිදහස් අදහස් දක්වන්න පුළුවන් මම කලේ රටේ ජනතාවගේ අවශ්‍ය තාවයක් මිස වෙන දෙයක් නොවෙයි මගේ සටන ජනතාව හදුනාගත්තට පක්ෂයක් හැටියට හදුනා නොගැනීම කණගාටුවක් මගේ වැරැද්ද මොකද්ද මේ සියල්ල නීතිය ඉදිරියේ පරීක්ෂණ කරන දේවල් මහා බැංකුව මහදවල් කඩපු යට තාවකාලිකව පක්ෂ තහනම සිදු උනාද පසුගිය ආණ්ඩුව සමග ඩීල් දාපු කට්ටිය එළි වුනා මොකද කලේ ටික දවසකින් නැවත ඇමතිකම් දුන්නා මම පාක්ෂිකයා වෙනුවෙන් කැපකිරීම් කරපු මන්ත්‍රීවරයෙක් බව ජනතා සාක්ෂිය මට තියෙනවා මට වැදගත් ජනතා විශ්වාශය පමණයි පක්ෂය මාව තනි නොකලාට ජනතාව මා සමග ඉන්නවා

මට ගම්පහ ජනතාව ලක්ෂ දෙකකට වඩා මනාප දීලා පළමු තැනට පත්කළේ ලොකු විශ්වාසයකින් ඇමට ලැබුනේ නියෝජය ඇමති කමක් අන්තිමට අසන සංවිධායක දුරය අහිමිකළේ පරිසරය වෙනුවෙන් කථා කල නිසා එදා ගම්පහ පරිසර විනාශය වෙනුවෙන් මා දියත්කල සටන පක්ෂ විපක්ෂ සියලු දෙනා විරුද්ධ වුණා මට කල්ලි කණ්ඩායම් නැහැ පක්ෂය ගන්නා හැම තීරනයකටම මම තනිව මුහුණ දෙනවා වසර 15 කට අසන්න කාලයක් පක්ෂය වෙනුවෙන් සටන් කළා වේදිකා ගානේ ජනතාව අමතන්න රටපුරා ගියා ජනතාව මාව ආදරයෙන් වැළද ගත්තා ඒ ජනතාවට මම සදා ණයගැතියි.ජනතාව මම කරපු කියපු දේවල් තවත් වසර ගණනක් යනකොට තේරුම් ගනීවි මම මොනවද කලේ කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *