කෘෂිකර්ම අමාත්‍යංශය තවමත් පරණ තැනම // රාජ්‍ය ඇමති විදුර දැඩි තීරණයක

පසුගිය පාලන සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෘෂිකර්ම අමාත්‍යංශය රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලෙන් ගොවිජන මන්ධිරය වෙත ගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළද මේ වනවිටත එම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේම පවත්වාගෙන යන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දැඩි කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කලේ තමන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නද මේ වනතුරු එය ක්‍රියාවට නංවා නොමැති බව සදහන් කරයි විපක්ෂයේ සිටිමින් දැඩිව විවේචනය කල දෙයක් ආණ්ඩු බලය ලැබුණු පසු සාධාරණීකරණය කිරීමට තමන්ට නොහැකි බවත් නිලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වන්නේනම් තමන්ට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සදහන් කරයි

ඉකුත් ආණ්ඩුව සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය මසකට රුපියල් ලක්ෂ 200කට අධික මාසික කුලී පදනම මත රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන ඒමට කටයුතු කළ අතර ඒ සඳහා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් ප්‍රතමයෙන්ම හෙළිදරව් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසිනි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අදාල ගොඩනැගිල්ල බදු පදනම යටතේ ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී දැඩිව විවේචනය කරන ලදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක විසින් මෙම ගොඩනැගිල්ල හිතවත් කමක් මත ලබාගෙන ඇති බව සදහන් කරන ලදී.වර්තමාන ආණ්ඩුවේ දුමින්ද දිසානායක මහතා රාජ්‍ය අමාත්‍ය දුරයක් හොබවයි මේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය වරයාදා බරපතල වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණ මෙම ගනු දෙනුව සම්බන්ධයෙන් සාක්ෂි පවා ලබාදෙන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *