සතුන් නසන ලෝකයේ සතුන් කියනා අනාවැකිවල සත්‍යක් තිබේද ??// ගවේෂණාත්මක සටහන

අප දන්නා පරිදි සුබ අසුබ නිමිති හොයන්න අපේ සමාජයේ  වැඩිදෙනෙකේ කැමැත්තක් දැක්වති.නැතහොත් විවාස කරති.එදාමෙන් අදටත් අපේ බොහෝ අය ගමනක් පිටත් වෙන්න කලින් සතුන් කියන අනාවැකි නිසා අනාගන්නාවු තත්ත්වයක්ද දැකගත හැකිය.අනාවැකි පිළිබඳව සමහරු තම ආගම දහමට වඩා විවාසයක් කරන අවස්ථාද නැත්තේ නැත.සිදුහත් කුමරු සම්බන්ධයෙන්ද අනාවැකි කිය වී ඇත. අපේ කාලගුණ අංශයෝද අනාවැකි ප්‍රකාශ කරන්න බව අප දන්නාවු කරුණකි.

චුක් චුක්  අනාවැකි අතරේගත් කළ හුණු සාත්තරය සඳහන් කළ හැකිය. හිස් කළයක් අතින් ගත් කාන්තාවක්,වැන්දඹු කාන්තාවක්,නරක හැසිරීම් ඇති කාන්තාවක්,ස්වාමින් වහන්සේ නමක්,අංගවිකල මිනිසකු,හිඟන්නකු,ඕපාදූප කතා කරන ගමේ සිටින මූසල යැයි මිනිසුන් විශ්වාස කරන කාන්තාවක් හෝ පුරුෂයෙක් ආදී අයෙක් පළමුව මුණගැසුනේ නම් එම ගමන ඉතා අසුභ බවත් එම කාර්යය සඵල නොවන බවත් මිනිසුන් විශ්වාස කරති.

ඒ වගේම නිවසින් එළියට බසින විටම බල්ලෙකු කන්පට ගැසීම,හූනකු චික් චික් ගෑම, කාට හෝ කිවිසුම් යෑම,පූසන්ගේ බෙරිහන් දීම,බල්ලකු උඩු බිරීම,කිරළ නාදය,යමක් අමතක වී නැවත ගේ තුළට යෑමට සිදුවීම,පය පැටලීම,ගෙන යන බෑගයේ කොක්ක කැඩීයාම,අතේ තිබෙන දෙයක් බිම වැටීම ආදී සිදුවීම් සිදුවූයේ නම් එම ගමනද අසුභ දෙයක් ලෙස ඇතැමුන් සලකනු ලබති.

කපුටකු යමකුගේ ඇඳුමට  මළ පහ කල හොත්  වාසනාව ගෙන දේග කපුටා මළපහ කළේ යමකුගේ දණිස්සට නම් ඒක විපතක් පිළිබඳව අනාවැකියකි.ගමන නතර කරලීම සුභ යැයි, ජනතාව විස්වාස කරති. කපුටෙක් අපි සිටින තැනට විරුද්ධ දිශාවේ ඉඳන් කෑ ගහන එකෙනුත් පෙන්වන අනාවැකි කිහිපයක්ම දැකිය හැකිය. මේ කෑ ගැසීම කළේ උදේ පාන්දරනම් එදා දවස ඉතාම අසුබ දවසක් වේ. මධ්‍යාහනයේ කෑ ගැසුවානම් එදා දවස සුබ ප්‍රතිඵල ගෙන දේ. හවස් වරුවේ කෑ ගැහුවොත් යමෙක් ඔයාව හමුවෙන්න එන බව එම අනාවැකියෙන් කියවේ.සෙනසුරු ග්‍රහයාගේ වාහනය ලෙස හැඳින්වෙන කපුටු ශාස්ත්‍රය මිත්‍යා විශ්වාසයක් බවට බොහෝ දෙනෙක් හංවඩු ගසති. එසේම ඇතැම්හු කපුටු ශාස්ත්‍රය අනාදිමත් කාලයක සිට නැවත එන නිසා, මේ පිළිබඳ තර්ක විතර්ක ගෙන හැර පෑම අනුවණකමකි.

සාමාන්‍යයෙන් කපුටු හඬ නිසා ගෙනදෙන ශුභ හෝ අශුභ පල එම මොහොතේමත් එසේ නොමැතිනම් දින7න් හෝ 10න් ගෙනදේ. පොත්පත් මෙන්ම ව්‍යවහාරයේ සඳහන් වන ලෙසට සෞම්‍ය කපුටු හඬ ශුභ බවත්,රළු ගොරහැඬි කපුටු හඬ ශුභ බවත් රළු ගොරහැඩි කපුටු හඬ අශුභ බවත් කියැවේ.කපුටෙකු හිසට උඩින් ආසන්නව පියාඹා යෑම හදිසි මරණයක ලකුණකි.කපුටෙකු නිරිතදිශාවේ සිට රළු හඬින් හැඬීම අශුභ සිදුවීමක් හඟවයි.මෘදු ස්වරයෙන් හැඬීම සතුටක ඉඟියකි.කපුටෙකු, බස්නාහිර දිශාවේ සිට මෘදු හඬින් හැඬීම වැසි හෝ ලාභ ගෙනදේ.

කපුටෙකු හිස මතට සුදු පැහැයෙන් පැහැරීම නරක අපල කාලය අවසන් බවට ඉඟියකි. එසේම යන එන ගමන සාර්ථක වන බවට ලකුණකි. සුදු පැහැයෙන් පිටෙහි පැහැරීම සැප සම්පත් සහිච අනාගතයක් හිමිවන බවට ඉඟියක්වේ. ළයෙහි පැහැරූ කල සියලු දේ විනාශ වේ.තනයෙහි පැහැරූ කල මංගල කටයුතු සඵල වේ. නළලෙහි පැහැරීමද, ටික දිනකින් යහපත සැලසෙන බව කියයි. කණ මත,නහය මත පැහැරීම අශුභය.බෙල්ල මත පැහැරීම රෝග පිළිබඳ ඉඟියකි.හස්තයෙහි පැහැරීම ඥාති හිත මිතුරන්ට අශුභ බව කියැවේ.පාදයෙහි පැහැරීම සතුරු බිය සිත් තැවුල් ගෙනදේ.කට තුළ පැහැරීම ධන ලාභ ගෙන දේ.කපුටන් කොතැනක හො රැදී ඇති ජලය නානවා දුටුව හොත් වර්ෂාවකිගනිවස ඉදිරිපිට කපුටු කූඩු තැනීමද,අශුභ ය කරදර,අසමඟිය, අගහිඟ ගෙනදේ.තවද,කපුටා පැහැරීම පුරුෂ පක්ෂයට දකුණු පසටද ස්ත්‍රී පක්ෂයට වම් පසටද ශුභසේ කපුටු ශාස්ත්යේ සඳහන්ය.

කිවිසුමෙන් කියන අනාවැකි,ගමන් බිමන් යාමේ දී පළමුව හමුවන පිරිස් මත පදනම් වු අනාවැකි,කකුලෙන් හා නියපොතු වලින් කාන්තාවන් හා පිරිමන්ගේ දෙපාවලින් කියවෙන අනාවැකි,උපන් ළප වලින් කියවෙන අනාවැකි,උදයට දහවලට රාත්‍රියට ගෙදරට එන සත්තු වත්තට එන සතුන් මගින් කියවෙන අනාවැකි, මංගල හා අවමංගල අනාවැකි කියන නරියා,සුනඛ අනාවැකි,කණ කොකා,කෑරලා,බකමුණා,ආදි වශයෙන් විවධ සතුන්ට හරහා කියවෙන අනාවැකි හරිද වැරදිද යන්න අප කල්පනා කළ යුතුය.සත්තකින්ම ඒ සත්‍යද අසත්‍යද යන්න එක්වරක් නොව දෙවරක්ම සිතිය යුතුව ඇත.

ගහරුවාද දිනක නිරත දිසාව පැත්තෙන් හුනෙක් හැඩුවහොත් ලොතරැයි දිනුමක් ඇඳෙන බව අනාවැකිය පල කරන අතර දකුණු පැත්තෙන් හඩක් ආවොත් ධන හානියක් සිදුවේ.

කිවිසුමෙන් කියන අනාවැකි අතරේ ගත් කළ නැගෙනහිරට මුහුණලා කිවිසුමක් ඇරියොත් එයින් කියවෙන්නෙ ඔබේ සාර්ථකත්ව වේ.දකුණටනම් එයින් කියවෙන්නෙ විනාශකිගබස්නාහිර දෙසට මුහුණලා කිවිසුම ඇරියොත් ඔබට ලාභයකි.උතුරට ජයක්ගෙනදේග නහය දන්න ගන්නකොට කවුරු හරි මතක් කරනවා කියා මතයක් ඇත. වම් නාසය දාගෙන යන්නේ නම් ඒ සතුරෙක්ගේ මතක් කිරීමකි.දැවිල්ල ඇත්තේ දකුණු නාසයේ නම් ආදරයකි.

ගමනක් යද්දි මුණ ගැසෙන්න හොඳ දේවල් ද දැකිය හැකිය.සුබ ගමන් වලදි දකුණු කකුල පෙරට තබාය.වතුර විදුරුවක්ලකිරිවිදුරවක් ගෙන ඉදිරියට එනවානම් යහපත්පෙර නිම්ත්තකි.වතුර කලයක්ද ගෙන එන්නේද යහපතකි.

මොණරෙක්,දෙහි දොඩම් වගේ පළතුරු කූඩයක්,පිපුණ මලක්,කිරි දෙනක්, හක් ගෙඩියක්, ගිනිගොඩක්, ඇතෙක් වැනි දේ මුණ ගැසුනොත් ගමන යහපත්යගසුද්දෙක් හෝ විශාල උදරයක් සහිත කාන්තාවක් ඉදිරියට හමු වු විට සුභ නොවේ.මඩ හෝ තෙල් ඇඟ ගාගත් මිනිසෙක්,නයෙක්,වියළි දර මිටියක්,රණ්ඩු කරගන්න මිනිස්සු,ඕපාදූප කතා කරන ගැහැණු මෙන්න මේ අය හෝ දේවල් ඉස්සරහට හමුවෙන එක අසුබ බව කියවේ.

කකුලෙන් සහ ඇහි බැමෙන් කාන්තාවන් ගැන කියවෙන අනාවැකි ද ඇත. කාන්තාවකගේ ඇහිබැම එකතුවෙලා තියනවනම් එයින් කිය වෙන්නේ ඇගේ සැමියා ඇයට පෙර මිය යන බවය.කාන්තාවකගේ කකුලේ මහපට ඇඟිල්ලට වඩා දෙවැනි ඇඟිල්ල දිගු නම් ඉන් පසක් වන්නේ ගෙදර ආධිපත්‍යය ඇය සතු බවයි.

ගෙදරට එන සත්තුන්ගෙන් පැවසෙන අනාවැකි ද ඇත.කෑඳැත්තන්,බස්සන්, වැහිලිහිණියන් ආදී සතුන් ගෙදරකට ආවොත් එය අසුබ ප්‍රතිඵල ඇතිවේ. කලාමැදිරියත් අහිතකර ප්‍රතිඵල දෙන සතෙකි.කලා මැදිරියෙක් නිවසකට ඇතුලු උනොත් ඒ නිවස අත්හැර දමන්න සිදුවෙන බවක් හෝ සොර බියක් ඇති වෙන බව ගැමියෝ අදටද විස්වාස කරති.

මරණය ගැන අසුබ නිමිති ද ඇත.කණ කොකා හඬ නගා හිසට ඉහලින් ඉගිල යාම මරණය ගැන කියවෙන භයානකම පෙර නිමිත්තකිගකපුටෙක් උගුර යටින් කෑ ගහන එකත් මරණයට පෙර නිමිත්තකි. බල්ලෙක් උඩු බිරිලීම,පරිසරය නිහඬ වෙලාවක බකමූණා හූම් හූම් ගෑම,වෙනත් කෙනෙක් අවමංගල්‍යයකට අඳින ලද ඇඳුම් ඇඳ ගැනීමත් මරණය පිළිබඳ අසුබ නිමිති වේ. කණ්ණාඩියක් තුළින් තුන්දෙනෙක් එකවර මුහුණ බැලීමත් මරණය කැඳවන කාරණයකිග මේ අනුව,තිදෙනාගෙන් එක් අයෙක් වසරක් ඇතුලත මියයන බවට අතීත වැසියන් අතර විශ්වාසයක් තිබිණි.

නරි හූ කියන්නේ නම් ගමක මරනයක් සිදුවන බව කියවේ.වැදගත් ගමනක් පිටත්වන විට කුකුළා හැඬලීම එය සාර්ථක වන බවට පෙර නිමිත්තකි. අනිකක් තබා කුකුළු රුව සහිත පිත්තල පහනක් ගෙයක තිබීමත් වාසනාවක් ගෙන දේ.එය සෞභාග්‍ය උදාකරවන සලකුණකි.අලි, ඇතුන් ඉදිරියට හමුවීම වාසනාවකි.

ගමනක් පිටත් වන විට බල්ලා කන්පට ගැසුවොත් ඒ ගමන සාර්ථක නොවේ. කෑරලා හැඩීමද ගමනක අසාර්ථක භාවය කියාපාන තවත් සලකුණකි.උදෑසන තනි පොල්කිච්චකු දැකීම ද අසුබ ලකුණකි.පොල් කිච්චෝ යුඟළයක් දැකීම සතුටුදායක එකකි.බස්සා, බකමූණා සහ උලමා හැඩීම ද අසුබ වේගකණකොකා තුන්වරක් කෑ ගසාගෙන ගෙය උඩින් පියාඹා යෑම අසුබ පෙරනිමිත්තකි. අප නිවස ඉදිරියේ ගසක අත්තක හිඳ කපුටා හඬන විට නෑදෑයන්ගේ පැමිණීමක් දනවන බව සිතති. මළහිරු බසින යාමයේ ගේ ඉදිරිපස සිට කපුටා හැඩීම අසුබ ලකුණක් වන්නේය.

දෙමලිච්චන් රංචුවක් මිදුලේ කෑ ගැසීම ළඟ වැසි එන බව කියන සංකේතයකි.පරවියෝ, ගේ කුරුල්ලන් සහ මී මැසි ජනපදයක් නිවෙසට පැමිණීම සුබ නිමිත්තකි.නමුත්ලඔවුන් නිවෙස හැරදමා යෑම අසුබ නිමිත්තකිගකළු බළලෙකු ඉදිරියට හමුවීම අසුබ වේ. අමිහිරි හඬකින් බළලුන් පොරකන ශබ්දය අසුබ එකකි.එහෙත් බළලාගේ ඉදිරියේ සිට මුහුණ පිසදැමීම නෑසියන් එන බවට පෙරනිමිත්තකි.

නිවෙසට කබරගොයකු පැමිණීම අසුබ ලකුණකිගතලගොයකු පැමිණීම සුබ ලකුණකි. ගැරඩියකු හෝ නයකු ගෙට පැමිණීමද අසුබ ලකුණකි.ඇත්, අස්, රිය, පාබළ යන පිරිස ඉදිරියට හමුවීමත් සුදු ගවයා,හංසයා,මොනරා යන සතුන් හමුවීම ද යහපතක් ගෙන දේ.

තුඹසක් තුළින් මෙරුවන් මතුවීම,ගුල්වල සිටින කුහුඹු වර්ගවලට පිහාටු ලැබී ඉගිළීම ද වර්ෂාව ළඟ එන බවට පෙර නිම්ත්තකිගඋකුස්සන් අහසේ පියාසර කිරීම,ඔවුන් කෑ ගැසීම්, හිකනලුන් කෑ ගැසීම වර්ෂාවක් එන බව කියන බව කියවෙන පෙර නිමිති බව ජනතාව පෙන්වාදෙතිග පෙරනිමිති ලෙස එදා අපේ මී මුත්තෝ සලකා තිබේ.ඒ ආකාරයෙන් සතුන් අනාවැකි කියනා සෙයක් ඇති බව ජනවහරේ විස්වාමයක් පවති.

බස්සා වහලයට වැටීම අසුබ නිමිත්තකි.ඉර බසින විට බස්සකු ගේ ඉදිරිපිට ගසක සිට දින කීපයක් කෑ ගැසීම අසුබ ලකුණකිගරාත්‍රී කාලයේ කිරළා බිම අසල පහතින් සිට නාද කරන්නේ නම් එක්කෝ ඌරකු වන නිසා විය හැකිය. නැත හොත් නිශාචර සර්පයකු නිසාය.මිනිසෙක් ගමන් කරන විට කිරළා හඬනුයේ අහසේ තරමක් ඉහළින් පියාසර කරමින් බව අපේ අය දනිති.කිරලා අහස කඩාවැටෙන නිසා රෑට නිදියන්නේ කකුල් අහස දෙසට හරවාගෙන බව ජනවහරේ කිය වේ.  

මහ කන්නයේ වැස්ස පුරන විට බටහිර අහස ගුරු දැමීම වැසිපල අඩුවන ලකුණු දැකිය හැකියගඑනම්,මහ කන්නයේ අහස ගුරු දාලා තිබුණොත් මීගොන් විකුණල දඩ බල්ලෝ ඇති කරන එක හොඳයි කියල ඒ අනුව වැසිපල අඩු නිසා නැවත දඩයමේ යන්ට වෙන බව ද කියවේ.

වැස්ස ද අනාගන්නේ නැතිව අනාවැකි කියන බැව් ජනතාව විස්වාස කරතිගසාමාන්‍යයෙන් බිනර කළුවට පෙර කපුටිය පැටව් දමති.පැටව් ගණන එකානම් වැසිපල අඩුය.පැටව් දෙන්න නම් සාමාන්‍යයෙන් වැස ලැබේගපැටව් තුන්දෙනා නම් හොඳට වැසිපල ඇතිවන බව කියවේ.

අනාවැකි අතරේ වැව් අනාවැකිද දැකිය හැකිය.වඩු කුරුල්ලා කූඩු සාදන්නේ වැව් තාවුල්ලේ තියෙන ගස්වලය.ඒ ගසේ පහළින් කූඩු එල්ලෙන්ට හදල ඇති නම් වැසි අඩුය. ගසේ ඉහළින් කූඩු හැදුවොත් වැස්සට වැව පිරෙන කොට කූඩුවලට වතුර අල්ලන නිසාය.ඒ නිසා ඉහළින් කූඩුව සකස් කරන බව සඳහන් වේ. ගසක ඉහළට වෙන්නට වඩු කුරුල්ලා කූඩුව තනා තිබේ නම් වැස්ස හොඳට වැහැලා වැව පිරෙන බව අපේ ගැමියෝ අත්දැකීමකි.මේ නිසා වඩු කුරුල්ලා වැව පිරෙන කොට තම කූඩුව ජලයට යට වෙන්ට පහළින් හදන්නේ නැති බව  පැරැන්නෝ කියති.ඒ ආදි වශයෙන් වැව් අනාවැකි ද කුරුළු අනාවැකිද සිව්පා අනාවැකිදලසමාජයේ දැකිය හැකිය.

උකුස්සන් කීපදෙනකු අහසේ සැරිසරමින් කෑ ගසන්නේ නම් වර්ෂා කාලය ළඟ එන බව ජනතාව විශ්වාසය විය.මුවාගේ ශබ්දයට අපේ අය එදා කීවේ පොලුහන් දීම යනුවෙනි. මුවන් කරුණු කීපයක් සඳහා පොලුහන් දෙන බව අත්දැකීමෙන් පැරැන්නෝ තේරුම් ගත්හ. ඒවා අතර පහත සඳහන් දේ ඇතුළත්ව තිබේ. එනම් මුවා උගුලක පැටලීම, කොටියකුට හසුවීම,වැල් ගොල්ලක පැටලීම,මුව නෑම්බියක් ගෙන්වා ගැනීම යන කරුණු නිසාය.

මේ අයුරින් ඇති සතුන්ගේ සාත්තරය අනාදිමත් කාලයක සිට ජනවහරේ පවතීග නමුත්ලඑහි විද්‍යාමක පදනමක් ගැන විවාදයක්ද නැතුවා නොවේ.කෙසේ නමුත්,ජන ජීවිතයේ පැවැත්මට මේවායේ හොඳ නරක යම් බලපෑමක් ගෙනෙන්නට ඇති බව අදට ද ඒ පිළිබඳව වන විස්වාසයන්ගෙන් පෙනි යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *