වද සැත්කම් චෝදනා ලැබ සේවය අත්හිටවූ වෛද්‍ය සාෆි නැවත සේවයට // වර්ජන රැල්ල නිහඩයි

රට පුරා පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කුරුණෑගල මහා රෝහලේ වද සැත්කම් සම්බන්ධ වෛද්‍යවරයා නැවත වෛද්‍ය ශේෂ්ත්‍රයේ යෙදවීමට තීරණය කර ඇති බවට වාර්තාවෙයි මව් වරුන් අටදහසක් වද කල බවට අදාල වෛද්‍ය වරයාට චෝදනා කලේ එදා විපක්ෂයේ සිටි කණ්ඩායම වීමත් ඔවුන් පාලනය කරන රජයක් ට්‌ තුලින් නැවත එම වෛද්‍ය වරයා නැවත සේවයට පත් කිරීමත් සිදුව ඇත මේ අනුව වඳ සැත්කම් සිදුකර ඇතැයි චෝදනා එල්ලවී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමක් සිදු කර ඇතයි වාර්තා වෙයි .

මෙම වෛද්‍ය වරයාගේ ක්‍රියා කලාපයට රට පුරා උද්ගෝෂණ සංවිධානය කරන ලදී කුරුණෑගල රෝහලේ ද රෝහල් අධිකාරී ඇතුළු සේවකයින් මෙම වෛද්‍ය වරයාට එරෙහිව විරෝධතා දක්වන ලදී මේ නිසා වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

ඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වූ අතර මේ වනවිට ඔහු සැකකරුවකු ලෙස පමණක් නම්කර ඇත.
අදාළ අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.කෙසේ වෙතත් වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාගෙන් මාධ්‍යවේදී සිදු කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *