හඬපට අහන්න පොලිස්‌ කණ්‌ඩායම් 10ක්‌… අපරාධ චෝදනා ඇති සියලු අයගෙන් ප්‍රශ්න කරන්න සැලසුම්

හඬපට අහන්න පොලිස්‌ කණ්‌ඩායම් 10ක්‌… අපරාධ චෝදනා ඇති සියලු අයගෙන් ප්‍රශ්න කරන්න සැලසුම්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ රහසිගත හඬපට එක්‌ ලක්‍ෂ විසිඑක්‌දහස සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව ලැබුණු වහාම පොලිස්‌ කණ්‌ඩායම් දහයක්‌ යොදවා එම හඬපට සියල්ල වෙන වෙනම ශ්‍රවණය කර අපරාධ චෝදනා එල්ල වූවන් සියලු දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.

ලබන බදාදා (15 වැනිදා) වනවිට රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව ලැබීමට නියමිතව ඇති අතර එම වාර්තාව ලැබුණු විගස හඬපට එක්‌ලක්‍ෂ විසිඑක්‌ දහස ශ්‍රවණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු සැලසුම් කර ඇත.

මෙම හඬපට ශ්‍රවණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් දහයක්‌ මේ වනවිටත් පත්කර ඇති අතර ඔවුහු ඉදිරි දිනවලදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිති.

රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් හඬපට ඔස්‌සේ විනිසුරුවරුන්ට, රජයේ නිලධාරීන්ට, දේශපාලනඥයන්ට, උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට ඇතුළු තවත් විශාල පිරිසකට අපරාධ චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මෙම විමර්ශනය සඳහා අවශ්‍ය කරන පරිගණක තාක්‍ෂණය මෙන්ම සියලුම නවීන තාක්‍ෂණ ක්‍රමෝපායන් භාවිත කරන බව ද පොලිස්‌ මූලස්‌ථානය වැඩිදුරටත් කියා සිටියේය.
උපුටා ගැනිම-දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *