ජනතාව වෙනුවෙන් සටන් කරනවා ඔවුන් එපා කියන දවසට නවතිනවා

තොරතුරු දුන් නිළධාරීන් රකිනවා ශානි අවංක නිළධාරියෙක්

මම මේ හැම අරගලයකදීම ගත්තේ සහ ගන්නේ පීඩිතයාගේ පැත්ත මට අවශ්‍ය ඒ පීඩිතයා වෙනුවෙන් පෙනී සිටින්න මේ හඩ පට බොහොමයක් සංස්කරණය කරලා මම මගේ ෆෝන්  එක දුන්නේ පොලීසියට ඉතින් කොහොමද මේක පිටවුණේ කියල පරීක්ෂණ කලයුතුයි මම නිතරම පරීක්ෂණ නිලධාරීන් සමග කථා කරනවා ඒ තමයි පරීක්ෂණ කෙරෙනවද ප්‍රශ්න තියෙනවද කියල අදාළ නිලධාරීන් සමග කථා කරනවා

මම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් දුෂණයට එරෙහි අංශික කාරක සභාවේ සාමාජිකයෙක් ඉතින් මම අදාල පරීක්ෂණ සමග කථා කළා  CID ශානි කියන්නේ දක්ෂ පොලිස් නිලධාරියෙක් එයාට යන්න හරියට වහනයක් නැහැ ගෙයක් නැහැ බලන්න අනුර සේනානා නායකලගේ වත්කම් කොහොමද ලිෆ්ට් පවා තියෙන බව අධිකරණයේදී තහවරු වුණා

රන්ජන් රාමනායක විදියට මම කරන කිසිම චෝදනාවක් ඉල්ලා අස්කරගන්නේ නැහැ මොකද මම හොදට අධ්‍යනය කරලා තමයි හොරු කුඩු කාරයෝ මිනීමරුවෝ සම්බන්ධයෙන් සටන් කරන්න  කරන්නේ ඒ කරන විදිය වැරදි ඇති ඒ හැම දෙයකම කරන්නේ ජනතා යහපත වෙනුවෙන්

දැන් බලන්න භාරත් ලක්ශ්මන්ගේ සිදුවීම බලන්න මම දුමින්දගේ හොද යාලුවෙක් රේනොගේ හොද යාලුවෙක් ඒත් භාරතගේ සිද්ධිය බලන කොට සිද්ධිය පැහැදිලියි ඒ නිසා මම පීඩිතයාගේ පැත්ත ගත්තා හැබැයි මට කොතරම් ආර්ථික අවාසි සිදු වුනාද මධුරි ඩික්සිත් ලංකාවට පැමිණි අවස්ථාවේ හිරු එකෙන් මාව තමයි මධුරිගේ ළග හිටියේ හිරු මාධ්‍ය ආයතනයේ සියලු සම්මාන මුදල් වලට වඩා ජනතාව වටිනවා නැතිනම් මටත් නිහඩව හිටියනම් සියළු වරප්‍රසාද සමග ඉන්න පුළුවන්

පරීක්ෂණ කරන නිළධාරීන් lවිතරක් නොවෙයි විනිසුරු තුමන්ලා පත්වෙලා තියෙන තත්වය ගැන හෙළි වෙයි මම තිත් ත ඇත්ත කථා කරන්නේ ජනතාව මම කවුද කියලා තේරුම් ගනීවි මට කියලා මේ ලෝකේ කොහෙවත් බිම් අගලක් නැහැ මට තියෙන්නේ රජයෙන් දීපු මන්ත්‍රී නිළ නිවාසය පමණයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *