ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නේ කදුළු මතින් තෙවන ලෝක යුද්ධය වෙත

ලෝක බලවතා සොයන තෙවන ලෝක යුද්ධයේ හෙට දවස

ලෝකයම ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නෙන් කම්පාවී කදුළු වියලීනටත් කලින් මහා බලවතුන්ගේ බල අරගලය නිසා තුන්වන ලෝක යුද්ධයක අවධානමක් ලොව පුරා පැතිරී ඇත ඒ ඇමරිකාව විසින් ඉරානයේ හමුදා නායකයා ද්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමයි එම ප්‍රහාරයත් සමග මැදපෙරදිග කලාපය පුරාම ඇමරිකානු විරෝධයක් ගොඩනැගී ඇත ලෝක බලවතුන් අතරින් රුසියාව ඉරානයට සහය පලකිරීම නිසා ලෝක ගැටුම වර්ධනය වීමේ අවධානමක් මතුව ඇත ඇමරිකාව නේටෝ සන්ධානයේ පුර්ණ සහය හිමිව ඇත නේටෝ සන්ධාන්නය රුසියානු නියෝජනයක් නොමැත එහෙත් එංගලන්තය සහ ප්‍රංශය ඉතාලිය වැනි ප්‍රබල රටවල් නේටෝ සන්ධානය නියෝජනය කරන නිසා ලෝක යුද්ධයක සේයාවන් මතුවෙමින් ඇත

මීට  ඇමරිකාව අපගේ ප්‍රධාන ඇගලුම් අපනයන කරුවාය ඉරානය අපගේ ප්‍රධාන තේ අපනයන කරුවාය මෙරට බොරතෙල් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ ඉරානයය වෙයි මේ හේතවෙන් අනාගත ඇමරිකානු ඉරාන යුද්ධයේ දැඩි බලපෑම් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත . අද wana විට මෙරට ආර්ථිකය අතිශ්‍ය දුෂ්කර ගමනක යන මොහොතේ අපේ අපනයන අදායම් කඩා වැටීම ආර්ථිකයට දරුණු පහරක් වනු ඇත ඇමරිකාව යම් හෙයකින් තම යුධ කටයුතු සදහා ලංකාව භාවිතා කළහොත් එයට විරුද්ධ වීමට අපේ රටට තිබෙන ඉඩ කඩ අඩුය

දැනට mcc ගිවිසුම අත්සන් කර නොමැති තත්වයක් මත ඇමරිකාවට ලංකාවේ භූමිය භාවිතා කල හැකිද ???? දැනටමත් අපේ රට ඇමරිකාව සමග ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇත ඒ 1997දී අත්සන් කල සෝෆා ගිවිසුමත් 2007දී ඇක්සා ගිවිසුමත් නිසා  අපේ රටට ඇමරිකාව ප්‍රතික්ෂේප කල නොහැක ඉදි කට්ටේ සිට ආනයනය කරන ලංකාව වැනි රටකට කිසිදු විදෙස් සබදතාවයක් නොමැතිව යාමට නොහැක රටේ ආර්ථිකය එතරම් විදෙස් කරණයකට ලක්වීමේ ප්‍රතිවිපාක අප දෑස් ඉදිරියේ ජීවමාන වන මොහොතක පාලකයා තවමත් ඇස් කන් වසාගෙන රටේ සැබෑ ප්‍රශනය වෙනුවට අනවශ්‍ය ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට හරවන ජඩ මාධ්‍ය කරුවන් සමග යහන්ගත වීම නම් කණගාටුවට කරුණ වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *