බදුල්ල පස්සර මාර්ගයේ මඩොල්සිම ප්‍රදේශයේ බස්රථ අනතුරෙන් 8 දෙනෙකු මරුට

අද සවස 5.30 ට පමණ බදුල්ල පස්සර මාර්ගයේ මඩොල්සිම ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසකට බරපතල තුවාල සිදුව ඇත ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මෙම බස්රථය කදු බැවුම් සහිත පස්සර මාර්ගයේ ධාවනය කරමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

මේ අවස්ථාවේ බස්රථය ප්‍රපාතයට පෙරලීමත් සමග මගීන් බසයෙන් එලියට පැනීමට උත්සහ කර ඇත බස්රථය අඩි 100 පමණ ප්‍රපාතයේ පෙරලී ඇත ඇතැම් මගීන් බස්රථය පෙරලෙන අවස්ථාවේ බසයෙන් පැනීම සිදුකර ඇත මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව වාර්තා වෙයි

බරපතල තත්වයේ තුවාල ලැබූ තවත් පිරිසක් බදුල්ල මහා රෝහලට ඇතුලත් කර ඇත ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරයි. මෙම බස්රථයේ ගමන්ගත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවත් සිදුවීම වූ ආකාරය සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කිරීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *