2020 ගම්පහ පොහොට්ටුවේ ජයග්‍රාහී කණ්ඩායම හරිද? මනාපයේ නොවරදින අනාවැකිය

මැතිවරණයට පෙර ජනතා මනාපය ගැන මත විමසුම

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතරින් මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වෙතයි අපේක්ෂිත කණ්ඩායම සම්බන්ධයෙන් ගම්පහ ජනතාව විමසිල්ලෙන් සිටින පසුබිමක ඒ පිළිබද විමසීමක් සිදු කිරීම කාලෝචිතය මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ 21 දෙනා අතරින් දැනට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය පසුගිය සති කිහිපය පුරාම අප විසින් සවිස්තර වාර්තා ඔබ වෙත ගෙන එන ලදී.

එම වාර්තාවන් ඉතා දීර්ඝ විග්‍රහයන් මගින් ගම්පහ ඔබ වෙත ගෙන ඒමට කටයුතු කල අප දැනට දිනෙන් දින මැතිවරණ උණුසුම වැඩිවීම නිසා ඇතිවන ප්‍රවනතාවයන් සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකරන ලදී ගතවූ පැය 48 තුල ලබාගත් නිදර්ශක මගින් අප ඔබ වෙත පොහොට්ටුවේ ජයග්‍රාහී කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් කවුරුන්ද යන්න විමසා බලමු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 10 සිමාව පසුකරමින් යමින් සිටි. අප සිදුකල පුරෝකථනය තුල සිට දැනට ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් වන්නේ ප්‍රසන්න රණතුංග,නාලක ගොඩහේවා , සිසිර ජයකොඩි ,නිමල් ලාන්සා ,ඉන්දික අනුරුද්ධ,ලසන්ත අලගියවන්න සහන ප්‍රදීප් ,දුලිප් විජේසේකර ,ප්‍රසන්න රණවීර ,සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ,මෙරිල් පෙරේරා,කෝකිලා හර්ෂනී,ලලන්ත ගුණසේකර, යන අපේක්ෂකයන් විශ්වාසය ජනතා මනාපය හිමිව ඇති බවට වාර්තා වෙයි

ප්‍රසන්න රණතුංග මහතාගේ ජනප්‍රියත්වය එලෙසම පවතින අතර දෙවන සහ තෙවන ස්ථානය වෙනුවෙන්නාලක ගොඩහේවා, නිමල් ලාන්සා,ඉන්දික අනුරුද්ධ,නාලක ගොඩහේවා,සිසිර ජයකොඩි,සහන් ප්‍රදීප් .ප්‍රසන්න රණවීර අතර තරගයක් නිර්මාණය වී ඇත

2015 දී මහින්ද සුළගේ ජවය තවමත් ශක්තිමත් නම් ප්‍රසන්න රණතුංග නිතරග ජයග්‍රාහකයා වීම වැළකිය නොහැක එම පදනම තවමත් සක්‍රිය මට්ටමේ පවතීද එය යථාර්තයක් නම් ප්‍රසන්න රණතුංග සාර්ථකයම්පහ මනාප හඹා යාම නිසා ප්‍රසන්න වෙත අභියෝගයක් නැතුවා නොවෙති.අවසන් මොහොතේ මේ කණ්ඩායම් එකතුව ඇති වුවහොත් නාලක පසු පසට යැවීමේ අවස්ථාව නැත්තේ නැත

මෙවර මැතිවරණයේ ගම්පහ පොහොට්ටුවේ වියත් මග නියෝජනය කරන නාලක ගොඩහේවා මෙවර සියලු අපේක්ෂකයන්ට දැඩි අභියෝගයක් වෙමින් ඇත එහි සමස්ථ පීඩනය එල්ලවන්නේ ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායමට නාලක අද ගම්පහ ජනප්‍රිය චරිතය බවට පත්වෙලා කියන කථාව හරි නාලක කියන්නේ ගම්පහට ආදුනිකයෙක් ඔහු තරග කරන්නේ පොහොට්ටුවේ පැරණි ප්‍රබල කණ්ඩායමක් සමග එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ප්‍රසන්න රණතුංග ඔහු ගම්පහ දිස්ත්‍රික්කය පුරා තම අනසක පතුරුවමින් සිටින නායකයෙක් ඔහු පසුගිය වර මහ මැතිවරණයෙන් ගම්පහ දිසාවෙන් මනාප ලක්ෂ තුනයි අසූ හතරදහසක මනාප ප්‍රමාණයක් ලබාගන්නවා වෙනත් කිසිම අපේක්ෂකයෙකුට ඔහු ආසන්නය තබා ගැනීමට නොහැකි වෙනවා

ඒ විතරක් නොවෙයි ඔහුගේ සහෝදරයා රුවන් රණතුංග ලබන්නේ මනාප පනස් දහසක් පමණයි රුවන්ගේ පරාජය කිරීමේ වගකීම ගන්නේ ප්‍රසන්න එකක් පැහැදිලියි ඒ ප්‍රසන්න රණතුංග තම සහෝදරයා පවා පරාජය කරමින් තම මතය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන කෙනෙක් කියල කියන්නේ මනාපය සහෝදර කම පවා අභිබවා යන තැනට ප්‍රසන්න රණතුංග පත්ව ඇති නිසා එදා ප්‍රසන්න රණතුංග දෑතින් අල්ලාගෙන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු රැගෙන ගියේ එක කුස උපන් මල්ලී පරාජය කරමින් එහෙම ප්‍රසන්න මේ මොහොතේ වෙනත් විකල්පයකට ඉඩ දෙයිද??

ප්‍රසන්න රණතුංගට මෙම මැතිවරණයේ වැරදුණේ නිදාගෙන සිටි ශ්‍රීලනිපයට පහර දීම තුලය ඔහු එම කටයුත්ත කලේ හොදින් සිතා මතා බව අපගේ විශ්වාසයයි ඒ ප්‍රසන්න රණතුංගට අවශ්‍ය වුයේ තම මනාප ගණන ලක්ෂ හතර දක්වා රැගෙන යාමට අවශ්‍ය පාර කපා ගැනීමය එහෙත් එම උත්සාහය ඔහුට බුමරංගයක් බවට පත්වන්නේ පෙරලා ශ්‍රීලනිපය ඇතුළු කණ්ඩායම් පහරදීම හරහාය ප්‍රසන්න රණතුංග උත්සහ කලේ 2015 මහින්ද සුළගේ රැල්ල නැවත තමන් වෙත ලගා කර ගැනීමටය එම ප්‍රයත්නය තුල ප්‍රසන්න රණතුංග ගත් උත්සාහය නිෂ්පල වන ලදී .

එහි වාසිය අත්වුණේ පසු පස සිටි නාලක ගොඩහේවා සීග්‍රයෙන් ඉදිරියට පැමිණීමට පාර කැපීමය ශ්‍රීලනිපයේ ඇතුළු ප්‍රගතශීලී කදවුරේ කණ්ඩායම් රැසක් නාලක වටා ගොනුවන්නේ මේ තත්වය තුලය ප්‍රසන්න රණතුනාග ශ්‍රීලනිපයට එල්ල කල ප්‍රහාරයේ බෝනස් වාසිය නාලක නතුකරගන්නේ කිසිම වැයමකින් තොරවය නාලක ගොඩහේවා දැන් උත්සහ කරන්නේ ප්‍රසන්න අභිභවා යාමට අවශ සීමාවට පැමිණීමටය එය දැඩි දුෂ්කර ගමනක් බව කිව යුතුය එහෙත් නාලක වෙත ගම්පහ මනාපය බන්දේසියේ තබා ප්‍රධානය කරන තැනට පත්වීම වැළකිය හැකිද ??

එහෙත් නාලක කියන්නේ නිකන්ම ගම්පහට ආපු කෙනෙක් නොවෙයි ගම්පහ හැම අස්සක් මුල්ලක් නෑරම අවශ්‍ය සම්බන්ධ තාවය නාලක හදාගෙන ඉවරයි එහෙත් නාලක පටන් ගත් තැනට හොදටම ගියත් මැදින් මැතිවරණ යාන්ත්‍රණය අඩපණ වීම පාඩුවක් වුනු බව කිව යුතුයි. එහෙත් මැතිවරණය ආසන්න දින කිහිපය තුල නාලක ගොඩහේවා සීග්‍රයෙන් ඉහළට පැමිණ තිබීම තුල අද ගම්පහ පොහොට්ටු මනාපයේ පළමු ස්ථානයේ සිටින ප්‍රසන්න රණතුංගට දැඩි අභියෝගයක් එල්ල කර අවසන් ප්‍රසන්න රණතුංග මනාප තුන් ලක්ෂ අසූහතර දහසේ සිට පහලට පැමිණෙන විට නාලක ගොඩහේවා මනාප ලක්ෂ දෙක පසුකර සීග්‍රයෙන් ඉහලට පැමිණීම තුල ඔවුන් දෙදෙනා එක් සන්ධිස්ථානයකදී හමුවීමේ අවස්ථාව ගොඩනැගී ඇති බව අපගේ නිරීක්ෂණය තුලින් පැහැදිලිවී ඇත

නිමල් ලාන්සා ගම්පහ මනාප ගොඩ තමන් වෙත නැඹුරු කරගැනීම වෙනුවෙන් වෙනම නිරතව ඇත ලන්සා සහ ඉන්දික අනුරුද්ධ අතර මනාප සීතල යුද්ධය ප්‍රබලය නිමල් ලන්සා වෙත ඇති අමතර වාසිය කතෝලික පදනමයි ඔවු කතෝලික වුවද ඔහු බෞද්ධ ඡන්ද වෙතද අත දිගු කර ඇත.ඉන්දික අනුරුද්ධ කතෝලික පවුලකින් පැමිණියද ඔහු සිංහල බෞද්ධ පදනම වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන යන මැතිවරණ ව්‍යාපාරයක නිරතව ඇත.නිමල් ලන්සා යනු නිහඩ චරිතය පෙන්වා භූමියේ වාසිය පතන අයෙකි ඔහු සරලව ගමන යන අතර ඉන්දික අනුරුද්ධ සියලු වැර යොදා මනාප සටනට බැස ඇත.

සිසිර ජයකොඩි මනාප සටනට එන්නේ වෙනස් විදියකටය ඔහු මහජන එක්ෂත් පෙරමුණ තුලින් ඉදිරිපත්වන අපේක්ෂකයා වශයෙන් දිස්ත්‍රික්කය පුරා විසිරිනු මනාපය තම ගොඩට දමා ගැනීමට තැත්කිරීම දැකිය හැකිය.සහන් ප්‍රදීප් නවක අපේක්ෂකයන් අතරින් පෙරමුණ ගෙන ඇත ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන සහන් මනාප සටනේ තැනක් සොයන නවකයෙකි ඔවු වටා මුලින් තිබු ජනතා ආකර්ෂණ අනෙකුත් අපේක්ෂකයන් සමග සැසදීමේදී සහන් ඉදිරි පෙළ තරග කරුවෙකු වශයෙන් සිටියද කිසියම් පසුඝාමී බවක් පෙන්නුම් කරති

ලසන්ත අලගියවන්න,ප්‍රසන්න රණවීරසහ දුලිප් විජේසේකර සිටින තැනින් ඉහලට ඒමට ඉතිරි දින කිහිපයේ සටනක් දිය යුතුය ඒ වෙනුවෙන් එම අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරා යමින් මනාප ගොඩ නංවා ගැනීමට කටයුතු කරන අතර ඒ සදහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තම ගොඩ වෙත දමා ගැනීමට මේ දිනවල උත්සුක වෙමින් ඇත.

හිටපු මන්ත්‍රීනී සුදර්ශනී ,කෝකිලා හර්ෂනී ,මෙරිල් පෙරේරා ලලන්ත ගුණසේකර, අතර ලග මනාප සටනක් ඇති වන නිසා අවසන් ජයග්‍රාහී ස්ථාන ලග මනාප පරතරයක් මත තීරණය වනු ඇත.ආනන්ද හරිශ්චන්ද්‍ර,උපුල් මහේන්ද්‍ර,ලක්ෂමන් ගුණවර්ධන මිලාන් ජයතිලක වෙත මෙම කණ්ඩායම් අතරට පැමිණීමට විශාල සටනක් දිය යුතුය.

එහෙත් මැතිවරණයට තවත් සතියක පමණ කාලයක් තිබෙන නිසා තවමත් ජයග්‍රාහී පොකුරට පැමිණීමට අවස්ථාව ඇත ඉදරි දින දෙක තුල තවත් මෙවැනිම උණුසුම් මනාප සටනේ විග්‍රහයන් ගෙන එන අප වෙබ් අඩවිය මේ උත්සහ කරන්නේ අප කැමති අපේක්ෂකයන් ඉදිරියට ගෙන ඒම නොව සත්‍ය වශයෙන් ගම්පහ මහ පොලවේ දැනට පවතින දේශපාලන යථාර්තය බව සදහන් කළ හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *