ගිණි ගනිමින් තිබූ ගෑස් සිලින්ඩරය ඉවතට ගෙන දේපල ජීවිත බේරයි!!

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

හෙම්මාතගම නගරයේ ආපන ශාලාවක ගෑස් සිලින්ඩයකින් හට ගත් ගින්නෙන් සිදු විමට ගිය මහ විනාශයක් මෙන්ම ජිවිත හානි දේපොල හානි රැසක හානිය වලක්වා ගැනිමට නගරයට පැමිණි 26 හැවිරිදි තරුණයෙකුට සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරටෙකුට හැකි විය.

හෙම්මාතගම නගරයේ ගම්පොළ මංසන්දියේ මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ආපන ශාලාවක ගෑස් කාන්දුවකින් පස්වරු 1.00 ට පමණ හදිසි ගින්නක් ඇති වි තිඛෙනවා. මෙම හදිසි ගින්න නිසා ඒ අවට සිටි ජනතාව මෙන්ම ඒ අවට වෙළෙඳ සැල් වල පිරිස් ත්‍රීවිල් රියදුරන් ඇතුලූ ජනතාව කලබලයට ලක් වි විය.

එම ස්ථානයේ සිටි සමහර දෙනා ගෑස් සිලින්ඩලයේ ගින්න නිවන්නට තෙත ගොනි හා ජලය භාවිතා කලත් ගින්න නවත්වන්නට නොහැකි විය. ආපන ශාලාවේ රයිස් කොත්තු ගසන ස්ථානයේ තිබු ගෑස් සිලින්ඩලරයේ ගින්න ක්‍රමයෙන් වැඩි විමට පටන් ගෙන ඇත.

එම අවස්ථාවේ හෙම්මාතගම නගරයට පැමිණි තොරතුරු තාක්ෂණ්‍ය පිළිබඳ ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන තරුණයෙකු වන මොහොමඩ් සුම්රි විසින් තමන් සිදු කර ක්‍රියාව හා අනතුර සම්බන්ධයෙන් අපිට විස්තර කලේ මෙලෙසිනි.

මාගේ ගම දුම්බුළුවාව හෙම්මාතගම නගරයට මම ආවේ වැඩකට ඒ එනකොට දැක්කා කඩයක් ඉස්සරහා කට්ටියක් කලබලයෙන් කෑ ගසමින් ඉන්නවා. රයිස් කොත්තු ගහන එක ඇතුලේ තිබුණු ගෑස් එකට ගින්දර හට ගෙන ඒක ග්ලාස් එක කඩලා ගමු කියලා කට්ටිය කියනවා. ඒ සමගම එක්කෙනෙක් ග්ලාස් එක කඩලා ඒ ගෑස් එක ඇදලා කඩේ මැදට දැම්මා.

එත් එක්කම ආපු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන රිෂා මහතා ඒ ආසන්නයේ තිබුණු කඩයකින් දිග කම්බියක් ගත්තා මම ඒ කම්බිය අරගෙන අතින් නමලා කොක්කක් සැදුවා එක ගෑස් සිලින්ඩලයට දාලා ඇදලා ප්‍රධාන මාර්ගයේ මැදට දැම්මා. ඒ වෙනකොට ගින්න හොඳටම වැඩි සියලූ දෙනා එකතු වේලා ගින්න නවත්වන්න තෙත ගොන් දැම්මා. පොලිසිය සහ මිනිස්සු ඉක්මනින් ඇවිත් පාරේ වාහාන එන්න දෙන්නේ නැතිව මෙ ගෑස් සිලින්ඩරයේ පිපිරිම වැලක්විමට කටයුතු කලා.

සිලින්ඩලරයට හට ගත්ත ගින්න නිවන්න බැරි නිසා එතන හිටපු මිනිස්සු එකතු වේලා පස් වැලි ගෙනල්ලා ගෑස් සිලින්ඩරය හොඳට වැසුවා. එතකොට ගින්න පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි ගින්න නිමුණෙA යැයිද කිය.

සිද්ධිය සම්බන්ධයෙන් අපිට විස්තරයක් කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී ස්මයිල් රිෂා මහතා.

මාගේ ගෙදර තියෙන්නේ මේ කඩේ ආසන්නයේ පෙන දුර මේ සිද්ධිය ආරච්චි වුනු ගමන් මම ඇවිල්ලා කම්බියක් ගත්තා ඊට පස්සේ තරුණයෙක් ඇවිත් මේ වැඩේ කරගන්න විශාල වු දායකත්වයක් දැක්කුවා ඔහු නැතිනම් සමහර විට මෙ පැත්ත පලාතේම මහ ලොකු ගිනකින් විනාශ වේලා ජිවිත හානි පවා සිදු වෙන්න ඉඩ තිබුණා. ජලය සහ වැලි දැම්මා කියලා ගෑස් ලික් වෙන එක නවත්වන්න බැහැනේ ඒ නිසා අපි මේ සියලූ දෙනා එකතු වේලා ලොකු සිද්ධියක් වලක්වා ගත්තා. මේ සිද්ධිය ඇති වුනාට පස්සේ කිසිදු භේදයකින් තොරව මේ අනතුර වලක්වා ගන්න කටයුතු කලා.

ආපන ශාලවේ තේ බිමට පැමිණි පුද්ගලයෙකුද අපට අදහස් දක්වමින් මෙසේ පැවසිය.

මම තේ බොන කොට කඩේ හිටපු කෙනෙක් රයිස් දාන්න ගියා. ඒ වේලාවේ ගින්දර පත්තු වුනා මම කිවා ඔය ගෑස් එක පුපුරයි ඉක්මනින් එළියට පයින්න කියලා. එයා අත පොඩ්ඩක් පිච්චිලා එළියට ආවා.

කෙසේ හෝ පැය භාගයකට වැඩි කාලයකට පසුව ප්‍රධාන මාර්ගයේ මැද පස් වලින් වසා තිබු ගෑස් සිලින්ඩලයට දැමු පස් සියල්ල ඉවත් කර අතර එම ස්ථානයේ සිද්ධිය අවසන් වන තුරුම හෙම්මාතගම පොලිසියේ නිලධාරින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල වු දායකත්වයක් ලබා දුන්නේ මෙම හදිසි තත්වයෙන් අනතුරක් සිදු වනු ඇති බිය නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *