සහල් මාපියාවේ ඇත්ත රටට කිව්වා ජනාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව

රට පුරා සහල් හිගයක් පවතින සමයක පසුගිය රජය මගින් 2017 වර්ෂයේදී ආනයනය කරන ලද සහල් තොගයක් හිගුරක්ගොඩ සතොස ගබඩාවක තිබී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සොයාගෙන ඇත එහි සභාපති නාමල් කරුණාරත්න මහතා සදහන් කලේ ජනාධිපති තුමාට සහල් මිල පාලනය කිරීමට අවශ නම් වහාම මෙම සහල් තොගය වෙළද පොලට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි

මෙම සහල් කල් ඉකුත්වීමට තවත් මස දෙකක් පමණ කාලයක් තිබෙන නිසා මෙම සහල් තොගය වෙළද පොලට නිකුත්කිරීම කලයුතු බව නාමල් කරුනනරතන මහතා සදහන් කරයි මේක සහල් මා පියාවේ තවත් පැති කඩක් බවත් මෙම සහල් තවත් මාස දෙකක් ගියතැන සත්ව අහාර සදහා ලබා දෙනවා මෝල් හිමියන් මේවා තොග වශයෙන් අරගෙන නැවත සුද්ද කරලා රටේ ජනතාවට කන්න දෙනවා මේවා ජාතික අපරාධ බවත් රටේ ජනතාවගේ බදු මුදල් වලින් සහල් ආනයනය කරලා මේ කරන අපරාධය ඔන්න අපි පෙන්නුවා ජනාධිපති තුමාට කියනවා දැන් මේ අපරාධය කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

වසර දෙකකට පමණ පෙර පිටරටින් ගෙන්වූ සහල් කිලෝ 350,000කට අධික තොගයක් වෙළඳපොළට නිකුත් නොකර හිඟුරක්ගොඩ සතොසට අයත් ගබඩා සංකීර්ණයක කල්ඉකුත්වීම සඳහා ගොඩගසා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද(30) ප‍්‍රකාශ කළේය.

“මේ හාල් ගෙනත් තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසයේ. 2019 අගොස්තු පළමුවෙනිදා වෙනකම් මේ හාල් පරිභෝජනය කරන්න පුළුවන් කියලා නිර්දේශ කරලා තිබුණා. හැබැයි අවුරුදු දෙකක කාලයක් ගියා. අවුරුදු දෙකක් යනකම් මේ හාල් ගොඩ ගහලා සත්ව ආහාර දක්වා කල් ඉකුත් වෙනකල් තියාගෙන හිටියේ ඇයි?

2017 අවුරුද්දේ අපිට හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න උවමනාවක් තිබුණේ නෑ. දැවැන්ත වී නිෂ්පානයක් තිබුනා. අපට වී මෙට්‍රික් ටොන් 36ක් තමයි අවුරුද්දටම අවශ්‍ය වෙන්නේ. නමුත් ලක්‍ෂ 45ත් 50ත් අතර අපි වාර්ෂිකව නිෂ්පාදනය කරනවා. හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් එක්ක. මේ තත්වය තුළ හාල් පිටරටින් ගේන්න උවමනාවක් නැතුව තිබියදී සල්ලි වියදම් කරලා මේවගේ හාල් තොගයක් ගෙනාවේ මොකටද? ඒ හාල් ගොඩගහලා තියාගෙන සත්ව ආහාර දක්වා කුණුකොල්ලයට විකුණන තැනට පත්කෙරුවේ ඇයි?

කන්න නැතුව දරුවෝ බඩගින්නේ අඬනවා රූපවාහිනී නාලිකාවල පෙන්නවා. බඩඉරිඟු ඇටකනවා. සමහර දරුවෝ කියනවා වේල් දෙකකින් කෑවේ නෑ කියලා. ඊයේ ඉඳලා අද වෙනකල් කන්න මොකුත් නෑ කියනවා. බඩගෙඩිය පිටපැත්තට ඇලිච්ච මන්දපෝෂණයෙන් පෙලෙන දරු පැටව් ඉන්න ජනතාවක් ඉන්න රටක ජනතාවගේ බදු මුදල්වලින් මේ විදියට හාල් ගෙනැල්ලා පිස්සු නටන්න පාලකයින්ට ඉඩදෙන්න බෑ.

මේකේ මූලික වග උත්තරකරු පහුගිය ආණ්ඩුවයි. පහුගිය ආණ්ඩුව යටතේ තමයි මේ හාල් තොග ගෙනාවේ. ගෝඨාභය ජනාධිපතිතුමාට අපි කියනවා මේ ගැන නිසික‍්‍රියා මාර්ගය ගන්න කියලා. මේ හාල් තොග තිබෙන්නේ ඔබතුමාලගේ රජයේ ආයතනයක් යටතේ. මේක සතොසේ වැරැද්දක් නෙවෙයි. තැන් තැන්වල තිබුණු හාල් තොග තමයි මේ ගෙනැල්ලා ගොඩ ගහලා තියෙන්නේ. මේකට අදාල වගඋත්තරකරුවන්ට වහාම ක‍්‍රියා මාර්ග ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා” යැයිද නාමල් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *