මත්තල විදෙස් සමාගමකට // එදා ජාතික සම්පත් විකිණීමේ විරෝධය පුස්සක්ද????

දේශපාලන වේදිකාවේ සතුරන් පමණක් බව කියයි

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය විදේශීය සමාඟමක් වෙත පැවරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජයේ අවධානය යොමුව තිබේ.පසුගිය රජයද තම එකම ආර්ථික උපාය මාර්ගය ලෙස ජාතික සම්පත් විකිණීම සහ විදේශිකයන්ට ලබාදීම නිසා පැවති රජය කෙරෙහි ජනතාව තුල දැඩි විරෝධයක් පලවන ලදී වත්මන් රජයේ අමාත්‍යවරුන් එවකට ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් ජනතාවට කී කරුණු අනුව ජාතික සම්පත් සුරැකීම අකුරටම කල යුතුය මන්ද ඔවුන් බලයට පැමිණෙන්නේ ජාතික සම්පත් සුරකින පොරොන්දුව මතය

ඒ නිසා ජාතික සම්පත් විදෙස් සමාගම් වෙත කිසිම ආකාරයකින් පැවරීම නොකළයුතු මතය තහවරු විය යුතුමය එම තත්වය මත මත්තල ගුවන්තොටුපල විදෙස් ආයෝජකයන් සමග එකතුව සංවර්ධනය කිරීමේ රජයේ උත්සාහය සම්බන්දයෙන් සමාජයේ කථාබහට ලක්ව ඇත මෙවන් තීරණයක් ගැනීමට වත්මන් රජයට කිසිම සදාචාරාත්මක හැකියාවක් නොමැති බවය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත ප්‍රවාහන ගුවන් තොටුපළක් ලෙස කළමනාකරණයකිරීම සඳහා විදේශීය සමාගම් වෙතින් ටෙන්ඩර්පත් කැඳවීමට නියමිත බවත් ගුවන් තොටුපළේ හිමිකාරීත්වය රජය යටතේ තබාගනිමින් එහි කළමනාකාරීත්වය විදේශීය ආයෝජකයන් වෙත පැවරීමට නියමිත බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.පසුගිය රජය ද මෙම ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීම සඳහා පිඹුරුවත් සකස්කරමින් සිටි අතර එහි අවසන් එකඟතාවලට එළඹීමට නොහැකි විය.

පසුගිය රජය මගින් ඉන්දීය ආධාර ගැනීම රට පවා දීමක් සහ රට බෙදුම් වාදයට තල්ලු කිරීමක් බව කී එදා විපක්ෂයේ කණ්ඩායම වරක ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා මෙරට සංචාරය කල වෙසක් සමයේ මෙරට නිවාස වල කළු කොඩි ඔසවන ලෙස සදහන් කරන ලදී ඉන්දියාවෙන් අපේ රටේ ජාතික සම්පත් වලට අනිසි බලපෑමක් සිදුකරන බව ඔවුන් විපක්ෂයේ වේදිකාවේ හඩ නැගුවේ තම ජනතාව ඉදිරියේදීය අද ඉන්දියාව වෙත නැවත ඔවුන් නතුවීම තමන් දේශපාලන වේදිකාවේ සතුරන් පමණක් බව කියයි මේ නිසා වත්මන් ජනාධිපති තුමන්ට සහ නව රජයට රටේ ජාතික සම්පත් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් සහ හැගීමක් ඇති බව මෙරට ජනතාවගෙන් බහුතරයක් විශ්වාශය පලකිරීම නිසා එම ජනතා විශ්වාශය රැකීම වෙනුවෙන් රජය සහ ජනාධිපතිවරයා පසුබට නොවනු ඇතැයි ජනතා විශ්වාසය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *