නවසීලන්තයේ ගිනි කන්දක් හදිසියේ පුපුරා යයි – පහක් මරුට — පිරිසක් අතුරුදන්

නවසීලන්තයේ ගිනි කන්දක් හදිසියේ පුපුරා යයි – පහක් මරුට — පිරිසක් අතුරුදන්

නවසීලන්තයේ වයිට් අයිලන්ඞ් දූපතේ ගිනි කන්දක් පුපුරා යෑම නිසා සංචාරකයන් පස් දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී තිබේ.

එහි සිටි 23 දෙනකු නවසීලන්ත පොලිසිය විසින් බේරාගෙන තිබේ. මෙම දූපත වාකාරි ලෙසද හඳුන්වන අතර මෙය එරට ප‍්‍රධානතම සකි‍්‍රය ගිනි කඳුවලින් එකකි.

මෙය පුද්ගලික දූපතක් වුවද නිරතුරුවම සංචාරකයන් ගැවසෙන ස්ථානයකි. ගිනි කන්ද දිගටම පුපුරා යෑම නිසා එහි සිරවී සිටින පිරිස් බේරා ගැනීමද අසීරුවී තිබේ. ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එහි නවසීලන්ත ජාතිකයන් මෙන්ම විදේශිකයන් පිරිසක්ද සිටි බව නවසීලන්ත අගමැතිනි රසින්ඩා අර්ඩෙත් පැවසුවාය.

දූපතේ සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව කී අගමැතිනිය ගිනි කන්ද පුපුරා යාමත් සමග දූපත අළුවලින් වැසී යාම නිසා එම කටයුතුවලට බාධා පැමිණ ඇතැයිද පැවසුවාය. මේ අතර නවසීලන්ත හමුදාවත් විශේෂ බේරා ගැනීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්ම කර තිබේ.

සුඛෝපභෝගී නැවක ගමන් කළ පිරිසක් ද ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එය නැරඹීමට ගොස් සිට තිබේ. ඔස්ටේ‍්‍රලියානුවන් පිරිසක්ද මෙහිදී අනතුරට පත්ව ඇතැයි ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා තිබේ.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *