සාපෙළ සිසුන්ට අවවාදයක්! දබර කලොත් පොලිස් අත්අඩංගුවට! විභාග ප්‍රතිපලත් අවලංගුයි

අපොස සා /පෙළ විභාගය මේ මස 12 වන දින අවසන් වීමෙන් පසු සියලුම විභාග අපේක්ෂකයෝ සාමකාමීම තම තමන්ගේ නිවෙස්වලට යා යුතුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.

සාමකාමීව නිවෙස්වලට නොගොස් පාසල අසල හෝ පාසල් ඉදිරිපිට හෝ රංචුගැසි සිටිම,විවිධ කළහකාරි ආකාරයට කටයුතු කිරීම,පොදු දේපලවලට හානි සිදු කිරිම්,ගැටුම් ඇති කර ගැනීම සපුරා තහනම් වේ.මේසේ අයතා කටයුතු සිදුකරන විභාග අපේක්ෂකයන්ගේ විභාග ප්‍රතිපල අවලංගු කරන අතර පොලිස් අත්අඩංගුවටට ගෙන නීතිමය පියවර ගන්නටද තමා උපදෙස් දුන් බව,අප කළ විමසුමක දි   විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පැවසීය.

මෙයට අමතරව,විභාග මධ්‍යස්ථාන අසල ජංගම පොලිස් සේවාවන් ද යොදාවන අතර හදිසි අවස්ථාවක දි මේ සම්බන්ධයෙන් 119 හෝ  1911 හෝ   දැනුම් දිය හැකිය. විභාග ශාලාධිපතිවරුන්ටද මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙන බවද කොමසාරිස් ජනරාල් වරයා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *