පස්, වැලි, මැටි, සහ අනාගත පානීය ජල සටන // ගම්පහ පස් පාතාලය

දේශපාලනය පසෙක තබා ලංකවේ වැඩිම ජනගහනය සිටින දිස්ත්‍රිකය රැකගමු

වර්තමාන රජය මගින් පස් වැලි මැටි කළුගල් සදහා තිබූ තහනම ඉවත්කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසකගේ දැඩි අවධානය යොමුව ඇති කාලයක මෙරට වැඩිම ජනගහනයක් ජීවත්වන ගමපහ දිසාව සම්බන්ධයෙන් කථාකිරීමේදී එම තීරණය කෙතරම් කාලෝචිත තීරණයක් ද යන්න විමසිය යුතුමය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය පවතින්නේ 3% ප්‍රමාණයක් බවට පසුගිය කාලයේ දැඩි කථාබහකට ලක්වූ මාතෘකාවක් වන ලදී එම කාරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කෙතරම් දැනුවත් වුවාදැයි නොදනිමු ඒ මෙරට වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය ගම්පහ නිසාය මෙරට ජන මාධ්‍ය ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල අර්බුධය සම්බන්දයෙන් සිදුකල මාධ්‍ය මෙහෙවර අල්ප විය සමස්ථ දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර පරිසර හානිය සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින මෙම තත්වය තව දුරටත් උග්‍ර වන බව කිව යුතුය.

මේ සියලු තත්වයන් සමගින් ගම්පහ පරිසරය සුරකීමේ හඩ වශයෙන් ක්‍රියාකාරී කාර්ය භාරයක් සිදුකල මහා පොලව සුරකීමේ ජාතික ව්‍යාපාරය එම ජාතික යුතුකම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නොපසු බටව ඉදිරිපත්වන ලදී මේ සදහා දේශපාලන අධිකාරිය මුනිවත රකින තත්වයක ඒ වෙනුවෙන් පෙනීසිටි එකම දේශපාලකයා හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පමණක් බව සදහන් කලයුතුය. ඔහු තම දේශපාලන අනාගතය ගැන නොසිතා දිවුලපිටියෙන් ආරම්භ කරන ලද පරිසරය වෙනුවෙන් හඩ නැගීම නිසා අවසානයේ ආසන සංවිධායක කම අහිමිවීමය

ගම්පහ පක්ෂ විපක්ෂ කණ්ඩායම් එක්ව වසර 20 ක් පුරා සිදුකල පරිසර හානිය කෙතරම් දරුණු තත්වයකට පත්ව ඇතිද යන්න අනාගත ජල හිගයකදී දැකගත හැකිවනු ඇත .රන්ජන් රාමනායක පෙනීසිටින දේශපාලන ධාරාව සම්බන්ධයෙන් විවේචන තිබුනද ඔහු එම දේශපාලන ධාරාවෙන් එහාට ගොස් පරිසරය වෙනුවෙන් සටන් කිරීම අගය කල යුතුය

එදා දිවුලපිටියේ පස්කදු මහ පොලවට සමතලාවන විට තම දේශපාලන කදවුරේ සහ විරුද්ධ දේශපාලන කදවුරේ අභියෝගය නොබියව භාරගන්නා ලදී රන්ජන් රාමනායක මහතා දේශපාලනයේ සිටින තැන සම්බන්ධයෙන් නොව ඔහු පරිසරය වෙනුවෙන් නගන හඩ සම්බන්ධයෙන් ජන සමාජයේ පැසසුම හිමිව.

පස් වැලි මැටි බොරළු ව්‍යාපාරයන් සදහා තහනම ඉවත් කිරීම නිසා ගම්පහ දිසාවේ ජනතාවට පිරිසිදු පානීය ජලය අනාගතයේ ගැටළුවක් වන්නේනම් එය කෙතරම් ප්‍රශනයක් වනු ඇතිද යන්න සියලු දෙන සිතිය යුතුම කාරණයකි වැදගත්ම කරනයනම් ගම්පහ පස් පාතාලය නිසා සිදුව ඇති ඝාතන රැල්ල අර්ධ ශතකය ඉක්මවා තිබීමයි මිනුවන්ගොඩ කටාන දිවුලපිටිය මෙම පස් පාතාලයේ ත්‍රිකෝණය ලෙස සැලකෙයි අනාගතයේ පස් වැලි මැටි ජාවාරම නිසා තවත් මිනිස් ජීවිත කොපමණ ප්‍රමාණයක් අහිමි වෙයි කියා කිව හැකිද මෙම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ද මෙම ජාවාරමට සහය දැක්වීම තුල ජනතාව කබලෙන් ලිපට වැටීම සිදුව ඇත වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්න ද එහි අමාරුව යන්න කිව යුතුමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *