අපේක්ෂකයෙකුට උදව් කිරීම නිසා ගුරුවරු දරුවාගෙන් පළිගන්නවා // පියෙකු කියයි

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

මෙවර ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණට වැඩ කරන ලද සිව් දරු පියාගේ දරුවන් දෙදෙනෙකුට පාසලේ ගුරුවරුන්ගෙන් දේශාපාලන පලිගැනිම් වලට ලක් වෙන බවත් මේ වන විට දරුවන් පාසල් යෑමට නොහැකි බව පවසන බවත් තම බිරිඳට හා මෙන්ම තම පවුලේ සියලූ දෙනාට එජාප මුස්ලිම් දේශපාලනඥයින්ගෙන් හා බහුතර එජාප මුස්ලිම් පක්ෂිකයන්ගෙන් බලපෑම් සිදු වන බව පවසමින් මේ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කර නිදහසේ ජිවත් විමට තම පවුලට අවශ්‍ය පසුබිම සකස් කර දෙන මෙන් සියලූ වගකිව යුතු නිලධාරින්ගෙන් මෙම මුස්ලිම් ජාතිකයා සහ බිරිඳ හඩා වැටෙමින් ඉල්ලා සිටිනවා.

යුධ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල නිසාත් එතුමා සියලූ ජාතීන්ට සමානව සලකමින් තම පවුලේ ජිවිකාව පවත්වාගෙන යෑමට හරි හමන් නිවසක් නොමැතිව දෛනිකව කුලි වැඩ කරමින් අපහසුවෙන් ජිවත් වෙමින් සිටියදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ නිවසක් තනා ගැනිමට ග්‍රාම සේවක මාර්ගයෙන් එම රජයෙන් සැලකිය යුතු මුදලක් තමන්ට ලැබුණු නිසා නිවසක් තනා ගත් බව මඩුල්බෝව හෙම්මාතගම ග්‍රාම සේවා වසමේ අවුරුදු 35 ක් වන එම්.ආර්.එම්. අසාම් මහතා පවසයි.

මෙම පවුලේ දරුවන් සිව් දෙනෙක් සිටි වැඩිමහල් දරුවා ගැහුණු දරුවෙකි. ඇයට වයස අවුරුදු 10 කි. ඇය හෙම්මාතගම මඩුල්බෝව මුස්ලිම් මහා විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබයි. 2 වසරේ ඉගෙනුම ලබන දෙවැනි පිරිමි දරුවාට වයස අවුරුදු 7 කි. අසාම්ට තවත් පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින අතර එක් දරුවෙකුට අවුරුදු දෙක හමාරක් වන අතර අනික් දරුවාට මාස 8 කි.
මෙම අසරණ දුප්පත් පවුලට වර්තමානයේ විදින්නට සිදු වි ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් මඩුල්බෝවේ අවුරුදු 35 ක් වන අසාම් මහතා අප මාධ්‍යයට මෙසේ පවසන්නට විය.

මම ඉස්සර ශ්‍රීලනිප වැඩ කරා පොදුජන පෙරමුණ පක්ෂය ආරම්භ වු දා සිට වැඩ කරන්නේ පොදුජන පෙරමුණට මහින්ද මහත්තයාට මම හදවතින් ආදරය කරනවා එතුමා යුද්ධය ජයග්‍රහණය කරලා මේ රට බේරා ගත් නායකයෙක්. එතුමා ඒ ජයග්‍රහණය ඇති කරලා හැම ජාතියේ අයෙකුටම සමානව සැලකුවා. අදටත් මාගේ පණ වුනත් එතුමා වෙනුවෙන් කැප කරන්න සුදානම්.
නමුත් මුස්ලිම් සමාජය ඇතුලේ අපි හරියට හිර කාරයෝ වාගේ අපේ ප්‍රශ්න අපි මෙච්චර කාලයක් වසන් කරගෙන හිටියේ එජාප ආණ්ඩුවෙන් අපිට බලපෑම් මරණ තර්ජන පවා තිඛෙන නිසා.

මේ පාර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධීපති කරවන්න අපේ ගමෙත් ජන්ද 20 ක් 30 ක් දෙන්න ඇති සියට 90 ක් දුන්නේ එජාපයට මුස්ලිම් එජාපයට වැඩ කරන හැම කෙනෙක්ම ප්‍රචාරයක් ගෙන ගියා ගෝඨාභය ආපුවාම සුදු වෑන් එනවා ඛෙල්ල කපනවා, මුස්ලිම් අයගේ බුර්කාව නැවත ගලවනවා කියලා ඒ නිසා ගෝඨාභය මහත්තයාට ජන්දය දෙන අපේ සුළු මුස්ලිම් පිරිස එජාපයේ බලපෑමනිසා මේවා වසන් කරගෙන තමයි හිටියේ බැරිම තැන මම පොලිසියට කලින් මාධ්‍යයට මේ සම්බන්ධයෙන් කියන්න හිතුනේ නීතියය හරියට මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයි කියලා මේ වාගේ දේවල් රටම දැන ගත යුතුයි.

මාගේ ළමයි දෙන්නෙක් යන්නේ මඩුල්බෝව මුස්ලිම් මහා විද්‍යාලයට වැඩිමහල් ගැහුණූ දරුවා 2018 වසරේ නිවාසන්තර ක්‍රිඩා උළලේ දුර පැනිමෙන් පළමු වෙනියා වුනා නමුත් කලාප තරග වලට දුව යැව්වේ නැහැ. 2019 වසරේ එකම ක්‍රීඩා තරගයකටවත් දුව ගත්තේ නැහැ. එකට හේතුව තමයි. මම පොහොට්ටුවට වැඩ කලා කියලා දේශපාලන පලි ගැනිමකට. මම මේ ගැන අහන්න ගියාම ඉස්කොලේ ගුරුවරුන් විදුහල්පතිතුමන් මඩ බැනලා එලවා ගන්නවා. ජන්දය දවස් ටිකේ මේ පාසලේ ගුරුවරු සියලූ දෙනාත් ජන්දයට කැන්වසින් ගියා සජිත් මහත්තයාට ජන්දය දෙන්න කියලා. මේ පාසල දේශපාලනකරණය වේලා.

මම පොදුජන පෙරමුණටත් ඊට පෙර ශ්‍රීලනිපයටත් වැඩ කරපු නිසා මට මේ වෙනස් කම් කරනවා. දැනට දින කිහිපයකට කලින් 2 වසරේ ඉන්න පුංචි පුතා කලිසමේ මළ පහ කර ගත්තා කියලා බොරුවට උඔ ලග මළ පහ ගඳයි ( ගු ගඳය ) කියලා ගෙදර එවලා. අපි ගෙදරදි පුතා පරික්ෂා කලා පුතා කියනවා ටිචර් කිවේ බොරුවට මට බැන්නේ බොරුවට මම මළ පහ කරගත්තේ නැහැ කලිසමේ තාත්තේ අම්මේ කියලා.

පුතාට ගුරුවරු කියලා ගෙදර ගිහින් තාත්තාට මේවා කියලා තාත්තා පාසලට ගෙන්නුවොත් තාත්තාගේ අඩු කඩනවා කියලා බැන්නා දැන් පුතා හොඳටම බය වේලා පාසල් යන්න බැහැ කියනවා අපි මඩුල්බෝව ඉස්කෝලයට ගිහින් ගුරුවරුන්ගෙන් ඇහුවාම එයාලා අපිට බයිනවා මේ කිසි දෙයක් ගැන කතා කරන්න දෙන්නේ නැහැ.

මේ සිදු කරන්නේ මගෙන් පලි ගැනිමක්. මේ සම්බන්ධයෙන් අපේ කාට කිවොත් වැඩක් වෙන්නේ නැහැ. එයාලා හැම කෙනෙක්ම මම මහින්ද මහත්තයාටයි ගෝඨාභයටයි වැඩ කරනවා කියලා තරහින් ඉන්නේ. ඇයි මුස්ලිම් සමාජයේ දුප්පත් කමට මේ තරම් වෙනස් කම් කරන්නේ. ඇයි පාසලට දේශපාලන ඛෙදිමක් මට කිසි දෙයක් ඔනෑ නැහැ මම කුලි වැඩ කරලා ළමයි ජිවත් කරවන්නම් මට මේ වෙනුවෙන් නිතීය ක්‍රියාත්මක කරලා මට සාධාරණයක් සිදු කරලා දෙන්න. එච්චරයි මට ඔනෑ.

කියමින් දෙනෙතට කඩා වැටෙන කදුළු පිස දමමින් හඩා වැලපෙමින් පවසයි.
මට දැන් කුලි වැඩකට යන්න මේ දවස් වල විදිහක් නැහැ දරුවන්ගේ ප්‍රශ්න නිසා මම හැම තැනම දුවනවා මාවනැල්ලේ අධ්‍යාපන කාර්යාලයට ගිහින් කිවා එතනදිත් මට සාධාරණයක් වුනේ නැහැ. පාසලේ තියෙන රැස්විම් වලට යන්නේ ගැණු අය විදුහල්පතිවරයා ඇතුලූ ගුරු මණ්ඩලය අපේ ගැණු බය කරලා තියාගෙන එයාලාට ඔනෑ දේවල් තමයි හිතුවක්කාර ලෙස කරන්නේ යැයිද ඔහුගේ නිවසට ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලිමදි අප සමග පවසන්නට විය.

මෙලෙස හඩා වැලපෙන පුද්ගලයාගේ බිරිඳ නමින් අවුරුදු 27 ක් වන රාමන් මුත්තු කාලි රෙඛෙකා නම් වන්නේය. ඇය රත්නපුර ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඇය කුඩා කාලයේ සිට රත්නපුර ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක වැඩ කරන අතරවාරයේ හෙම්මාතගම අසාම් මහතාද එහි සේවකයෙකු ලෙස කටයුතු කරන සමයේ දමිළ කාන්තාවක් වන ඇය සමග විවාහ වි ඇත. ඇය දමිළ කාන්තාවක් වන නිසාද මුස්ලිම් ජනතාව මෙම පවුලේ අය තව තවත් කොන් කරමින් සමාජයේ අපහසුතාවයට ලක් කර ඇති බවක් දැක ගැනිමට හැකි වනවා.
ඇයද මෙ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපට මෙසේ පැවසිය.

අපි හරි දුප්පත් දරුවන්ට පාසල් ගියාම අනික් ළමයින්ට වඩා වෙනස් කම් කරනවා. මුස්ලිම් සමාජයෙනුත් අපිට වෙනස් කම් සිද්ධ වෙනවා. ඇයි අපිට මෙහෙම කරන්නේ අපි හැමදාම මහින්ද මහත්තයාට තමයි ජන්දය ලබා දුන්නේ. මහින්ද මහත්තයාට වැඩ කරා කියලා මාගේ සැමියා මරනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් අය අපේ ගෙදරට ආපු වේලාවේ මහත්තයා මම හන්ගලා කිවා එයා ගෙදර නැහැ කියලා එයාව එහෙම තමයි මම බේරා ගත්තේ. තව දවසක් මහින්ද මහත්තයාට වැඩ කරා කියලා මු සිංහල ගමට එලවන්න ඔනෑ කියලා කට්ටියක් සොයා ගෙන ආවිත් අපිට කරදර කලා මමත් දරුවනුත් හරි බයෙන් ඉන්නේ අපි මේ ගමේ මේ විදිහට තනි වේලා ඇයි අපිට නිදහසේ ජිවත් වෙන්න ඉඩ කඩක් නැත්තේ.

අපි කියන්නේ දේශපාලනයට වැඩ කරා කියලා අපෙන් පලි ගන්න හදන්න එපා. හැමදාම පාසලට ගියොත් මටයි මහත්තයාටයි දොස් කියනවා. අපි ඉල්ලන්නේ අපේ ළමයින්ට මේ විදිහට වෙනස් කම් කරන්න එපා කියන එකයි. ළමයින්ට සමච්චල් කරන්න එපා ඒ ළමයි පාරේ බැහැලා යන්න ඔනෑ ඇය හඩා වැලපෙමින් පැවසිය.

මෙම සිද්ධියෙන් හැමදාමත් පාසලේදි අඩත්තෙට්ටන් වලට ගොදුරු වන පාසල් යන දරුවන් දෙදෙනාට පාසලේදි තමන්ට වන හිරිහැර සම්බන්ධයෙන් අපිට අදහස් දැක්වු අතර මෙම අවස්ථාවන් ආවරණය කර අපටද ඔවුන්ගේ කතා අසන විට මහත් වු සංවේගයක් පවා ඇති විය.
මාධ්‍යවෙදියෙකු ලෙස අප හෙම්මාතගම නගරය පසු කරමින් මඩුල්බෝව දෙල්ගහදෙනිය අලූත්පාලම අසලින් ඔහුගේ නිවස වෙත ගියේ රබර් කදු මුදුනක පිහිටි කෙළවරේ ඇති නිවසටයි. කුඩා දරුවෙකු නොව වැඩිහිටියෙකුටවත් එම නිවස වෙත යෑම අපහසු වන්නේ හරි හමන් මාර්ගයක් එම නිවසට යෑමට නොහැකි විමයි.

තවද කුඩා දරුවන්ට එම කදු මුදුනේ සිටින විට ආරක්ෂාවක්ද ඇත්තේ නැහැ. වැලි ගල් මැටල් මෙන්ම අත්වැඩ කුලි වැඩ කරමින් දෛනිකව කිසියම් මුදලක් සොයා ගෙන අපහසුවෙන් මෙම අවුරුදු 35 ක් වන අසාම් නිරන්තරයෙන්ම තම ජිවිතය ගැනවත් නොසිතා දෛනිකව කුඩා ලෙඩක් හැදුනත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම සියලූ වැඩ කටයුතු වල නිරත වන්නේය. දුප්පත් වේතනයෙන් තමන්ගේ බඩගින්නටත් වඩා දරුවන්ගේ බඩගින්න මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන තාත්තෙකු ලෙස ඔහු වගකිමෙන් සිතා බලා වැඩ කටයුතු සිදු කරයි.

මෙලෙස හැමදාමත් පිඩා විදින මෙ අසරණ පවුලේ අසාම් මහතා දක්ෂ ක්‍රිඩකයෙකු වන බව බෝහෝ දෙනෙකු දනි. ඔහු ගම හරහා දිවිම ඇතුලූ දුර දිවිමේ තරග ඉසව් වලින් ජයග්‍රහණ රැසක් ලබා ගෙන ක්‍රිඩා සහතික මෙන්ම පදකම් රැසක් ලබා සිටින අයෙකි. පසුගිය වසරේද ගම්මාන 7 කින් පැවති මැරතන් ධාවන තරගයකින් ඔහු දෙවැනි ස්ථානය ලබා ගන්නේ පිරිසක් විසින් පළමු ස්ථානයට දෙවැනි ස්ථානයේ ගමන් කර ක්‍රිඩකයා වාහනයක නංවාගෙන තරග නිතී උල්ලඝංණය කරමින් එම තරගය පැවැත්වු නිසාවෙන් බව අසාම් මහතා අප සමග කිවාය. එම තරගයේ සිය සහතික පත්‍රය අපට පෙන්වමින් ඔහු ඒ සම්බන්ධයෙන් අපට කතා කලාය.

අසාම්ට වර්තමානයේ ඇති වි තිඛෙන ප්‍රශ්න ගැටලූ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක් ප්‍රදේශයේ දේශපාලඥයෝ දැනුවත් කර තිබුණත් ඔවුන්ගෙන් මේ වෙන තෙක් ඊට සාධාරණයක් ඉටු නොවුනු බවද අසාම් මහතා සහ ඔහුගේ බිරිඳ එම නිවසට ගිය අවස්ථාවේ අපට අදහස් දක්වමින් පැවසිය.

මෙම පුද්ගලයා පිස්සෙකු ලෙස මුස්ලිම් සමාජයේ පිරිසක් ඔහුව විවේචනය කරන බවක් අපට දැන ගැනිමට හැකි වු අතර ඔහු නිරන්තරයෙන් දන්නා හදුනන මුස්ලිම් හා සිංහල අය කිහිප දෙනෙකු අපට කිවේ එය මිත්‍යා මතයක් වන බවයි. මේ සම්බන්ධයෙන් විමසිමට අප අදාල පාසලේ විදුහල්පතිවරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනිමට කිහිප වතාවක් උත්සාහ කර අතර එයද නොහැකි විය. මෙම කතාව විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය විමත් සමග මෙම ගම්මානයේ බහුතර මුස්ලිම් ජනතාව එක්ව මෙය කණපිට පෙරළිමට විවිධ වු ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින් සිටින අතර මෙහි සත්‍ය වගකිව යුත්තන්ගේ අවදානයට යොමු විය යුතුයි.

අසාම් මහතා පිස්සෙකු යැයි සමහර දෙනා පවසන අතර අප අසන්නේ බිරිඳත් දරුවනුත් මෙම අසරණ ප්‍රශAනයේදි පිස්සන්ද යන්නයි. ? පිස්සෙකු නම් දරු සෙනෙහසක් අසාම්ට ඇති වෙයිද ? මේ ආණ්ඩු වෙනස සිදු නොවුනා නම් අසාම්ගේ පවුලට කුමක් සිදුවෙයිද ? මේ සියලූ ප්‍රශ්න තේරුම් ගැනිම බුද්ධිමත් සමාජයට මෙන්ම රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට මෙන්ම වගකිය යුතු සියලූ දෙනාගේ හැකි ඉක්මනින් යොමු විය යුතුයි ඒ හරහා මොවුන්ගේ අනාගතය සුරක්ෂිත විය යුතුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුලූ නිලධාරින් කණ්ඩායමක් විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බව අප කරන ලද විමසිමකදි ස්ථානාධිපතිවරයා පැවසිය.

දෙසැම්බර් 02 තත්වය
මේ සඳහා අධ්‍යපාන ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අවදානයට ඊයේ 01 දිනයේ යොමු විය. එතුමාගේ උපදෙස් අනුව එදින විශෙAෂ පරික්ෂණයක් සිදු කරන ලෙස අදාල වගකිව යුතු අංශ දැනුවත් කර තිබුණි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අවදානයද යොමු වි ඇති අතර එතුමාද සිද්ධිය සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස අදාල අංශ දැනුවත් කර තිබිම විශෙAෂත්වයකි. මෙම අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ මගින් අප මාධ්‍යවේදියාගේ පෞද්ගලික දුරකථන අංකය වෙත ඇමතුම් ලබා දි සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා ලදි.

ඒ අනුව අද දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවි වේලගෙදර මහත්මිය ඇතුලූ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සහ හෙම්මාතගම පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කරමින් පවති.
කෙසේ වෙතත් හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක සිල්වා මහතාගෙන් අප කරන ලද විමසිමකදි එතුමන් පැවසුයේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් කිහිප දෙනෙකුගෙන් හා පාසලේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරු මණ්ඩලය මගින් කට උත්තර ලබා ගත් අතර පාසල් සංවර්ධන කමිටුවේ කිහිප දෙනෙකුගෙන්ද කට උත්තර ලබා ගත් බවයි. ඒ අනුව මෙම දරුවාගේ ගැටලූව සම්බන්ධයෙන් මේ වන විට සකස් කරන ලද වාර්තාව මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යල වෙතත් ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතත් යොමු කිරිමට අද දිනයේ කටයුතු කර ඇති බවද සඳහන් කලා.

මෙම සිද්ධියට මුහුණ පෑ අසාම් මහතාට සාධාරණයක් කර නිදහසේ ජිවත් විමට අවකාශ සකස් කර දෙන මෙන් ඔහු වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටි. ඔහු පවසන්නේ තමන් පිස්සෙක් යැයි මේ වන විට සමහර දෙනා තමන්ට පවසන අතර එය අසත්‍ය කතාවක් වන හෙයින් ඒ සම්බන්ධයෙන්ද පරික්ෂණයක් සිදු කර දෙන මෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *