වලපනේ ගල් කොරියේ හිමිකරු රාජ්‍ය ඇමතිගේ මස්සිනා බව හෙලිවෙයි !!

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධි වර්ෂාවත් සමග වලපනේ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් හා ගල් කඩා වැටිමෙන් තිදෙනකු මිය ගොස් තවත් අයකු අතුරු දහන්ව ඇති පුවත පසුගියදා වාර්තාවන ලදී එම පස්කන්ද ආසන්නයේ පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් අදාල නාය යාම සිදුවූ බව පරිසර වේදීන් පෙන්වාදෙයි එම ස්ථානයේ මුලින්ම 2005 වර්ෂයේදී චීන සමාගමක් සදහා එම ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීමේ අවශ්‍යතාවයකට කළු ගල් ලබාගැනීම සදහා අවසර පත්‍රයක් ලබාගෙන ඇත

එම ස්ථානය නායයාමේ තර්ජනයන් නිසා ප්‍රදේශ වාසීන්ගේ බලවත් විරෝධයක් තිබියෙදීත් එම ගල් කොරියය වසර 10 ක් පමණ පවත්වාගෙන ගොස් ඇත අනතුරුව 2015 වසරේදී මෙම ගල්කොරිය තහනම් කිරීමෙන් අනතුරුව එවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සී බී රත්නායක මහතාගේ මස්සිනා විසින් නැතත මෙම ස්ථානයේ 2019 වර්ෂයේ මුල් බාගයේදී නීතිවිරෝධී ගල්කොරිය සදහා පොදුජන පෙරමුණට බලය හිමි වලපනේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අනුමැතිය සහිතව නැවත ගල් කොරියා පවත්වාගෙන යාම සදහා අවසරය ලබාගෙන ඇත

සියලු පරිසර වාර්තා පසෙකට දමමින් වලපනේ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ,ශ්‍රීලනිපයේ සහ එජාපයේ මන්ත්‍රීවරුන් අදාල ස්ථානයේ ගල් කොරියා සදහා අවසර ලබාදී ඇත එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් අදාල යෝජනාවට විපක්ෂව කටයුතු කලද සභාවේ වැඩි බහුතර මන්ත්‍රීවරුන් ගණනකගේ කැමැත්තෙන් නැවත වැඩ අරඹන කළු ගල් කොරියේ අනතුරින් ජීවිත හතරකින් වන්දි ගෙවීමට සිදුව ඇත මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතා විරෝධය දැඩිව එල්ල වී ඇත ඔවුන් ඉල්ලා සිටින්නේ නව ජනපති තුමන් සහ රජය මැදිහත්ව මේ පරිසර විනාශයට සම්බන්ධ පුද්ගලයන්ට සහ රාජ්‍ය නිලධාරීනට දඩුවම් කරන ලෙසත් පරදේශයේ පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *