සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රවල සංවර්ධනය සදහා නව සැලසුම්-ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මකයි

සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රවල සංවර්ධනය සදහා
නව සැලසුම්-ඉදිරි
මාස තුන තුළ ක්‍රියාත්මකයි

සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රවල සංවර්ධනය සදහා
නව සැලසුම් සැකසේ. ඒ අනුව ඒ ඒ ක්ෂේත්‍ර සංවර්ධනයට
අදාළ කෙටිකාලීන හා දිගුකාලින ක්‍රියාමාර්ග හදුනාගෙන ඉදිරි
මාස තුන තුළ ඒවා ක්‍රියාත්මත කිරීමට අපේක්ෂා කරන බව
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක, සිවිල්
ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යංශයේ ඉදිරි කටයුතු පිළිබද ව ආයෝජන
ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සංචාරක
ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ අමාත්‍යාංශවල
ලේකම්වරුන් සමග ඊයේ (03) පැවැති සාකච්ඡාවක දි
ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

සෑම සතියකම කැබිනට් රැස්වීමට පෙරාතුව රාජ්‍ය
අමාත්‍යවරුන් දෙදෙනා සමග අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු
සාකච්ඡා කීරිමට රණතුංග මහතා තීරණය කර තිබේ. එහි
පළමු රැස්වීම මෙලෙස ඊයේ කොළඹ ලෝක වෙළද
මධ්‍යස්ථානයේ පිහිටි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන
අමාත්‍යංශයේ දි පැවැත්වුණි. පැය දෙකකට ආසන්න කාලයක්
පැවති මෙම සාකච්ඡාවේ දි අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම්
අමාත්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමු විය.
පසුගිය කාලය තුළ මෙරටට පැමිණෙන
ආයෝජකයින්ගේ අඩුවක් දක්නට තීබූ බවත් නව
ජනාධිපතිතුමාගේ පත්වීමත් සමග ඒ තත්ත්වය මග හැරී
ඇති බවත් රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන මෙම විශ්වාසය ඊට

හේතුවයි. මෙරට ආයෝජන සදහා පැමිණෙන විදෙස්
ආයෝජකයින්ට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සිය කටයුතු
ඉටු කර ගැනිම සදහා ආයෝජන මණ්ඩලයේ කටයුතු වඩාත්
කාර්යක්ෂමව සිදුකිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා මෙහි දී
පෙන්වා දුන්නේ ය.
මෙරට ආයෝජනය සදහා පැමිණි ආයෝජකයින්
රස්තියාදු කිරිම පිළිබද ව පැමිණිලි රැසක් මා වෙත ලැබි
තිබෙනවා. ඒ තත්ත්වය වහා නතර කළ යුතුයි. අපේ රටේ
ආයෝජනයට පැමිණෙන ආයෝජකයින්ට නීත්‍යානුකූලව එම
අවශ්‍යතායවන් කඩිනමින් ඉටු කර දීම අපේ වගකිමක්
ඇමතිවරයා මෙහි දී කීවේ ය.
පාස්කු ප්‍රහාරයෙන් පසු ව සංචාරක කර්මාන්තයේ
පසුබෑමක් දක්නට ලැබුණු බවත් එය යථා තත්ත්වයට පත්
කර ගැනීම සදහා කෙටිකාලින හා දිගුකාලීන
වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් රණතුංග මහතා
මෙහි දි පෙන්වා දුන්නේ ය. මේ වන විට රටේ ආරක්ෂක
තත්ත්වය යහපත් තත්ත්වයට පත් ව තිබෙන නිසා
සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන්
වඩාත් පුළුල් කළ යුතු යැයිද රණතුංග මහතා මෙහි දී කීවේ
ය.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට්
අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු තවමත්
අමාත්‍යාංශයට අයත් වාහන භාර දී නැතැයි ද මෙහි දී හෙළි

විය. ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නැ‘යි
ඇමතිවරයා අමත්‍යංශයේ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *