ඉන්දියාව ණය දුන්නට අපි ගත්තේ නැහැ,එජාපයේ සහ විපක්ෂයේ නායකයා සජිත් // එජාප මන්ත්‍රීන් කියයි

සජිත් ප්‍රේමදාස ජයග්‍රාහීව රටපුරා ගෙනන යන්න අපි සුදානම්

අපි හිතුවේ මාධ්‍ය ආයතන මේ මැතිවරණයෙන් පසුව හරි අපිට සම අවස්ථාව ලබාදෙයි කියලා එහෙම හිතන්න අවස්ථාවක් ලබා නොදීම කටයුතු කිරීම තුල රටේ ජනතාවගේ මනසට යන පුවත් නිවැරදි වන්නේ නැහැ ඒකනිසා අපි තීරණය කළා විකල්ප මාධ්‍ය හරහා රටේ ජනතාවට සැබෑ තොරතුරු ලබාදෙන්න තමයි.

මේ මාධ්‍ය හමුව පවත්වන්නේ අපි අවුරුදු හතරහ මාර තුල විපක්ෂයේ හඩ බාල කලේ නැහැ රටේ බහුතර මාධ්‍ය අපිට විරුද්ධව කටයුතු කළා අපි මාධ්‍ය නිදහස උපරිම ලබා දුන්නා එහෙම තත්වයක් තුල අපි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මග සහ වර්තමාන ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම තමයි අපේ මුලික අරමුණ

නව ජනාධිපතිවරයා පත්වීම තුල රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් තබා සිටිනවා රට හරි මගට ගනී කියලා එම බලාපොරොත්තු සුනු විසුණු වුනා නව කැබිනට් මණ්ඩලය පත්වීම තුල එතනින් එහාටගිය ගිය මේ පිරිස රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමෙන් ජනතාව තවත් අසරණ වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අරගෙන ගිය වියත් මග සහ කැබිනට් එක අතර ලොකු වෙනසක් තියෙනවා සමහර මාධ්‍ය වලට සිමෙන්ති මිළ වැඩිකිරීම සිමෙන්තිවල හොද මිලක් ලැබීමක් ලෙස දකිනවා එහෙම මාධ්‍ය කලාවක් අපි දැක්කමයි.

අපේ කාලේ ඔය පුද්ගලික මාධ්‍ය ඔහොම කිව්වේ නැහැ ඉන්දියාවෙන් ගත්තු ණය මුදල ආධාරයක් ලෙස පෙන්නුවා අපේ කාලෙත් ඔය ණය මුදල දෙන්න හැදුවා අපි ගත්තේ නැහැ අපි කලේ ණය ගන්නවට වැඩිය තියෙන ණය ගෙවා දැමීම ගැනයි එකසත් ජාතික පක්ෂයේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි විපක්ෂනායක කම සජිත් ප්‍රේමදාස මහතා එම වගකීම් දෙකම භාරදිය යුතුයි මේ මාසය තුල අපිට විසදුම ලැබිය යුතුයි

කල් මරන්න බැහැ මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මේ මොහොතේ නොකර බැදුම් කර වාර්තාවේ විගණන වාර්තාව එන්න තිබුනා ඒක කල්දාපු එක ගැන අපිට ලොකු සැකයක් තියෙනවා අපි පක්ෂයට ආදරෙයි එහෙම ආදරය කරන පක්ෂයක් දාල යන්න උවමනා නැහැ ජනතාව ඉල්ලන ආදරය කරන නායකයා පක්ෂයට නොලැබුනොත් තීරණයක් ගැනීමට තියෙන ඉඩ නැතුවා නොවෙයි කවුරුත් ඩීල් දාන්න හිතන්න එපා හරිතීන්දුව ගණන කියන එක කියන්න කැමතියි

දැන් අපි විවේකෙන් ඉන්නේ මේ ආණ්ඩුව අත්ව දුරටත් යන්න දීම තමයි හොදම දේ මොකද රටේ මිනිසුන්ට කරපු වෙනස තේරෙන්න වැඩි කල් යන්නේ නැහැ ලංකාව සුරපුරක් කරනවා කියල කියනවා ලංකාවේ කොල්ලෝ ටිකක් ගිහිල්ලා චිත්‍ර ඇදීමත් මේ කට්ටියගේ ගිණුමට දාගන්න හදනවා මේ කොල්ලෝ කරන දේ එයාලගේ ගිණුමට දාගෙන ගොන් ආතල් ගන්නවා කරු ජයසූරිය මහත්තයාට පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කිසිම බලාපොරොත්තුක් නැති බව ස්ථිරයි සජිත් ප්‍රේමදාස මහතාගේ නව නැගිටීම සිදුවන්න අත ලගයි අපි එතුමා සමග රට වටේ යනවා ජනතාව අපි සමගයි කියල කියන්න කැමතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *