ඇසට පන දෙන, වායුගෙඩි නිට්ටාවට සුවකරන // වටද්දර වෙද හාමුදුරුවෝ

පුස් කොලපොත පන්සීයක සැගවුණු විශ්මිත හෙළ වේදකමේ යතිවර සලකුණ

දේශීය වෛද්‍ය ක්‍රමය භාවිතා කරමින් අයඩීන් ඌනතාවය හේතුවෙන් ඇතිවන (ගලගණ්ඩය) වායු ගෙඩි,පීනස,හිසරදය ,කොණ්ඩය සුදුවීම මාස දෙකෙන් සුවකර දීමට වටද්දර යතිවර වේදමැදුර සුදානම් ඉපැරණි දේශීය හෙළ වෙදකමේ රහස් සහිත පුස්කොලපොත් පන්සීයකින් ලද දැනුමත් ,වටද්දර සුප්‍රකට ඇස් වේද පරපුරේ දැනුමත් සමගින් වර්තමාන ජීවන,අහාර රටාවට ගැළපෙන බෙහෙත් වට්ටෝරු මගින් මෙතුවක් කාලයක් සුව කරගැනීමට නොහැකිව ලතවන ඔබ වෙනුවෙන් මාස දෙකකින් ඉහත රෝගයන් සදහා ස්ථිර සුවයක් ලබාදීමේ හැකියාව වේයන්ගොඩ වටද්දර පුරාණ විහාරයේ විහාරාධිපති  මාඉඹුලේ නන්දාරාම වේද හාමුදුරුවන් සතුව ඇත

දේශීය වෛද්‍ය විද්‍යාව රාවණා සමයටත් එහා සිටයි අප දේශීය වෛද්‍ය විද්‍යාව ලොව මවිත කරවමින් බටහිර වෛද්‍ය විද්‍යාවට සුවකළ නොහැකි රෝගීන් සුවපත් කිරීම අරුමයක් නොවේ   අතීතයේ සිට බොහෝ විට දේශිය වෛද්‍ය විද්‍යාව අනාගතය කරා පැමිණියේ පරමිපරා ඔස්සේය විවිධ රෝගාබාධ වලට ප්‍රකට වෛද්‍ය පරම්පරා දක්නට ලැබුණි අද වනවිට බොහෝ වෙද පරම්පරා අභාවයට ගොස් ය ඒ සමඟම අපට අහිමි බෙහෙත් වට්ටෝරු අතිවිශාලය

අද බොහෝ දෙනා පිහිට පතන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවයි ඇතැම් විට සුළු බෙහෙත් වට්ටෝරුවකින් සුවකල හැකි රෝගාබාධ සඳහා ද වර්තමානයේ ජනතාව බෙහෙත් කිරීමට පුරුදුව සිටී

මෙරට ජනතාවගේ නිරෝගී සුවය සඳහා කටයුතු කටයුතු කරමින්

අපගේ දේශීය බෙහෙත් වට්ටෝරු සකස් කළ බවට විශ්වාස කරන්නේ ඒ සඳහා විශේෂඥ දැනුමකින් යුත් සෘෂිවරුන් බවට විශ්වාසය පවතී අප කළ යුත්තේ දේශීය වෛද්‍ය විද්‍යාව හෑල්ලුවට ලක් කිරීම නොව මෙම බෙහෙත් වට්ටෝරු වලින් ලැබෙන විස්මිත සුවය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කර ගැනීමයි එවිට සමස්ත ලෝකවාසී ජනතාවටම සුවය සලසා දීමට මේ පුංචි දිවයිනට හැකියාවක් ලැබෙනවා ඇත

එකල අපගේ මුතුන්මිත්තන් උපතේ සිට මරණය දක්වා බොහෝ කාරණා සඳහා ගමේ විහාරස්ථානය මුල් කරගෙන කටයුතු කළේය ගමේ බොහෝ කටයුතුවලදී පෙරමුණ ගත්තේ ගමේ විහාරස්ථානය ලොකු හාමුදුරුවෝ ඇතුළු සංඝයා වහන්සේලාය මේ ආකාරයෙන්ම වෙදකම සඳහා ද පෙරමුණ ගත් සංඝ පරපුරවල් එකල බහුල විය අදද විවිධ වෛද්‍ය ක්‍රම උරුම කරගත් සඟ පරපුර මෙරට ජනතාවගේ නිරෝගී සුවය සඳහා කටයුතු කටයුතු කරමින් පවතී

වටද්දර සංඝ වෙද පරපුර එවැනි පරපුරකි බටහිර වෛද්‍ය ක්‍රමය මගින් අයඩින් ඌනතාවය නිසා ඇතිවන ගලගණ්ඩය හෙවත් ගමේ වචනයෙන් කියවෙන වායු ගෙඩි සුව කරගැනීමට සැත්කම් හෝ දීර්ඝකාලීන ඖෂධ ලබාගත යුතු වේ දේශිය වෛද්‍ය ක්‍රමය උපයෝගී කරගෙන උදෑසන තුනට පාරම්පරික ඖෂධ වට්ටෝරු භාවිතයෙන් මෙම අයඩින් ඌණතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ මෙම විහාරයට විශාල වශයෙන් ජනතාව පැමිණෙන අයුරැ දැක ගත හැකිය

අනුරාධපුර යුගයේදි විවිධ ස්ථාන වල සැගව සිටි වළගමිබා රජතුමා මෙම ස්ථානයේ හා අවට දඩගමුව වාරණ මාළිගාතැන්න ප‍්‍රදේශවල වාසය කලේය එම රජතුමා සමග අනුරාධපුරයේ වෙද පරම්පරාවේ කිහිපදෙනෙක්ම වටද්දර ප‍්‍රදේශයට පැමිණියේය එකල සිට මෙම ස්ථානයේ විහාරස්ථානයක් ද ඉදිවූ අතර විහාරය කේන්ද්‍ර කරගෙන අද දක්වා මෙම දැනුම අඛණ්ඩව ගලා ආවේය මෙම විහාරස්ථානය ප‍්‍රදේශයේ අනෙක් ස්ථාන වලට වඩා උස් ගල් තලාවක් ආශ‍්‍රීතව ඉදිවී තිබීම ද ජනප‍්‍රවාද තහවුරු කිරීමට ලැබෙන එක් සාක්‍ෂියකි අනෙක් සාක්‍ෂිය වන්නේ ඔවුන් සතුව පවතින රහස් බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොල ග‍්‍රන්ථයන්වේ.

එකල සිට මෙම සග පරපුර මෙරට වාසීන්ගේ නෙතට පණ දීමට ගත් වෙහෙස මිල කළ නොහැකි තරම්ය මෙම වෙදපරපුරේ වර්ථමාන උරුමක්කාරයා වටද්දර පුරාණ විහාරයේ විහාරාධිපති මාඉඹුලේ නන්දාරාම හිමියන්ය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් රහස් බෙහෙත් වට්ටෝරු වලට අනුව නිපදවන ඖෂධ ප‍්‍රතිකාර සඳහා භාවිත කරනු ලැබේ

ඔබටත් මෙම විශ්මිත දේශීය  වෙදකමේ අත්දැකීම් ලබා ගැනීමට හෝ ප‍්‍රතිකාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ගමන් මාර්ගය කෙටියෙන් මෙසේය වේයන්ගොඩ නගරයේ සිට කටුනායක මාර්ගයේ කිලෝමීටර 1.5 පමණ කටුනායක දෙසට පැමිණි විට හමුවන වටද්දර පුරාණ විහාරයට පැමිණීමෙන් මෙම වෙද හාමුදුරුවෝ මුණගැසිය හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *