කිරින්දේ පාසැලක සිසුවියකට එම පාසලේම සිසුවියක් වස දිලා

මෙවර අ.පො.ස (ස.පෙළ) විභාගයට පෙනි සිටිනවා. පියා කියයි

හම්බන්තොට තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පාසලක අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින තම දියණියට එම පාසලේම සිසුවියක් විසින් වස දි ඇති බවට ඇයගේ පියා විසින්   (02) කිරින්ද පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිල්ල අනුව පසුගිය ඔක්තෝබර්  23 මෙම සිසුවිය පාසල ඇරි උපකාරක පංතියටද ගොස් සවස හතරට පමණ නිවසට පැමිණි පසු වමනය සැදිම නිසා තිස්ස රෝහලට ඇතුලත් කර ඇත.එහි දින හතක් පමණ නේවාසික ප්‍රතිකාර ලබා ගොස් සිටියදී නැවත අසනිපවිම නිසා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා ඇත්ත විසක් ශරිරගත විම නිසා මුඛයේ සිට ගුද මාර්ගය දක්වා බඩවැල්වල තුවාල සෑදි ඇති බවය.

ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට ගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලයට වස මිශ්‍ර විමෙන් බඩවැල් තුවාල විඇති බවය.එහි ප්‍රතිකාර ලබා පැමිණ සිටියදි යළිත් අසනිපවිම නිසා ඇය පසුගිය 30වනදින හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත.පළමුවෙන්ම වමනය සෑදුන දින අයගේ පන්තියේම සිසුවියක් විසින් ගෙනැවිත් දෙන ලද රෝලස් ආහරයට ගෙන ඇති බවත් එම සිසුවිය මෙයට මාස පහකට පමණ පෙර තම දියණියට තර්ජනය කර උඹට මේ පාර විභාගය ලියන්න දෙන්නේ නැහැ මිනී පෙට්ටියක් ලැස්තිකර ගනින් යනුවෙන් පවසා ඇති බවත් පියා විසින්කරන ලද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්වේ.සිද්ධය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය විසින් පරික්ෂණ අරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *