මුස්ලිම් දරුවන්ගේ දෑතින් මහ මග හැඩවන අපේ ජාතික ධජය

දේශපාලනික හෝ ජාති ආගම බේදයකින් තොරව එදා මෙන් අදත්

මේ දිනවල නගරයේ පොදු ස්ථාන වල අශෝබන ලෙස ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් ඉවත් කර සමාජයේ තරුණ සහ නව පරපුර එක්ව එම ස්ථාන අලංකාර කිරීම වෙනුවෙන් විවිධ සිතුවම් මවන දසුන් මේ දිනවල වැඩි වශයෙන් ප්‍රදර්ශනය කිරීම දැකිය හැකිය මෙම දසුන මීට වසරකට පමණ පෙර වත්තල මාබෝල ප්‍රදේශයේ මුස්ලිම් පාසැල අසල තාප්පයේ රටේ ජාතික ධජය නිර්මාණය කරන මුස්ලිම් දරුවන් පිරිසක්ය ඔවුන් ඒ සිදුකල ක්‍රියාව වෙනුවෙන් එදා බුහුමන් සමාජයෙන් නොමැති වුවද අදටත් එම පුවත සජීවී බව අපගේ හැගීමයි එම මුස්ලිම් පාසලේ දරුවන්ට උපහාරයක් ලෙස මෙම පුවත නැවත පල කරන්නෙමු මෙය දේශපාලනික හෝ ජාති ආගම බේදයකින් තොරව එදා මෙන් අදත් සිදුවේනම් කෙතරම් අගනේ ද

අද සවස කොළඹ මීගමුව පාරේ මාබෝල ප්‍රදේශයේ දී මේ දසුන් පෙළ හමුවී ඇත මේකියන දසුන ඔබ නිරන්තරයෙන් දර්ශනයක් විය හැක එහෙත් අප ශී ලාංකීය ජාතියක් ලෙස සියලු ජනවර්ග එක කොඩියක් යට සිටිනු දැකීම මොනතරම් වසනා වන්ත අභිමානවත් ලාංකීය ජාතියක් ලෙසින් ලෝකයට කියාදෙන පාඩමක් විය යුතුය මේ තාප්පය මත හැඩ ගැන්වෙන ජාතික කොඩිය අපේ ජාතියේ අභිමානයයි එය සිත්තම් කරණු ලබන්නේ මුස්ලිම් ජාතික පාසල් දරුවන් පිරිසක්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *