ලංකාවටම එකයි- පොළොවේ වැලළී සිටින මිනිසා –ගිනස් වාර්තාවට සූදානම්

දැනටමත් ලෝක වාර්තාවක් තබා අවසන්

නව ලෝක වාර්තාවක් තබමින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකීය නාමය සනිටුවහන් කිරීමට සැරසෙන මීරිගම රණවිරු කුමාර ජයසිංහ මහතාගේ එම වික්‍රමය එළඹෙන දෙසැම්බර් 21 වනදා රාත්‍රී 8.30 දැකගැනීමට හැකිය මෙම දුර්ලඹ අවස්ථාව නවීන තාක්ෂනය මගින් රටපුරා මෙන්න ලෝකය පුරා සජීවීව රැගෙන යාම වෙනුවෙන් අප වෙබ් අඩවිය සියලු කටයුතු සුදානම් කර ඇත සුජිත් කුමාර ජයසිංහ රණවිරුවා පොළව යට වැළලී සිදුකරන ත්‍රාසජනක අවස්ථාව සහ එදින ඉසිර දේවාලයේ මංගල්‍ය ඇතුළු විශේෂ අවස්ථා සජීවීව දැක ගැනීමට හැකිය

රණවිරු රුජිත් කුමාර ජයසිංහ මහතා විසින් මීරිගම ප්‍රදේශයේදී තමන් පිහිටුවීමට යන නව වාර්තාව සම්බන්ධයෙන් අදහස් පලකරන ලදී.

2011 වසරේ ඔක්තෝබර් 4 වන දින අලව්ව ප්‍රදේශයේ දී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධික්ෂණය යටතේ පැය හයක් පොළොව යට වැළලී ලංකා වාර්තාවක් පිහිටවූ තමන් එය ලෝක ගීනස් වාර්තාවක් බවට පත්කර ගැනීමට සූදානම් බව රණවිරු රුජිත් කුමාර ජයසිංහ ප්‍රකාශ කරයි

ඔහු මීරිගම ප්‍රාදේශයේ මාධ්‍ය හමුවක් තබා එසේ ප්‍රකාශ කළේය. දැනට ලෝක ගිනස් වාර්තාව පවතින්නේ ඉන්දියානු ජාතික පුද්ගලයකුට වන අතර ඔහු පොළොව යට සිට ඇත්තේ පැය දෙකක් පමණි..රණවිරු රුජිත් කුමාර ජයසිංහ විසින් පැය හයක තැබූ වාර්තාව ගිනස් වාර්තාවක් වුවත් එම කමිටුවට දැනුම් නොදීම නිසා නැවත මෙම වාර්තාව ගීනස් කමිටුවට දැනුම් දී සිදු කිරීමට කටයුතු කරමින් පවතින බවටයි ඔහු සඳහන් කරන්නේ. .

ඔහු සඳහන් කරන්නේ සාමාන්‍ය පුද්ගලයකුට පොළොව යට රැලි වී සිටිය හැක්කේ මිනිත්තු විස්සක් පමණක් වුවද තමන්ට භාවනායෝගීව අවසර ලබා දුන්නොත් පැය විසිහතරක් සිටිය හැකි බව බවයි

ඔහු අනූව දශකයේ යුද හමුදාවට එක් වී මවිබිම ත්‍රස්තවාදීන් ගේ මුදාගැනීම සඳහා යුධ වැදී උදාර සේවාවක් කළ රණවිරුවෙකි 1974 වසරේ අලව්ව ප්‍රදේශයේ උපන් ඔහු වර්තමානයේ මිරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිව සිටී.

අඩි හයක් දිග අඩි තුනක් පළල අඩි තුනක් ගැඹුරු වලක භාවනානුයෝගී ව සිටියදී ලෑලි දමා පස්වලින් වසා වාතාශ්‍රය නොලැබෙන ලෙස මුද්‍රා කිරීමෙන් අනතුරුව ඒ මත පොල් කටු දහසක් අඩංගු දර ඇසුරුමක් සකස් කර එයට ගිනි තබනු ලැබේ. දෙසැම්බර් 21 වන දින පල්ලෙවල ප්‍රදේශයේදී පෙර සුදානමි විමෙි අවස්ථාවක් සිදුකිරීමට නියමිත අතර ලබන වසරේ ජනවාරි මස මෙම නව වාර්තාවක් පිහිටුවීමට ඔහු සූදානම්ව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *