නුවරඑළියේ පස් කන්දට යටවූ තිදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි

අතුරු දහන්වු සිසුවා සොයා තව දුරටත් මෙහෙයුම්

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධි වර්ෂාවත් සමග වලපනේ නිවසකට පස් කන්දක් හා ගල් කඩා වැටිමෙන් තිදෙනකු මිය ගොස් තවත් අයකු අතුරු දහන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බි. ආර්. ප්‍රෂ්පකුමාර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු පුෂ්පකුමාර මහතා පවසන ලද්දේ 30වන දින රාත්‍රියේ ඇද හැලුන වර්ෂවත් සමග වලවනේ මහනුවර මාර්ගයේ මුන් වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස්හා ගල් කඩා වැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය.

මෙම අනතුරින් එම නිවසේ පදිංචි අබු සැමි යුවලක් හා සිසුවියක් මිය ගොස් ඇති බවත් තවත් සිසුවෙක් අතුරු දහන්ව ඇති බවද ඔහු පවසන ලදි.

නුවරඑළිය යුධ හමුදා කදවුරේ නිලධාරින් වලපනේ පොලිසිය හා ප්‍රදේශයේ ජනතාව මෙම ස්ථානයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදි මිය ගොස් සිටි අබු සැමි යුවලගේ හා සිසුවියගේ මල සිරුරු සොයා ගෙන ඇති බවත් අතුරු දහන්වු සිසුවා සොයා තව දුරටත් මෙහෙයුම් සිදුකරන බවද පුෂ්පකුමාර මහතා පවසන ලදි.

මෙම ස්ථානය තුල පවතින නාය අවදානම් හේතුවෙන් මෙම නිවෙස් හිමියන්ට මෙයටද එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අපදා කලමණාකරන ඒකකය මගින් දැනුම් දිඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *