2025 රටටම දහම් ! විමුත්තිය! සටන ඇරබේ!

මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ඉවරයි!   

රටපුරා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු ආසන සංවිධායකවරුන් හා මැති ඇමතිවරු එක්ව දිස්ත්‍රික් මට්ටමින් එළබෙව මහා මැතිවරණයේ දී මනාප තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පමණක් ප්‍රකාශ කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට වැඩිපුර බහුතර බලයක් ගන්නට මේ වන විට රට පුරා ආසන මට්ටමින් දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නට පියවරගෙන තිබේ.

මේ අනුව, ජනපතිට බලකරමින් නම පක්ෂයෙන් අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලය පත් කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නට රහසේ  මේ වන විට රටපුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් සංවිධානාත්මකව  ක්‍රියාත්මක වෙමින් පවති. මේ අනුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ දියකර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුක් පිහිටුවන්ට මෙහි අරමුණු බැව් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධාකයෝ පවසති.

මේ අනුව, ඉදිරි මහ මැතිවරණයේ දි පොහොට්ටුව ලකුණින් ආවද පුටුව ලකුණින් තරඟයට ඉදිරිපත් වුව ද අපි ශ්‍රි ලංකා නම් පදනම මත මනාප ලබා දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුක් සකස් කිරිම මෙහි අරමුණයි.

මේ යටතේ  ලංකාවේ  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට උරුමකම් කියන ජනපතිවරුන්ගේ  පුතුන් 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් කර රාජපක්ෂ පාලනය තුරන් කිරීම මෙහි අරමුණ වේ. මේ ජනපති වරණයට දැනටමත් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. ආණ්ඩු පක්ෂය බලය හොර රහසේ බෙදන්න උවමනායි.

නමට පමණක් ඉදහල්ලා.ආණ්ඩුවේ ඉදලා රාජපක්ෂලාගේ වැඩ කුරුවල් කරපල්ලා. මාස තුනෙන් ආණ්ඩුව අපේ අතේ.  සිරිසේන කළා වාගේ ගෝඨාභයටත්  කරලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලමු. හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති  ඇමතිවරු සංවිධායකයින් හා හිටපු ජනපති වරු ගම් මට්ටමින් බිමි මට්මින් සටන දියත් කරමින් මෙම දැවැන්ත සටන අරබා තිබේ. ( ? ……පැවති රහස් සාකච්ජාවක් ඇසුරෙනි) හිටපු ජනපතිවරුන්වන් චන්ද්‍රිකා හා මෛත්‍රි දේශපාලනයට සජීවම එක්වෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *