රට ආදර්ශයක් දෙමින් පුරන් කුඹුර අස්වද්දන කරන්දෙණියේ පාසල් දරුවන්

බත් රස දන්නෝ වෙළ හදුනන්නෝ පුංචි ගමරාළ ගම හාමිනේලා පුරන් දෙනියට පන්නරය දෙති!

සහල් මිල අහස උසට නගිමින් ජනතාවගේ තුන්වේල කන්නට නොහැකි ආර්ථිකයක් රටට දායාද කල පාලකයන්ට හොද පාඩමක් කියාදීමට පාසල් සිසුන් පිරිසක් පෙරමුණ ගැනීමේ පුවතක් ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි පෙරදිග ධාන්‍යා ගාරයා යන විරුදාවලියෙන් හැදින්වූ මෙසිරිලක වර්තමානයේ රටින් සහල් නැවක් එන තැනට පත්කළ පාලකයන්ගේ කණ හරහා හොද පහරක් දීමට සමත් දරුකැල රටටම ආඩම්බරයකි වසර ගණනක පුරන් කුඹුර අස්වැද්දීම තුලින් රටටම ලොකු ආදර්ශයක් සපයා ඇත.

ගාල්ල, කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන් පිරිසක් අක්කරයක් පමණ වන කුඹුරක් අස්වද්දවීමට කටයුතු කළහ.ඒ විදුහලට අයත්, වසර 23ක් පමණ පුරන් වී ගිය කුඹුරකි. සත්තකින්ම 1996 වසර වනතෙක් මෙම කුඹුර ගොවීන් විසින් අස්වද්දා තිබූ අතර, පසුව එය වල් බිහි වී පුරන් වී තිබිණි.වල් බිහිවී,මදුරුආකරයක් වු මෙය පරිසරයට හානිකර විය.විද්‍යාලයේ මාලක විජේසේකර මහතා මේ සඳහා මුලිකත්වය දෑරීය.ගොවියන් ලෙස සැරසුණු සිසුන් කුඹුරු කෙටූ අතර, සිසුවියෝ ගෙවිලියන් ලෙස සැරසී පැමිණ සිටියහ. කුඹුරේ වප් මගුල් උත්සවයද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *