විමර්ශනය රැසක් මෙහෙයවූ පොලිස් අධිකාරී බී.එස්. තිසේරාට ස්ථාන මාරුවක්

මෙරට පොලිස් දෙපාර්තමේන්තුව තුල වෙනස්කම් රැසක් සිදුකිරීම යටතේ මෙවර ස්ථාන මාරුව හිමිව ඇත්තේ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ වධහින්සා පැමිණවීම, රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම, විද්‍යා දැරියගේ ඝාතනය මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම සහ වධහින්සා පැමිණවීම, ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධව ද ඒ මහතා විමර්ශන සිදුකරමින් සිටියේය. ආන්දෝලනාත්මක නොවිසඳුනු ගැටළු ගණනාවක් සම්බන්ධව විමර්ශනය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරුකර යවා තිබේ.

පසුගිය රජය මගින් සිදුකල විමර්ශන රැසකට දායකවූ පොලිස් නිලධාරීන් රැසක් මේ වනවිටත් ස්ථාන මාරු ලැබීම සිදුව ඇත. මෙම ස්ථාන මාරුව සම්බන්ධ පොලිස් නිවේදනය වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද(30) පෙරවරුවේ නිකුත්කර නිවේදනයේ සදහන් වන්නේ පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ ද ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුකර යැවීම සිදුකර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *