සජිත් ගෝඨාභයට සුභ පතා පක්ෂයේ නියෝජය නායක කමින් ද ඉවත්වෙයි

ශ්‍රී ලංකා වේ හත්වන විධායක ජනාධිපති වරයා තෝරාගැනීමේ මැතිවරණයේදී තමන් තීරණාත්මක සටනකින් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම තුල 2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත ඔඅහු වැඩි දුරටත් සදහන් කරමින් කියා සිටියේ

“ඉතා දැඩි වෙහෙසකර කැප කිරීමකින් සහ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීමත් මගේ වගකීමක් කොට සලකමි “ යයි සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.මේ වෙහෙසකර ගමනේදී මාසයකට අධික කාලයක් මට සහයවූ සියලු දෙනාට සුභ පතන බවත් තමන් මින්පසු ගතයුතු දේශපාලන තීන්දු සම්බන්ධයෙන් මෙනෙහිකර ඉදිරි දේශපාල කටයුතු සම්බන්ධයෙන් මගේ පාක්ෂිකයන් හමුවී ඒගැන රටට කියන බවත් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *