19 සංශෝධනය කිරීමේ සුදානමක් ගැන විපක්ෂ නායක කියයි

අද දින මැතිවරණ කොමිසම මගින් නිවේදනය කල පරිදේ මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වූ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පවා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය ලක්කිරීමට සිදුවනු ඇති බවත් ඒ පිළිබදව සියලු තොරතුරු ඉදිරියේදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන බවත් එම නිවේදනයේ සදහන් වේ.රටේ නීතිය සාමය ආරක්ෂාවන පරිදි ආණ්ඩුක්‍රම ව්යිවස්තාවට ගරු කරමින් ඉදිරි කටයුතු කරන බවත් පසුගිය රජය මගින් අසාධාරණයට ලක්වූ සියලු දෙනා සම්බන්ධයෙන් සොයා බලන බවද අදාල නිවේදනය මගින් සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *