ජන වරමට ගරු කරනවා ඇමති තනතුරු අත්හරිනවා // එජාප ඇමති පිරිසක් කියයි

ජන වරමට ගරුකරමින් ප්‍රජතනතවාදයට ඉඩ සලසමින් තේරීපත්වූ නව ජනාධිපතිවරයාට අවශ්‍ය නව රජය සහ කැබිනට් මණ්ඩලය තෝරාගැනීම සදහා තම තනතුරුවලින් අද දිනයේ සිට ඉවත්වන බව එක්සත් ජාතික පෙරමුණු රජයේ අමාත්‍ය වරුන් කිහිප දෙනෙකුම ඉවත් වීමට තීරණය කර ඇත නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක්කරමින් එසේ තනතුරු වලින් ඉවත්ව ඇත්තේ මංගල සමරවීර,හරීන් ප්‍රනාන්දු ,කබීර් හෂීම් ,රුවන් විජය වර්ධන ,අජිත් පී පෙරේරා යන මහත්වරුන්ය ඔවුන් ආණ්ඩුවේ මෙතෙක් දැරූ අමාත්‍ය තනතුරු වලින් ඉවත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි මගින් දැනුම් දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *