ජනපති අපේක්ෂකයෙකුට අපහස වන මඩ පත්‍රිකා බෙදු දෙදෙනා යලි රිමාන්ඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙක් හා අනෙක් පුද්ගලයා හෙට (15) දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙද නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහස වන පරිදි තොරුතුරු ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙක් හා තවත් පුද්ගලයෙකි

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුනේ උඩමුල්ල පදිංචි ජයන්ත හේමසිරි හා මිරිහානේ පදිංචි සුනිල් ප්‍රනාන්දු යන දෙදෙනායි ජයන්ත හේමසිරි නැමැත්තා කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙකි.

පුද්ගලයන් කිහිපදෙනෙකු මිරිහාන විජේසේකර මාවත ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා බෙදා හරින බවට අංකයට ලද තොරතුරක් අනුව මිරිහාන පොලිසිය මගින් ඉකුත් 10 වැනිදා මෙම සැකකරුවන් දෙදෙනා අත් පත්‍රිකා සමඟ අත්අඩංගුවට ගැණිනි.

එදිනම මිරිහාන පොලිසිය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

එම නියෝගය අවලංගු කළ මහේස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *