සජිත්ට,ගෝඨාභයට හැකිනම් මා සමග විවාදයකට ආරාධනය කරනවා

මෙරට දේශපාලන වෙදොකවට ජනතාවට නුහුරු අත්දැකීමක් වන ප්‍රධාන අපේක්ෂකයන් අතරේ ඇතිවන සංවාදයක අවශ්‍යතාවයක් ඇති බව අපි ජනතා ව්‍යාපාරයක් හැටියට විශවාස කරනවා ඒ නිසා අපි ආරාධනය කරනවා රටේ මහජනතාවට තම ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවැසීය.

තමා මීට පෙර ද මෙම අභියෝගය කළ නමුත් ඔවුන් දෙදෙනාම ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද දිසානායක මහතා පැවසීය.රටේ ප්‍රධාන මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සහභාගී කරගෙන කාටත් පිළිගතහැකි තැනක පැවැත්වීමට හැකියි. අපි දකිනවා අපේක්ෂකයෙක් වේදිකා තුලින් අනෙක් අපේක්ෂකයාට විවාදයකට ආරධනය කරනවා එහෙනම් මේක දෙදෙනෙකු අතර නොව ප්‍රධාන දරාවේ අපේක්ෂකයන් තිදෙනා වශයෙන් මම සජිත්ට සහ ගෝඨාභයට එක වේදිකාවක අපි විවාදය කරමු. එක මෙරටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *