දේශපාලනයේ වසන්තය වසංගතයක් වීම // සේනානායක උරුමය නැවත පනී

ලාංකීය දේශපාලනයේ පිමි පැනීමේ ලෝක වාර්තාව තබා සිටින වසන්ත සේනානායක මහතා අද දිනයේ තවත් පිම්මක් පනින ලදී ඒ සජිත්ගේ පිලේ සිට ගෝඨාභයගේ පිලටය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන රැස්වීම මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගණයේදී අද (8) සවස පැවැති අවස්ථාවේදී වසන්ත සේනානායක මහතා ගෝඨාභයගේ වේදිකාවට ගොඩවන ලදී.

දින 52 ආණ්ඩුවේදේ හතර වතාවක් පැති මාරුකළ වසන්ත සේනානායක අවසානයේ එජාප ගොඩේ රැදෙමින් රාජ්‍ය අමාත්‍ය තනතුරක වැඩ කරන ලදී මෙරට දේශපාලනයේ කීර්තිමත් දේශපාලන පරපුරකින් පැවත එන වසන්ත සේනානායක මහතා දේශපාලනයේ වර්තමානයේ හැසිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ දැඩි පිළිකුලට පත්ව ඇති බව ජනතාව සදහන් කරයි 2010 වසරේදී මීරිගම ආසනය නියෝජනය කරමින් ගම්පහ දිසාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසෙන ලදී.

එම රජය තුලද ආන්දෝලනාත්මක අදහස් දක්වමින් සිට 2015 වසරේ පොදු අපේක්ෂකයාවූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හංසයා දිනවීමට සහය දෙන ලදී අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වන සේනානායක මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී දී 52 ආණ්ඩුවේද අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව නැවත රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේද රාජ්‍ය අමාත්‍ය වරයෙකු වශයෙන් දිවුරන වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයාට සහය දක්වමින් කෑගල්ල දිස්ත්‍රිකයේ මැතිවරණ කටයුතු ආරම්භ කරන ලදී.

පසුව ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් නැවත පිල් මාරුකිරීමේ අවස්ථාව සලසා ගන්න ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන් අද දින පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට පොලොන්නරුවේදී වේදිකාවට ගොඩවන ලදී මෙරට දේශපාලනයේ වර්තමානයේ අස්ථාවරම දේශපාලකයා වශයෙන් ඔහු තබා තිබූ වාර්තාව නැවත අලුත් කරන ලදී මෙරට පළමු අග්‍රාමාත්‍ය දී එස් සේනානායක මහතාගේ මුනුම්බුරෙකු වශයෙන් මෙරට දේශපාලනයේ දීර්ඝ ගමනකට අවස්ථාව තිබූ ඒ මහතාගේ දේශපාලන ගමනට එක්වන මෙම කළු පැල්ලම එතරම් සුබ දායක නොවන බව කිව යුතුය පවුල් බලයෙන් මාන්නයෙන් හිස උදුමා ගැනීම තමන්ගේ හෙළුව ලොවට පෙන්න්වීමක් බව අවසන් වශයෙන් සදහන් කරමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *