පොහොර නැව පිටිපස්සෙන් වකුගඩු නැවත් ගෙන්වන්න ජනපති කියයි!!

මේ දිනවල ජනාධිපති වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ගොවියාට පොහොර නිකන් දෙන කථාව ගොවීන්ට නොමිලේ දීමට රසායනික පොහොර පිට රටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැවක් ද ගෙන්වන එක හොඳයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි .ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකලේ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් එහි පැවැති උත්සවයක් අමතමිනි.

මම ජනාධිපතිවරයා වශයෙන් පත්වූ පසු රසායනික පොහොර තහනම් කලේ ගොවියාට තියෙන ආදරයට මිසක් තරහට නොවන බවත් දුප්පත් ගොවියා නඟා සිටුවීම අවශ්‍ය බව සඳහන් කල ජනාධිපතිවරයා පොහොර නොමිළයේ ලබාදිම තුලින් වකුගඩු රෝගීන් වැඩිවිම සිදුවන හෙයින් එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බවද කීවේය.ලෝක සෞඛ්‍යය සංවිධානය පර්යේෂණ විශ්ව විද්‍යාල පර්යේෂණ අංශ කරන ලද සියළු පර්යේෂණ වලින් ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ රසායනික පොහොර,කෘෂි රසායන වකුගඩු රෝගයට මුල්වීතිබෙන බව යැයි ජනාධිපතිවරයා කීය.ගොවි ආර්ථිකය ශක්තිමත් කළයුතුයැයිද,සහනාධාර දියයුතු බවද එහෙත් පොහොර නොමිළයේ දීම හොඳ වැඩක් නොවන බවද ජනාධිපතිවරයා කියා සිටින ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *