SB ගේ ආරක්ෂකයින් ගිණිගත්හේනේදී වෙඩි තබයි!!!දෙදෙනෙකුට තුවාල

ජනාධිපතිවරණයේ පළමු භීෂණය මුදාහරිමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වර්තමාන පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.වාර්තාවන පරිදි sb දිසානායක මන්ත්‍රීවරයා රැගත් රථපෙළ ගිනිගත්හේන ප්‍රදේශයේදී අවහිරවීම නිසා මාර්ග තදබදය අතරින් ඉදිරියට යාමට උත්සහ කිරීමේදී මෙම සිද්ධිය සිදුව ඇත අදාල මාර්ගයේ ඉදිරියට යාමට නොහැකි බව දැන්වීමත් සමග ගැටුම හටගෙන ඇත පොලීසිය පවසන්නේ මන්ත්‍රීවරයා ගමන් කල වාහනය අවහිර කරන ලද පිරිසකට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.මෙම වෙඩි තැබීමසම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *