තුන් හෙළයේ ගීත කෝකිලාවිය රුක්මණීට දිවි අහිමි කළ බවුසරය ටෙන්ඩරයකින් ගරාජ් හිමියෙකු අතට

තුන් හෙළයේ ගීත කෝකිලාවිය රුක්මණී දේවියට දිවි අහිමි කළ තෙල් බවුසරය අනතූර සිදු වී වසර 41 කට පසුව ඉකූත්දා (6) ටෙන්ඩරයකින් අතූරුගිරියේ ගරාඡ් හිමියකූ අතට පත්වෙයි.
එම අනතූරු සිදුව තිබුණේ 1978 ඔක්තෝබර් 28 වෙනිදාය.
24 ශ්‍රී 0862 දරණ මෙම බවුසරයේ මෙතෙක් හිමිකාරිත්වය පැවරැනේ ප~ුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියටය.
වසර ගණනක් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබී නඩුව අවසන් වීමෙන් පසුව ප~ුවස්නුවර විවිධසේවා සමුකාර සමිතියේ ගරාජයක වසර තිස් පහකට අධික කාලයක් තිබුණත් හොඳ ධාවන තත්වයේ පැවතීම විස්මය ජනක බව එහි සේවකයෝ පවසති.
මෙම බවුසරය සඳහා ටෙන්ඩර් පත් 05 ක් ලැබී තිබුණ බවත් වැඩිම ඉල්ලූමකරු වන ප්‍රදීප් දේවේන්Þ ජයතිලක යන අයට රුපියල් 3,28,000 කට එහි හිමිකම ලැබුණ බවද සමූපකාරයේ සභාපති රංජිත් ධර්මසිරි මහතා පවසයි.
රුක්මනී දේවිය ගමන් ගත් හයි එස් වෑන් රථයේ වර්ගය අදටත් හදුන්වන්නේ රුක්මනීදේවී මොඩලය යනුවෙනි
මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවති ගී ප්‍රසංගයකට සහභාගී වී එන අතරතූර ජාඇල දී රුක්මනී දේවී මහත්මිය ගමන් ගත් වෑන් රථය මෙම තෙල් පවුසරයේ ගැටී පොඩි පට්ටම් වී තිබූනි.
ඒ අනතූරින් ඇය සහ ඇය සමග ගිය ප්‍රවීන ඡායාරූප ශිල්පී දයා පෙරේරාද එම සථානයේදීම මිය ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *