සරසවි සිසුන්ට සාර්ථක ව්‍යවසායකයෙක් වන මග //ජනපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත

සරසවි සිසුන්ට සාර්ථක ව්‍යවසායකයෙක් වන මග කියාදුන් ජනපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත
අනෙක් ජනපති අපේක්ෂකවරුන්ට වඩා වෙනස් කතාව මෙන්න-

මෙහි සඳහන් වන්නේ කැලණි සරසවියේ පැවැති වැඩසටහනකදී ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා සිදුකල කතාවක කොටසකි

දැනට ලංකාවේ වර්තමාන අධ්‍යාපනික අර්බුදය එක්ලක්ෂ අසූ දාහක් පමණ සරසවියට සුදුසුකම් ලබලා රජයට පුළුවන් අවුරුදු 71ක ට පස්සේත් තිස්දහසකට පමණයි සරසවි වරම් දෙන්න. අනිත් දරුවෝ අමතක කරන්න අපිට බැහැ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා.යු.ජි.සි කියන එක high education regulation authority කියලා වෙනස් කරන්න. ඒ කියන්නෙ මෙහෙට එන ඕනෑම ආයතනයක් ඒක හාවඩි විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්.ඒක oxford විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්? අපේ රටේ තියෙන අධ්‍යාපනික ගුණාත්මකභාවය ඒ තියෙන තත්ත්වයන් පහත දමා ඔහුන්ව මේ රටට ගෙන්වන්න කටයුතු කරන්නේ නැහැ . ඒවගේම මේ ක්ෂේත්‍රවල ගමනාගමන විශේෂයෙන් ශ්‍රේෂ්ඨ ක්ෂේත්‍ර තුනක් තියෙනවා. අපි හඳුනාගත්. අධ්‍යාපනය ගමනාගමනය හා සෞඛ්‍යය මේ ක්ෂේත්‍ර තුනටම අපි පුද්ගලික ව්‍යවසායකයින්ට ආයෝජකයින්ට ආරාධනා කරනවා. නමුත් ඔහු රාජ්‍ය නියමයකට යටත් වෙනවා. ඒවගේම එක ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ ප්‍රතිපත්තිය තමා. ඔවුන්ට ලාභ ලබන්නට බෑ. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ලාභ ලබන්නේ නැතුව ව්‍යයවසායකයෙක් එයිද කියලා,
ලාභ ලබන්න පුලුවන් ඔහුන් ප්‍රති ආයෝජනය කළ යුතුයි. ඒ ක්ෂේත්‍රය තුළ ම .අධ්‍යාපනය තුළින් ලාභයක් ලබනවා නම් ඒ ලාභය ඔහුන් අධ්‍යපන ක්ෂේත්‍රයේම ආයෝජනය කළ යුතුයි‍

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලාභයක් ලබනවා. එම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ම ඒ දේ යෙදවිය යුතුයි.. අපේ ප්‍රතිපත්ති මාලාව සකස් වී ඇත්තේ ඒ විදිහට තමයි. අපේ ප්‍රතිපත්ති මාලාව සකස් වී ඇත්තේ අවුරුදු 71ට පස්සේ ආර්ථිකේ දිහා බැලුවහම වැඩිම ආදායම අපිට ලැබෙන්නේ.. ලැජ්ජ නැතුව.. මේ ප්‍රධාන පක්ෂ වලින් අදටත් කියනවා මැදපෙරදිගින් තමා අපිට වැඩිම මුදල ලැබෙන්නේ කියලා. ඇමරිකන් ඩොලර් බිලියන 8ක් 10ක් අතර මුදලක් ඇමෙරිකන් ඩොලර් මිලියන 8000 අපිට ලැබෙන කොට ට වැඩිය විශාල සමාජ ප්‍රශ්නයක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.. වෙමින් පවතිනවා . මෙච්චර කල් නිර්මාණය වුණා. ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට තමන්ගේ මවගේ ආදරය සෙනෙහස උණුසුම නැතිව ගියාම එතකොට කොහොමද? අපි මේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට කරුණාවන්තකම ආදරය මේවා කියල දෙන්නේ කොහොමද? මේ අයට මේ ගැන අත්දැකීමක් නැහැ. ඒ අය තමයි සමාජ විෂමතා වලට සිඝ්‍රයෙන් ඇදී යන්නේ

කුඩු වගේ දේවල් වලට. හිතනවට වැඩිය ලොකු ප්‍රශ්නයක් ඒක.. මේවට ගොදුරු වන්නේ අම්මගෙ උණුසුම ලැබිල නැති පොඩි කාලේ ආදරේ කියලා මොකක්ද තේරෙන්නේ නැති කම නිසායි මේ තියෙන ආර්ථික ව්‍යුහය අපි වෙනස් කරන්න තමයි මේ ප්‍රතිපත්ති සකස් කර තිබෙන්නේ.. ඒ වගේම මගේ විනාඩි කිහිපය තුළින් මේ දරුවන්ට දැනුමක් දෙන්න කැමතියි ඒ තමයි මම පුද්ගලයෙක් හැටියට හැමදාම දිනපොතක් තියෙනවා. ඒ දින පොතේ මුල් පිටුව වල මම ලියලා තියෙනවා.මගේ ඉලක්කයන් මොනවාද කියලා.. මම මේ අවුරුද්දේ මොනවද කරන්න බලාපොරොත්තු වන්නේ කියලවත් මගේ දිනපොතේ මුල් පිටුවේ ලියල තියෙනවා. ඔබත් දිනපොතක් භාවිතා කරනවානම් ඒක කරන්න.. මොකද හේතුව ඉලක්කයක් නැතුව අපි කොහෙටවත් යන්නෙ නෑ.. විශේෂයෙන්ම මේ දරුවො තමන්ගේ ජීවිතයේ ඉලක්ක කරගත යුතුයි. මේ තියෙන ක්‍රමවේදය තුළ සාර්ථක වෙන්න ඉතාම අපහසුයි. මම සාර්ථක වුණේ මේ ක්‍රමයම තුළින් තමයි. හැබැයි ඒක ලේසි නැහැ. මට මගේ ආයෝජකයන් සොයා ගන්න මෙහෙට ගෙන්න 46 වතාවක් ජපානයට යන්න සිදුවුණා. වෙලාවට මට 46 වතාවක් ජපානයට යන්න ආර්ථික ශක්තියක් තිබුණා.. මගේ තාත්තා තමයි ඒකට උදවු කලේ.. නමුත් හතළිස් හත්වැනි වතාවේ තමයි ඒක සාර්ථක වුණේ.

ඒක නිසා මේ දරුවන්ට මම කියන්නේ ඉලක්කයක් පනවා ගන්න. තමන්ගේම. ව්‍යවසායකත්වය කියන්නේ මේ රටට අවශ්‍ය දෙයක්. අඩුම ගානේ හොඳ ව්‍යවසායකයින් ඉන්න රටවල් තමා මේ ලෝකෙ ඉදිරියට ඇවිත් තිබෙන්නේ. ඒක නිසා විවසායකත්වය කියන එක වැදගත් . තමන් හිතන්න. සොෆ්ට්වෙයා එකක් වෙන්න පුළුවන්. දැන් අපි air බිඑමිබි එක ගත්තොත් ඒක මම හිතන්නේ හෝලන්ඩ් වලට අයිති. ඒ රටට වෙන මොකුත් කරන්න අවශ්‍ය නැහැ හැම රටකම කොහේ හරි කාමරයක් බූක් කරනකොට ඒ රටට මුදල් එනවා. software එකක් වෙන්න පුළුවන් අලුත් නිර්මාණයක් වෙන්න පුළුවන්. මම කරනවා වගේ. ඒ වගේ නිර්මාණයක් ගැන හිතන්න.. ව්‍යවසායකයෙක් වන්න හිතන්න.රටට ව්‍යවසායකයින් අවශ්‍යයි. විවසායකත්වය තුළ ලොකු අවදානමක් තිබෙනවා. අපේ රටේ ඒ අවදානම ගන්න තමයි ඩීඑෆ්සීසී .එන්ඩීබී බැංකු මෙරටට හඳුන්වා දුන්නේ.. රටක් හැටියට ඒ අවදානමෙි එහි කොටසක් බාරගැනීම රජයේ වගකීමක්. නමුත් අද වන විට එම බැංකු ඒවත් වාණිජ බැංකු බවට පත්වෙලා. හරි ගියොත් හරි වැරදුනොත් උන්හිටි තැන් නැති වෙනවා. ඒක නිසා මේ ව්‍යවසායකත්වයට එන්න බයයි. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රතිපත්ති මාලාවේ හඳුන්වලා දීලා තියෙනවා. නැවතත් එම අවදානම 50% රජය දැරීමේ තැනකට පත් කිරීම අපේ ප්‍රතිපත්ති වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ දරුවන්ට කියන්නේ මේ රට මේ යන විදිහට පේනවා. මුදල් වැඩිපුරම තියන කෙනා තමා මේ පාරත් දිනන්නෙ

මම තමයි ජනාධිපති අපේක්ෂකයින් අතර වැඩිම බදු ගෙවන කෙනා වැඩිම විදේශ විනිමය මෙරටට ගෙන පුද්ගලයා වැඩිම රැකියාවක් මෙරටට සපයා දීලා තියෙන පුද්ගලයා…නමුත් නීත්‍යානුකූලව බදු ගෙවා හරිහම්බ කරන මනුස්සයෙකුට මේ තරගයේ දී හැරෙන්නවත් බෑ. ගොඩක් අය කියනවා කෝ කැම්පේන් එක පේන්නෙ නෑනෙ කියලා. ඔව් කැම්පේන් එක පෙන්නන්න පුලුවන්. ඒකට අඩුගානේ බිලියන දෙක තුනක් යනවා. ඉතින් මහන්සියෙන් හම්බ කරන කෙනෙක් එහෙම වියදම් කරන්න ලෑස්ති නෑ. මම වියදම් කරලා තියෙන මුදලත් මම හිතලා තියෙන්නේ මේ රටේ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න කරන ආයෝජනයක් හැටියටයි. ඒක නිසා මේ හැම දරුවෙකුටම මට කියන්න තියෙන්නේ මේ යන ක්‍රමයට නම් අපිට රුකුලක් වන්නේ නැහැ. මේ සිස්ටම් එක

ඔබේ ජීවිතය ගොඩ දාගන්න. තමන්ට තමන්ගේ වෑයමෙන් තමයි ගොඩ දාගන්ඩ වෙලා තියෙන්නේ. මටත් සිදුවුණේ එහෙමයි. මම හදනවා. මම එළියට ඇවිල්ල මේ සටන් කරන්නේ කොහොම හරි මේ දරුවන් වෙනුවෙන්.. මහන්සි වන්නේ.. මෙල්බන් වලට ගියාම පලවෙනි ප්‍රශ්න ටික එක් අවුරුද්දෙන් විසඳෙනවා. වාහනයක් ගන්න එක. ගෙයක් ගන්න එක. තමන්ගේ විවාහයට මුදල් හොයාගන්න එක. මේ ඔක්කොම එක අවුරුද්දෙන් විසඳල හමාරයි..ඉතින් මේ රටේ තිබෙන කරදින් ඛනිජ වැලි ටික පොස්පේට් ටික ගැපයිටි ටික මේ ඔක්කොටම value වැලිවේෂන් වලට ගියොත් ඒ තුළින් පමණක් ගොඩ දාන්න පුළුවන්. ඒක නිසා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරල කියන්නේ. හිතළුවක් හැටියට කියනවා නොවේ. මේ දරුවො කොහොමහරි සිතාගන්න . තමන් තමන්ගෙ ජීවිත සාර්ථක කරගන්නවා කියලා. මේ තුළ සාර්ථක කරගන්න ටිකක් කල් යයි මෙි ක්‍රමය පෙරළා ගන්න. හැබැයි අධිෂ්ඨානයෙන් කියනවා.මේ ක්‍රමය වෙනස් කරලා.මෙතන ඉන්න තරුණ පිරිසට නෙමේ ඊලග පරම්පරාවටත් සාධාරණ රටක් පිරිනමන තුරු මේ සටන අතහරින්නේ නෑ කියන එකනම් මෙම අවස්ථාවේ මම ප්‍රතිඥා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *