දියණියට කොඩි විනයක් කළේ යැයි මිත්‍යාවට රැවටී මහලූ යුවලක් කපා කොටා ඝාතනය කරයි

දියණියට කොඩි විනයක් කළේ යැයි මිත්‍යාවට රැවටී මහලූ යුවලක් කපා කොටා ඝාතනය කළ අමණයෙකූ ගැන ගනේමුල්ල පොලිස් වසමෙන් වාර්තා වෙයි.
දියණියන් තිදෙනාගෙන් එක් දියණියක් මානසික ආබාධකට පත් වුනේ අසල්වැසි නිවසේ තනිවම වෙසෙන මහලූ යුවළ කොඩිවිනයක් කළ නිසා බව කියමින් නිතරම මෙි මහලු යුවලට දොස් පවරණ බවද අසල්වාසීහු පවසති.
ඉකූත් 06 වෙනිදා මේ ඝාතකයා මත්පැන් බෝතලයක්ද තම නිවසට රැගෙන විත් ඉන් භාගයක්ම බී ගැහැණු දරුවන් තිදෙනාත් තම බිරිඳත් ගෙයි කාමරයකට දමා දොරගූලු දමා වසා ගෙදර තිබුණු තියුණු ආයුධයක්ද රැගෙන මහලූ යුවල පදිංචිව සිටි අසල්වැසි නිවසට පැමිණ සාහසික ලෙස කපා කොටා දෙදෙනාම ඝාතනය කර තිබිණි.
මේ සිද්ධිය සිදු වී ඉතා සුලූ වේලාවකින් අසල්වාසීන් දුරකතනයකින් මෙි සිද්ධිය පොලීසියට වාර්තා කර තිබිනි. වහා ක්‍රියාත්මක වූ ගනේමුල්ල පොලීසිය සැකකරු සහ ආයුධයද රාත්‍රියේදීම පොලිස් අත් අඩංගූවට ගෙන තිබිනි
මියගිය අයගේ මළ සිරුරු ගමිපහ රෝහලේ මෘත ශරීරා ගාරයේ වැඩි දුර පරීක්ෂණ සදහා තැන්පත් කර ඇත.

අවකාශය
සැකකරු තූවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ගනියි. මෙි ඝාතකයාගේ ඝාතනය සිදු කළ ආයුධය ඔහු විසින් සඟවා තිබුනා නමි පොලීසියට එය සොයා යාමට අවකාශ තිබුනි.
ඒසේ නම් මොහුට අධිකරණ තීන්දුවට පෙරම මෙලොවදීම හිමිවිය යුතූ නිසි ද~ුවම ලබා දීමට ඉඩ තිබුනි.
එසේ වූයේ නම් කොපමණ හොඳ දැයි බොහෝ දෙනා සිතනු නො අනුමානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *