උඩුදුම්බර කාශ්‍යප හිමියෝ උපවාසය අත්හරිති

වත්මන් ආණ්ඩුව, අමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ඡ් කෝපරේෂන් (එම්. සී. සී. ගිවිසුම )ගිවිසුම වහාම අත් හිටුවන්නැයි ඉල්ලමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් දියත් කළ උපවාසය ඊයේ (6) දහවල් සිට අත් හිටුවීමට උන්වහන්සේ තීරණය කර ඇත.
කොළඹ 7 නිදහස් චතූරශ්‍රයේදී මෙම උපවාසය පෙරේදා(5) පෙර වරුවේ දී ආරමිභ කර තිබූනි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිඛිත පොරොන්දු පත්‍ර දෙකක් උන්වහන්සේට ඉදිරිපත් කිරීමෙන් අනතූරුව උන්වහන්සේ මෙම උපවාසය අත්හරින්ට තීරණය කර ඇත.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ හොත් ශ්‍රී ලංකාවට වන හානිය පිළිබදව රටට පණිවිඩයක් ලබාදීම සදහා උඩුදුමිබර කාශ්‍යප හිමියන් මෙම උපවාසය දියත් කළ බව උපවාසය අත්හිටුවීමෙන් අනතූරුව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ලංකා ඒබීසී නිවුස් දුරකථනයෙන් කළ විමසීමෙිදී ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *