ගම්පහ සණස ගිලපු බහිරවයා නීතිඥ ලලිත ජයසූරිය CID අත්අඩංගුවට

තැන්පත් මුදල් කොටි ගණනක් පවුලේ බුදලයක් කල සභාපති

ගම්පහ සණස සංගමයේ සභාපති නීතිඥ ලලිත ජයසූරිය තැන්පත් කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි මත සිදුකල පරීක්ෂණයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශණ විශේෂ ඒකක 2 හි නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත නීතිඥ ලලිත ජයසූරිය දීර්ඝ කාලයක් ගම්පහ සණස සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් කොටි 400 වකට අධික ප්‍රමාණයක් සහ සණස නගර බැංකුවේ රුපියල් කොටි 90 අධික මුදලක් වංචාකාරී ලෙස තමන් විසින්ම සභාපති දූරය දරන ගම්පහ සංවර්ධන සමගම වෙත ලබාගෙන එම මුදල් විවිධ ව්‍යාප්ති සදහා යොදවා ඇත.

සණස සංගමයේ මුදල් සහ ගම්පහ නගර බැංකුවේ මුදල් මෙලෙස වංචාකාරී ලෙස කිසිදු නීතිමය බැදීමකින් තොරව ගම්පහ සංවර්ධන සමගම වෙත පවරා ඇත ඒ වෙනුවෙන් කිසිදු ඇපකරයක් තබාගෙන නොමැත තම සභාපති තනතුරේ බලය භාවිතා කරමින් ජනතාවගේ තැන්පතු මුදල් වංචාකාරී ලෙස තමන් විසින් ගොඩනගන ලද සංවර්ධන සමගම වෙත ලබාගෙන ඇත. පසුගිය කාලය පුරාම තැන්පතු කරුවන්ගේ මුදල් නොගෙවීම නිසා සැනස බැංකු වෙත තැන්පතු කරුවන් පැමිණ සභාපති වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව විරෝධය පලකරන ලදී.

මේ හේතුවෙන් ගම්පහ සණස සංගමයේ සභාපති දුරයෙන් ලලිත් ජයසුරිය මහතා ඉවත්වන ලදී ඒ වෙනුවට ඔහුට හිතවත් නගරයේ කොණ්ඩා කපන ව්‍යාපාරයක් කරන අජිත් කුමාර නමැති අයෙකු සභාපති පුටුවේ වාඩි කරන ලදී. ඔහු විසින් හිටපු සභාපති ලලිත් ජයසූරියට හිතවත් අයෙකු බව තැන්පතු කරුවන් විසින් අවස්ථා ගණනකදී විරෝධය පලකරන ලදී.ඔහු උත්සහ කරන්නේ ලලිත් ජයසුරියගෙන් ගිලිහුණු සණස මහා සභාවේ බලය තමන් සතු කරගනිමින් වැජබීමටය සමුපකාර කොමසාරිස් වරයාගේ කීමට පිටින් අයතා ගනුදෙනු රැසක් ගම්පහ සණස විසින් සිදු කර ඇති බව එහි විගණන පරීක්ෂණ වලින් තහවරු වන ලදී වසර ගණනාවක සිට සණස මුදල් වංචාව සම්බන්ධයෙන් සමූපකාර කොමසාරිස් වරයා මුනිවත රැකීම නිසා ජනතාවගේ තැන්පතු මුදල් කොටි ගණනක් තම හිතගි පරිදි ලලිත් ජයසුරිය විසින් පරිහරණය කර ඇත.

නීතිඥ ලලිත ජයසූරිය ඔහුගේ බිරිදගේ පාර්ශවය සමග එකතුව මේ කෝටි ගණනක මුදල් වංචාව කර ඇති බව තැන්පතු කරුවන් සහ සණස සේවකයින් සදහන් කරයි .රජයේ නිලධාරීන්ට පරදේශයේ දේශපාලකයන්ට රට සවාරි ලබාදෙමින් නීතිඥ ලලිත ජයසූරිය සිදුකල මහා මුදල් වංචාව නිසා දහස් ගණනක් තැන්පතු කරුවන් සහ සේවකයින් විශාල පිරිසක් මහා පාරට වැටී ඇත.

ගම්පහ සැම නගරයක් ආවරණය වන පරිදි වෙළද සංකීර්ණ ඉදිකරමින් එම ඉදිකිරීම් අලවි කරමින් සණස මුදල් වංචා කරමින් කාලයක් රිසිසේ තම වංචාවන් සිදුකල ගම්පහ සණස සංගමයේ සභාපති නීතිඥ ලලිත ජයසූරිය ගේ සහ ඔහුගේ පවුලේ පැටිකිරිය අප වෙබ් අඩවියෙන් එළිදැක්වීමට බලාපොරොත්තු වන අතර මෙම වංචාවට සම්බන්ධ සණස සංගමයේ සියලු දෙනාගේ පැටිකිරිය ජනගත කිරීම සිදුකරන බවද වගකීමෙන් සදහන් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *