උසස් පෙළ සමත් සියලූ සිසුන්ට සරසවි වරම් ලබාදෙනවා – ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ

උසස් පෙළ සමත් සියලූ සිසුන්ට සරසවි වරම් ලබාදෙනවා – ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ

ආරක්ෂාව ගැන දැනුමක් නැති රජයකින් රට සුරක්ෂිතවේ යැයි සිතිය නොහැකියි

  • අපි සමග සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්
  • ගොවීන්ගේ සියලූ ණය කපා හරිනවා
  • කර්මාන්තශාලා යළි ඇරඹීමට ණය දෙනවා
  • හොරණ නගර සභා පිටියේ රැුලිය

ආරක්‍ෂාව ගැන දැනුමක් සහ තැකීමක් නැති ඇමැති මණ්ඩලයක් සිටින ආණ්ඩුව තුළින් රටේ සුරක්‍ෂිතභාවය ලැබෙයි කියා හිතන්න පුළුවන්කමක් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ යන තේමාව ඔස්සේ හොරණ නගර සභා ක‍්‍රීඩාංගණයේ ඊයේ (16 වැනිදා* පස්වරුවේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැුලිය අමතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා – අයහපත් කාලගුණය නොතකා රැුඳී සිටි හොරණ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අපට අපේ රට ආරක්‍ෂා කරලා දෙන්න කියලයි ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා. රට නැවත ආරක්‍ෂා කරන්නයි ඉල්ලා සිටින්නේ. මේ රමේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් එදා යොදා තිබුණා. පැහැදිලි බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කරමින් සුරක්‍ෂිත වැඩපිළිවෙළක් යොදා තිබුණා. නමුත් අවාසනාවකට වසර දහයක් යන්නටත් පෙර මේ ආණ්ඩුවේ අ¥රදර්ශි වැඩපිළිවෙළ නිසා පල්ලිවල බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. රණවිරුවන්ගේ අභිමානය නැති කළා. බුද්ධි අංශය නිශ්ක‍්‍රීය කළා. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මේ හේතූන් නිසා රටේ ආරක්‍ෂාව අහිමි වුණා.

රටේ ආරක්‍ෂාව ගැන දැනුමක් නැති කිසිම තැකීමක් නොකරන ප‍්‍රමුඛත්වයක් නොදෙන ඇමැති මණ්ඩලයක් තුළින් රටක සුරක්‍ෂිතභාවයක් ලැබෙයි කියා විශ්වාස කරන්න බැහැ. ඉදිරියේදී තවදුරටත් සාමයෙන් ජීවත් විය හැකි සුරක්‍ෂිත රටක් ලබාදෙන බවට පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටිනවා. ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ සංවර්ධනයක් රටේ ඇති කළා. යටිතල පහසුකම් දියුණු කළා. කාපට් මාර්ග, ගුවන් තොටුපළ, වරාය ඇති කළා, ආසියාවේ වේගයෙන් දියුණු වන නගරය ලෙසට කොළඹ නගරය සංවර්ධනය කරමින් තිබුණා. රටේ ආර්ථීකය අද කඩාවැටිලා.

අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. සියලූ පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක‍්‍රියාත්මක කරනවා. එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත‍්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමග සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක‍්‍රියාත්මක කරනවා.

කළුතර දිස්ත‍්‍රික්කය විශේෂයෙන්ම අධ්‍යාපනය මත පදනම් වූ පළාතක්. විශාල වශයෙන් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් ඉන්නවා. අපි පළමු වසර සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවා. ඒ තුළින් උසස් පෙළ සමත් වන සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරනවා. අනිකුත් තරුණ තරුණියන්ට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබාදී ආර්ථිකයට දායක කරගත හැකි සුදුසු රැුකියා අවස්ථා ලබාදීමටත් කටයුතු කරනවා.

අපිට කෘෂිකර්මාන්තයෙන් ඈත් වීමට පුළුවන්කමක් නැහැ. රටේ බහුතරයක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අය. පොහොර සහනාධාරය අපි නොමිලේ ලබා දෙන්නේ ඒ නිසයි. ගොවි ජනතාවගේ තත්ත්වය ඉහළ නැංවීමට ගොවි ජනතාවගේ සියලූම ණය කපා හරිනවා. අද තේ වලට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. රබර්වලටත් එහෙමයි. ඒ වගේම තේ කර්මාන්තය අපේ ආර්ථිකයට වැදගත් කර්මාන්තය. විශාල විදේශීය විනිමයක් ලබාගත හැකි කර්මාන්තයක්. තේ කර්මාන්තය හා සම්බන්ධ සියලූම දෙනා කියන්නේ ඩොලර් බිලියන පහක් දක්වා

ගෙනියන්නට පුළුවන් තේ කර්මාන්තය අද කඩාවැටී ඇති බවයි. තේ කර්මාන්තයේ නියුතු පහළම කම්කරුවාගේ සිට කුඩා තේ වතු හිමියන්ගේ සිට විශාල තේ වතු හිමියන් දක්වා විශාල අර්බුදයක සිටිනවා.

අපි තේ වෙනුවෙන් විශාල මුදලක් ලබාගත යුතුයි. තේ කළවම් කිරීම නිසා ලෝකයේ පළමු තැන සිට හතර වැනි තැනට වැටිලා. අපි රජයක් වශයෙන් තේ වෙළෙඳපොළ දියුණු කරන්නට කටයුතු කරනවා. හොඳ තේ අපනයනය කිරීම හරහා හොඳ මිලක් ලබා ගන්නවා. මිල තීරණය කරන්නේ නැතිව ආර්ථිකය ගොඩනඟන්න බැහැ. සුළු හා මධ්‍යම ප‍්‍රමාණයේ තේ වතු හිමියන්ට නැවත වගා කරන්නටත්, අලූතින් වගා කිරීමටත් දිරිමත් කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රාග්ධනය ලබා දෙනවා. වැසී ගිහින් තිබෙන කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට ණය මුදල් ලබා දීමට කටයුතු කරනවා. මේ ආකාරයට තේ කර්මාන්තය ඉදිරියට ගෙන ගියේ නැති නම් අපේ රටේ මිලියන තුනක පමණ ජනතාවක් අසරණ වෙනවා. මේ සෑම දෙයක්ම සිදුවෙලා තිබෙන්නේ කිසිදු සැලැස්මක් නැති ආණ්ඩුවේ දුර්වලතාවය නිසයි. ඔබතුමන්ලා මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ සියලූම දෙනාට ජීවත් විය හැකි සුරක්‍ෂිත රටක් සහ ආර්ථිකයක් ලබා දෙනවා.

හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා – 1988 සිටම සෑම ජනාධිපතිවරණයකින්ම එජාප විරෝධී පිලට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාදුන් ආසනයකි. හොරණ දිස්ත‍්‍රික්කයට විශේෂ වැඩපිළිවෙළක් අප ක‍්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග සම්බන්ධ වෙලා තිබෙනවා. නව කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුම් අප සතුව තිබෙනවා. තරුණ බුද්ධිමත් පිරිස්වලට රැුකියා අවස්ථා උදා කරනවා. ආසියානු සංවර්ධන බැංකුව විසින් ව්‍යාපාරවලට හඳුනාගත් නගරය හොරණ නගරයයි. ඒ නිසයි අපි විශේෂ වැඩපිළිවෙළක් හොරණට ක‍්‍රියාත්මක කරන්නෙ. මේ හොරණ නගරය ශක්තිමත් කරමින් කටයුතු කරන්න අපි සූදානම්.

අද රබර්වලට හොඳ මිලක් ලැබෙනවාද? මේ ආණ්ඩුව ආවා විතරයි හැම දෙයක්ම බැහැලා. තේ, ගම්මිරිස්, කුරුඳු මේ සෑම දෙයක්ම බැහැලා. අපනයන බෝග කඩාවැටිලා. කාලකණ්ණි ආණ්ඩුවේ ප‍්‍රතිඵල නිසා තමයි රටේ ජනතාව දුක්විඳින්නේ. ගොවීන් වෙනුවෙන් රක්‍ෂණ හා විශ‍්‍රාම වැටුපක් අප ලබාදෙනවා. මේ රටේ ජනතාව පැහැදිලි ලෙසම අප වටා එකතු වෙමින් සිටිනවා. සමහරුන්ට දැන් ජනතාවට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඔක්සිජන් ලැබෙනවලූ. ප‍්‍රාදේශීය සභාවත්, කොට්ඨාසයත් පරදින එකම ජනාධිපති අපේක්‍ෂකයා සජිත් පේ‍්‍රමදාස බව බොහොම විශ්වාසයෙන් කියනවා. මෙවැනි තත්ත්වයක් තමයි අනික් පළාත්වලත් තිබෙන්නේ.

වැඩක් කළ හැකි නායකයෙක් අප ඉදිරිපත් කරලා තිබෙනවා. වැඩ කරලා පෙන්වලා තිබෙනවා. රටට සහ ජනතාවට ආදරය කරන වැඩ කළ හැකි අපේක්‍ෂකයා ජනතාවගේ ඡුන්දයෙන් පත් කිරීමට අවස්ථාව හිමි වෙලා. මේ ආණ්ඩුව ගැන නම් කතා කරලා වැඩක් නැහැ. බඩු මිල ඉහළ ගිහින්. මුළු රටම විදේශිකයන්ට විකුණා දානවා. අපි හැ¥ ව්‍යාපෘති විකුණා දැම්මා. නූපන් දරු පිරිසට අයිති දේපළ විකුණන්න මේ අයට අයිතියක් නැහැ. අවුරුදු පහකට එන ආණ්ඩුවකට ඉපදෙන්න ඉන්න දරුවන්ට අයිති දේපළ විකුණා දාන්න අයිතියක් නැහැ. ඔබලා දන්නවා රටේ ප‍්‍රශ්න ගැන දන්නවා. පොහොට්ටුව වටා සියලූම දෙනා ඒකරාශී වෙලා ඉවරයි. වැඩ කරන්න පුළුවන් මිනිහෙක් මේ රටේ ජනාධිපතිවරයා කරන්න.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා – රනිල්ගේ ආණ්ඩුව සජිත්ගේ නියෝජ්‍ය නායකත්වයෙන් මේ රට බංකොලොත් කළා. මේ කාලය තුළ ආර්ථික, ආධ්‍යාත්මික හා දේශපාලන වශයෙන් අගාධයට ඇද දැමූ මේ ආණ්ඩුව කණෙන් අල්ලා දොට්ට දැමීමේ කාලය එළැඹ තිබෙනවා. රයිගම් කෝරළේ ජනතාව මාතෘ භූමියේ ජයග‍්‍රහණයට ජනවරම පාවිච්චි කර ශක්තිය දුන්නේ වරක් දෙවරක් නොවේ. මේ දේශද්‍රෝහී ආණ්ඩුව නොබැඳි ප‍්‍රතිපත්තිය කෙළෙසා රට ජාත්‍යන්තරයට විවර කළා. එනිසා හිතෙන හිතෙන වෙලාවට අප රටට ඇවිල්ලා යන්න විදේශීය හමුදාවලට අවස්ථාව උදා වෙලා තිබෙනවා.

සජිත් ක‍්‍රියාත්මක කරන්නෙත් රනිල්ගේ ප‍්‍රතිපත්තියයි. කඩාවැටුණු රට නැවත ගොඩගත හැක්කේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයකට පමණයි. මේ ආණ්ඩුවට විදේශීය වෙළෙඳ ප‍්‍රතිපත්තියක් නැහැ. අද තේ කර්මාන්තය කඩාවැටිලා. තේ කර්මාන්ත ශාලා ගණනාවක් වැසී ගිහින්. ලෝකයට සරිලන තරමට තේ නිෂ්පාදනය කරන්න වත්මන් ආණ්ඩුවට බැහැ. අද ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන්නේ අපේ රටයි. නමුත් අපි පිටරටින් කුරුඳු ගෙන්වනවා. දේශීය නිෂ්පාදකයන් කඩාවැටිලා. අපනයනය නිෂ්පාදනය වැඩි කිරීම තුළින් මේ රට නැංවිය හැකියි. නමුත් ආණ්ඩුවට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා එළැඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට තේරෙන භාෂාවෙන් උත්තර දීමට ජනතාව සූදානම් විය යුතුයි. ඒ සඳහා රටේ සියලූම ජනතාව මඟ බලාගෙන සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා – ජාතියේ ඉරණම තීරණය කරන දවස නොවැම්බර් 16 වැනිදායි. 17 වැනිදා ඉරපායන විට අතිබහුතරයකින් රටේ 7 වැනි විධායක ජනාධිපති අන්තවාදයට වැටබඳින නායකයෙක් ඉල්ලන වේලාව, සියලූ ජාතීන්ට ආරක්‍ෂාවක් තිබෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ළඟ පමණයි. සහරාන්ලාගේ බෝම්බවලින් වෙළී තිබෙන රටක්. එවැනි තත්ත්වයක් තුළ රට ඉල්ලන එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි.

නැගෙනහිරත් අද දෙමළ ජනයාත්, සාමයට ලැදි මුස්ලිම් ජනතාව වෙන කවදාටත් වඩා අප සමඟ සිටිනවා. මුස්ලිම් ජනතාව මත අයිඑස් බෝඞ් එක එල්ලූවේ මේ රජයයි. ඒ බෝඞ් එක ගළවන්න පුළුවන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පමණයි. සියලූ ජාතීන් එක ලක්මාතාවක් තුළ ඒකරාශී වන දිනය නොවැම්බර් 16 වැනිදා පමණයි. ඇල්පිටියෙන් මුල් පිටුව පෙන්වූවා. මේ රටේ අද කඳවුරු දෙකයි තිබෙන්නේ. එක කඳවුරක් තමයි අන්තවාදී සහරාන්ලාගේ, දේශද්‍රෝහී කඳවුරයි. අනික් කඳවුර දේශපේ‍්‍රමී කඳවුරයි. අපේ ළඟ අන්තවාදී සහරාන්ලා නැහැ. මේ රටට අවශ්‍ය කොළ කඩ කඩ බොරුවට දෙන ජනාධිපතිවරයෙක් නෙමෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා -හමුදාපති කෙනෙක් පමණක් ඉඳලා යුද්ධය දිනන්න බැහැ. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට අනුව තමයි යුද හමුදාපතිවරු කටයුතු කරන්නේ. කොටි සනසන ප‍්‍රතිපත්ති වෙනුවට කොටි නසන ප‍්‍රතිපත්තිය ගෙනාවේ මහින්ද රාජපක්‍ෂයි. එතුමා තමයි ජාත්‍යන්තරයට මුහුණ දුන්නේ. යුද්ධයට අණදුන් සේනාධිනායකයා තමයි ඊළඟ අගමැති වෙන්නේ. සටන් විරාම කුඩුපට්ටම් කළේ අපේ අනාගත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය මහින්ද – ගෝඨා සුසංගයෙන් උදුරා ගන්න කාටවත් බැහැ. පසුගිය අවුරුදු කාලයේ රට එකතැන පල්වුණේ ජනපති අගමැති ගැටුම නිසයි. ජාතිකවාදී ජනාධිපතිවරයෙක් තමයි මෛත‍්‍රිපාල සිරිසේන. නමුත් අගමැතිවරයා රට විකුණන් කන නව ලිබරල් ප‍්‍රතිපත්තියේ කටයුතු කළේ. රටක් ඉදිරියට යන්න නම් ජනාධිපති අගමැති සුහදව කටයුතු කළ යුතුයි. සමගියෙන් සිටින අයියයි මල්ලියි තමයි ජනපති අගමැති වෙන්නේ. බොරු ප‍්‍රචාර ගෙන ගියත් ඒ දෙන්නව වෙන් කරන්න නම් බැහැ. තාම සජිත් අගමැතිවරයා නම් කළේ නැහැ. සජිත්ගේ අගමැති අපේක්‍ෂකයා කවුද? රනිල් ද? මංගල ද? රවී ද? වහාම රටට හෙළිකරන්න. නැතිනම් බැඳුම්කර හොරකම් කළ සල්ලි ජනාධිපතිවරණයට දුන් අර්ජුන් මහේන්ද්‍රන් ද? අපේ රට අධිරාජ්‍යවාදී කඳවුරෙන් බේරා

ගන්නවාද කියන තීන්දුව තිබෙන්නේ නොවැම්බර් 16 වැනිදා. රට ඉරණම වෙනස් කරන නිවැරදි තීන්දුව ගත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටා සියලූ දෙනා එකතු විය යුතුයි.

පියල් නිශාන්ත ද සිල්වා මහතා – අද මේ රට දැවැන්ත අර්බුදයක තිබෙන්නේ. එක පැත්තකින් ආර්ථික අර්බුදයක්. අනික් පැත්තෙන් කාලකණ්ණි දේශපාලන වශයෙන් අර්බුදයකට ඇදදාලා තිබෙනවා. ගොවි ජනතාව විශාල වශයෙන් අපහසුතාවකට පත්වෙලා. රබර්, තේ වලට මිලක් නැහැ. කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන මේ පළාතේ ජනතාව දැඩි පීඩනයකට ලක් වෙලා. ආර්ථික ඔස්තාර්ලා මේ රට නන්නත්තාර කළා. සමාජයීය වශයෙන් අද අන්තවාදය, මූලධර්මවාදය රට ගිලගෙන, එහි ගොදුරක් වශයෙන් ජීවත් වීමට ජනතාවට සිදුවෙලා තිබෙනවා. හන්දියක් හන්දියක් ගානේ ජනතාව මරන පාතාල ක‍්‍රියාකාරකම් වැඩි වූ රටක් බවට යළිත් මේ රට පත් වෙලා. මත්කුඩුවලින් තරුණ පරම්පරාව ගිලගෙන. හරියට පේ‍්‍රමදාස නින්දෙන් නැගිටලා විකාර දොඩවන නායකයෙක් බවට පත්වෙලා. දැන් ඔහු සුපුරුදු ජවනිකාව පටන් අරන්.

ගෝල්ෆේස් පිටියේදී උස කෙනාට සිකුරිටි ජොබ් එක දෙන්න හදනවා. මාතර පොඩි එකාට කම්කරු දෙන්න හදනවා. ගම්පහට ගිහින් ක‍්‍රීඩා ඇමැතිකම දෙන්නේ අර්ජුනට කියලා කියයි. යන යන තැන්වල ඔලූ ගෙඩි දකින දකින පාරට සජිත් විකාර දොඩවනවා. අද තුන්වේල කන්න බැරි කී දෙනෙක් ළිංවලට පැන්නද? සජිත්ලාගේ ආණ්ඩුවේ හොඳකම නිසයි එවැනි ඛේදවාදචක ඇති වුණේ. වැඩබැරි සජිත්ට නොවැම්බර් 16 වැනිදා ජනතාව පාඩමක් උගන්වයි. ඒකේඞී කියන්නේ අලියට කඬේ යන දිසානායක. ඔහු අද කරන්නේ රාජපක්‍ෂලාට මඩ

ගැසීමයි. දරුවන් අමුඅමුවේ මරා ලයිට් කණුවල එල්ලූ, ටයර් සෑ යුගය මේ රටේ ජනතාව අමතක කරලා නැහැ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විධුර වික‍්‍රමනායක මහතා – ගෝඨාභය රාජපක්‍ෂ මහතා නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා. අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් වෙනවා. ඒක නේද අවශ්‍ය. මේ රටේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියනවා අගමැතිවරයා. ලක්‍ෂ හතරක් විතර දැන් වොක්ස්වැගන් කොම්පැනියේ වැඩ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් වෙලා මොනවාද කළේ? මේ අයනේ වැඩ කළේ. දැන් දාලා තිබෙනවා බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක්. ඒකේ වැඩ කරනවා ලක්‍ෂ හතරක් විතර. මත්තල වී ගබඩාවේ ලක්‍ෂ හතරක් විතර වැඩ කරනවා.

මෙන්න මේ අයගේ සංවර්ධනය. අඩුම තරමේ හොරණ පොළවත් හදලා දෙන්න බැරි වුණා. පවුල තමයි රටක ශක්තිය. අඩු නැතිව ශක්තිය රාජපක්‍ෂ පවුලෙන් රටට ලැබෙනවා රටේ සංවර්ධනයට. ඡුන්ද ඉල්ලන ඇතැමුන් රජ වෙලා. වෙස්වලාගෙන යනවලූ. අපිට අවශ්‍ය රට සංවර්ධනය කරන වැඩපිළිවෙළක්. හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන නායකයෙක් තමයි අපට අවශ්‍ය. අද තරග කරන අපේක්‍ෂකයන් දෙස බැලූවාම සිංහයන් අතර කැණහිලූන් ඉන්නවා. මේ කැණහිලූන් බොරු ප‍්‍රචාර ගෙන යනවා. රට ඉදිරියට ගෙන යන නියම පුරුෂයෙක් තමයි

ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සර්ව ආගමික නායකයන්. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර යන මහත්වරුන්, ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *