විද්‍යුත් මාධ්‍යවේදියෙකුගේ නිවෙසට ප‍්‍රහාරයක්

විද්‍යුත් මාධ්‍ය වේදියෙකුගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරයකින් මාධ්‍යවේදියාගේ නිවසට අලාභානි සිදුවී ඇතැයි බව කොටදෙණියාව පොලිසිය පවසයි.
පසුගිය 12 වැනිදා අලූයම 1 ට පමණ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් කිසියම් පුපුරණ ද්‍රව්‍යක් අඩංගු පාර්සලයක් නිවසට විසිකරන අයුරුත් එය තප්පර කිහිපයකින් පුපුරා යන අයුරුත් නිවසේ තිබූ ආරක්ෂක කැමරා පද්ධති වල සටහන් වී ඇත. මේ අවස්ථාවේ නිවසේ මාධ්‍ය වේදියා , ඔහුගේ බිරිද සහ වයස අවුරුදු 2 ක් පමණ වයස කුඩා දියණිය නිවසේ සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැති බවත් නිවසට අලාභානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි. ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සිය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබ අතර පොලිස් නිළ සුනඛ අංශයේ ”චාලි” නැමති නිල සුනඛයා යොදා ගනිමින් අපරාධ කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. මේ ප‍්‍රහාරය කවුරුන් සිදු කලාද යන්න සොයාගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි
පසුගිය 29 වැනිදා මෙම මාධ්‍යවේදියාගේ නිවසට මදක් දුරින් වූ විරෝධතාවයක් ආවරණය කිරීමට මෙම මාධ්‍ය වේදියා සමග එම ස්ථානයට ගිය තවත් මාධ්‍යවේදියෙකුටද මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට දින දෙකකට පසුව රැුස්වීමකට සහභාගී වෙමින් සිටියදී ඉහත විද්‍යුත් මාධ්‍යවේදියාට කිසියමි පුද්ගලයෙක් හෝ පිරිසක් විසින් පහර දී ඇති අතර තුවාල ලත් මාධ්‍යවේදියා මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබා පැමිනීමෙන් පසුව කිසියම් පිරිසක් විසින් හෝ පුද්ගලයෙකු විසින් මෙම පිපුරුම සිදුකර ඇත.
සිද්ධිය පිළිිබ`දව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කටුපිටිය මහතාගේ උපදෙස් මත මීගමුව සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ අධීක්ෂණයෙන් කොටදෙණියාව පොලිස් සථානාධිපති පොලිස් පරික්ෂක බන්දුල ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *