ශ්‍රීලනිපයට හූ හඩ දීම වහාම නවතන ලෙස හිටපු ජනපති දැනුම් දෙයි!!!

යකඩ හඩ පරදන හූ හඩ නිසා ශ්‍රීලනිප නියෝජිතයින් අසරණ වෙලා

ඉදිරි ජනාධිපතිවරණයෙදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශව ඇති මොහොතක ගෝඨාභය දිනවන ජනරැළි වලදී කිසිවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට අපහාසාත්මක ලෙස කටයුතු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.මේ තත්වය ඉදිරියේදී පැවතුනහොත් තම ප්‍රතිවාදියාට එය අමතර වාසියක් වනවා සේම අනවශ්‍ය පීඩනයක් ඇතිකිරීමක් බවද පෙන්වා දී ඇත.

එහෙත් පොහොට්ටුවට සම්බන්ධ පාක්ෂිකයන් සහ ශ්‍රීලනිප මහජන නියෝජිතයින් අතර ඇති විරසකය කොවේ දමාවත් මැකිය නොහැකි බවයි ඒ නිසා හූ හඩ පාලනය කිරීම දැඩි අසීරු තත්වයකට පත්ව ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් සදහන් කර ඇත කෙසේ වෙතත් ඉදිරි මැතිවරණ වේදිකාවලදී මේ තත්වය කෙසේ හෝ පාලනය කර ගතයුතු බවත් ඔවුන්ගේ සහය අත්‍යවශ්‍ය මොහොතක එය දුරස් කරගැනීම අනුවන් ක්‍රියාවක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

මේ තත්යට මෑතකදී පොදුජන පෙරමුණට එකතුවූ ශ්‍රී ලනිප මන්ත්‍රී පිරිසට මෙන්ම බැදුන්කර විවාදයේදී අගමැතිට එරෙහිවවූ 16 කණ්ඩායමේ පිරිසටද මේ තත්වය උදාවීම නිසා ඔවුන් දැඩි කම්පනයට පත්ව ඇත .ගාල්ල දිස්ත්‍රික්කයේ චන්දිම වීරක්කොඩි 16 කණ්ඩායමේ ප්‍රබලයෙකි ඔහු වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය දුරයක් ලබා සිටි අතර ඔහුට ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ දැඩි කැපිල්ලක් ඇත.

මෙනිසා පොදුජන පෙරමුණ වට එකතුවූ සියලු මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී හූ හඩත් මහ මැතිවරණයකදී මනාපයෙන් පිළිතුරත් බලාපොරොත්තු විය යුතුය පොදුජන පෙරමුණ නිර්මාණය කරන මුල් අවස්ථාවේ එම පක්ෂය සහ කණඩායම දැඩිව විවේචනය කල කණ්ඩායමට පෙරලා ලැබෙන මෙම ප්‍රතිචාරය බලාපොරොත්තු විය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *