කොටකෙතන මව දියණිය ඝාතකයාට මරණ දඩුවම හිමිවෙයි!!!

පරිවේශණීය සාක්කි මත පමණක් පදනම් වූ නඩුව

2012 වර්ෂයේ ජනවාරි මාසයේ දී මෙරට ජනතාවගේ හදවත් කම්පා කරමින් රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකෙදියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ පුවත රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වන ලදී එම කාලසීමාව තුල රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ ජනතාවට මරණ බිය එකතු කල කල සීමාවක් වන ලදී.

මෙම ඝාතනය පෙර සහ පසු තවත් ඝාතන රැසක් මෙම ප්‍රදේශයේ සිදුවන ලදී එම නිසා කොටකෙතන ඇතුළු රත්නපුර ප්‍රදේශයම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂාවක් යෙදවීමටත් stf ආරක්ෂාවද අමතර ලබා දීමටත් කටයුතු කරන ලදී රටම් කම්පාකල මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දීර්ඝ විමර්ශනයක් සිදු කල අතර අදාල මරණයන්ට වගකිවයුතු චෝදනාවන්ට ලක්වූ අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මරණීය දඬුවම අද (15) නියම කළේය.

මෙම අපරාධය ඇසින් දුටු කිසිවකුත් නොමැති බවත් පරිවේශණීය සාක්කි මත පමණක් පදනම් වන මෙම නඩුවේ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් විත්තිකරුට මරණීය ද`ඩුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

වසර 5ක පමණ කාලයක් පුරා කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ මෙම සිද්ධියට අදාළව වසර 7 හමාරක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ පසුවු රත්නපුර කොටකෙතන මරණකාරිනියන්ගේ අසල්වැසි නිවසේ පදිංචිව සිටි ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාටය.

2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහේෂිකා සිල්වා මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *