අණ නොතකා ගිය ත‍්‍රී රෝද රථයට වෙඩි

සැකකටයුතු ලෙස පැමිණි ත‍්‍රී රෝද රථයක් නවත්වන ලෙස පොලීස්ය අණ දෙද්දීත් අණ නොතකමින් ධාවනය කල ත‍්‍රී රෝද රථයකට කොටදෙණියාව පොලිසිය විසින් සිදු කල වෙඩි තැබීමකදී එහි ගමන් ගත් එක් පුද්ගලයෙකු තුවාල ලබා දල් ගත කර ඇති බව කොටදෙණියාව පොලිසිය පවසයි. .
පසුගියදා(11* රාත‍්‍රී කොටදෙණියාව පොලිසිය විසින් කොටදෙණියාව ප‍්‍රදේශයේ රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී මීරිගම දෙස සිට සැකකටයුතු ලෙස පැමිණි ත‍්‍රීරෝද රථයට නවත්වන ලෙස පොලීසිය සංඥා කර ඇති අතර එම අණ නොතකා ත‍්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති බවත් මේ පිළිබ`දව සැක සිතූ පොලිසිය ත‍්‍රී රෝද රථය දෙසට වෙඩි තබා ඇත. වෙඩි තැබීමත් සමග ත‍්‍රී රෝද රථය නතර වී ඇති අතර රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයා වෙඩි වැදී මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
ත‍්‍රී රෝද රථයේ රියදුරු සහ එහි පිටුපස පැමිණි තැනත්තා නාවන ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් බවත් රියදුරු බීමත්ව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර රියදුරු ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ යාන්ත‍්‍රික පාබල රෙජිමේනතුවේ සේවයේ නියුතු හමුදා සැරයන් වරයෙකු බව පොලිසිය පවසයි.
රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමේ බැදුම්කරයක් මත මුදා හැර ඇති අතර 14 වැනිදා අද දින අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතය. රෝහල් ගත කල පුද්ගලයාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොටදෙණියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *