අවසන් මොහොතේ ගෝඨාභයට එරෙහි අතුරු තහනමක් එයි ද???

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් අභියාචනාධිකරණයේදී පැවරූ නඩුව නිෂ්ප්‍රභ කළද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරි පත් කිරීමට එම දෙපළ අපේකෂා කරනවා. අභියාචනාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හේතු දැක්වීමෙන් පසුව ‍එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමටයි ඔවුන් දෙපළ අපේක්ෂා කරන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාර දී මැතිවණ ප්‍රචාරක කටයුතුවල නිරත වුවද ඔහුට එරෙහිව අවසන් මොහොතේ හෝ අතුරු තහනම් නියෝගයක් ලබා ගත හැකි බවට ඔවුන් විශ්වාස කරනවා.

එවැනි අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගහතොත් ‍පොදුජන පෙරමුණ ප්‍රමුඛ රාජපක්ෂ දේශපාලන කඳවුර දේශපාලනික වශයෙන් දැඩි අර්බුදයකට ලක් වනු ඇති. ඒ මේ ‍එම පක්ෂය වෙනුවෙන්  ජනාධිපතිවරණයට අනුප්‍රාප්තිකයකු නොමැති වීම හේතුවෙනි. විශේෂයෙන්ම චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඇප තැම්පත් කළත් ඔහු නාම යොජනා භාර දුන්නේ නැහැ. මේ හේතුවෙන් හංසයා ලකුණින් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට සටනකින් තොර ජයක් හිමි වනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *